වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
කුළුබඩුවල ඖෂධීය ගුණය
අප්‍රේල් 15, 2022
විෂබීජ නැසීමේ හා රෝග නාශක ගුණයක් ඇති තුනපහවල නැතහොත් කුළුබඩුවල බෝවන රෝග හා බෝ නොවන රෝග මර්දනය කිරීමේ ශක්තියක් ද පවතී.
කුළුබඩුවල පවතින වාෂ්පශීලි තෙල්ගතිය නිසා සුවඳවත් ගතියක් පවතී. ප්‍රෝටීන්, මේද, කාබොහයිඩ්‍රේට්, කැල්සියම්, පොස්පරස්, යකඩ ඇතුළු විටමින් වර්ග රැසක්ම අන්තර්ගතව පවතී. එහෙත් එළවළු ව්‍යාංජනවලට කුළුබඩු යෙදිය යුත්තේ අධික ප්‍රමාණයෙන් නොව සුළු වශයෙනි. එමෙන්ම ලුණු ද වැඩිපුර යෙදවීමට කාන්තාවන් උනන්දු වෙනවා.
මස්, මාළු, එළවළු, මැල්ලුම්, සලාද ආදී ආහාර ද්‍රව්‍යවලට ඒ රසයට අනුව කුළුබඩු කොටස්වලින් යෙදවූවත් ලුණුනම් ඒ සෑම එකකටම අවශ්‍ය පරිදි යොදවනු ලබන්නේ ඉන් පවතින රසය වැඩි කර ගැනීමේ අරමුණ ඇතිවය. සෑම ව්‍යංජනයකම ලුණු දමා ලුණු වැඩිපුර පවතින ආහාර කෑමෙන් අධික රුධිර පීඩනය ඇති වේ. හදවත් රෝග සහ ආමාශ පිළිකා හට ගැනීමේ අවදානමක් පවතී. ශරීරයේ පැවැත්මට ලුණු සුළු ප්‍රමාණයක් අවශ්‍ය වේ. එම නිසා ව්‍යංජනවලට ලුණු එක්කළ යුත්තේ සුළු වශයෙනි. ලුණු මිශ්‍ර කිරීමේදී අයඩින් සහිත ලුණු භාවිතයට හුරු විය යුතු ය. අයඩින් අඩු වීමෙන් ගලගණ්ඩය මොළයේ වර්ධනය අඩු වීම කථන හා ශ්‍රවණාබාධ හා ශරීරයේ වර්ධනය අඩු විය හැකි ය.
අබ
ආහාර රසගැන්වීමට යොදනු ලබන අතර අබ රෝග රැසකටම ගුණදායක වේ. හුස්ම ගැනීමේ අපහසුතාව, ක්ලාන්තය, කැරකැවිල්ල, සිහිමඳගතිය, කක්කල් කැස්ස ද ශරීරයට ඇතුළුවන විෂ වර්ග නසාලීමේ සහ ශක්තිය වඩවන බී විටමින් මෙන්ම සින්ක්, යකඩ ආදී ඛනිජ වර්ගද පවතී. විටමින් බී, බී 2 මෙන්ම කැරොටින්, කැල්සියම්, මැග්නීසියම් ද අන්තර්ගතවේ. සෙම සමනය කරයි. බඩගින්න ඇති කරයි. බොහෝ කාලයක සිට අබ යොදා ආහාර වැඩියෙන් ගැනීමෙන් වාත රක්තය හා රත්පිත් රෝගවලට හේතු වේ.
ගම්මිරිස්
තද උෂ්ණගුණයෙන් යුක්ත වේ.
ආහාර දිරවීමේ ශක්තියක් ඇත. වාතය සෙම නසන ගුණයක් පවතී. ශ්වසන ආබාධවලට ගුණ වේ. දත්මුල දියවීමට හා පණු ගෙඩි ආදියටද ගුණවේ. ගම්මිරිස් ගිනියම් වේ. ප්‍රතිශ්‍යාව, කැස්ස, ඇදුම ආදී බෙහෙත් සඳහා යොදා ගනී. ගම්මිරිස් ඉතා සුළු ප්‍රමාණයක් මස්, මාළු, වෑංජනවලට එක්කිරීම සුදුසු ය.
උළුහාල්
දියවැඩියා රෝගය පාලනය කෙරේ. වාත දෝෂ සමනය කෙරේ. ස්නායුවලට හිතකර වේ. ආහාර රසවත් කරගැනීමට විශේෂයෙන් යොදනු ලැබේ. වේදනා නාශකයකි. උණ, අජීර්ණය, අරුචිය, වමනය, අර්ශස්, උදර ශුල, බඩ පිපුම, අතීසාරය ආදී රෝග රැසකටම ගුණදායකය.
කහ
විෂබීජ නාශක ගුණයක් ඇත. සමේ වර්ණය වර්ධනය කරයි. කහවල රෝග නිවාරණ බලයක් ද පවතී. ප්‍රතිශක්සිකාරක ගුණය ඉහළින්ම ඇත. තරුණ බව රැකීමේ හා වාතය හේතුවෙන් වැලඳෙන රෝග මැඬලීමේ ගතියක් පවතී. ව්‍යංජන වර්ණවත් කිරීම සඳහා බෙහෙවින් යොදා ගන්නා කහ ක්ෂුද්‍ර නාශක ගුණයෙන් යුක්තය. ආමාශගත රෝග රැසකටම ගුණවත් වේ. අනෙකුත් කුළුබඩුවලට වඩා කහ විශේෂත්වයක් වන්නේ චීස්, බටර්, මාගරින්, අච්චාරු, මත් පැන්, පලතුරු, කේක්, ජෙලි, සෝස් වර්ග මෙන්ම රූවලාවණ්‍ය ඖෂධ වර්ග හා ආහාර වර්ගද වර්ණ ගැන්වීමට යොදා ගන්නා බැවිනි.
කුරුඳු
සෙම් හා පිත් නැසීමේ ඉහළ ගුණයක් කුරුඳුවල ඇත. විෂබීජ නාශක ගුණයෙන් ඉහළ ස්නායුපද්ධති රෝගවලට මෙන්ම ආහාර ජීර්ණවලට බඩගින්න අඩු බවට බඩේ කැක්කුමට ආහාර අරුචියට හා ග්‍රහණි රෝගවලට ද ගුණදායක ය. දියවැඩියාව පාලනය කිරීමටත් කොලෙස්ටරෝල් අවම කිරීමටත් විෂබීජ නැති කිරීමටත් කුරුඳු සමත් වේ. මූත්‍ර ආසාදනවලට විටමින් සී, විටමින් ඊ, පොටෑසියම්, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම්, යකඩ හා ඛනිජ පදාර්ථ ද අන්තර්ගතව ඇත. සමේ ඇතිවන ආසාදන හා කුෂ්ඨ රෝගවලට ද ගුණාත්මක ඖෂධයකි. ආහාර ඉක්මනින් දිරවීමද පහසු කරයි.
කොත්තමල්ලි
කෝප වූ තිදොස් සමනය කිරීමේ ගුණයක් පවතී. මොළයේ ක්‍රියාකාරීත්වය පහසු කරයි. උෂ්ණ ගුණයෙන් යුක්ත වේ. ආහාර රුචිය වඩවයි. අම්ලපිත්ත රෝගයට බඩගින්න අඩුකමට ප්‍රතිශ්‍යාවට මුඛයේ දුර්ගන්ධයට ශරීරයේ පළුමතු වීමට, දියවැඩියාවට සුදුසුයි.
සූදුරු
ආමාශගතව පවතින විෂ දුරුකිරීමටත් පෙණහලුගත රෝගවලට මෙන්ම බඩගින්න ද ඇති කරවයි. ආහාර දිරවීම පහසු කරවන අතර මතකය අඩු වීමට හා වයසට යෑම පමා කරවීමේ ශක්තියක්ද පවතී. සිරුර ප්‍රාණවත් කිරීමේ හා උදරයේ ඇතිවන රෝග සමනය කිරීමේ බලයක් ද පවතී. රූපලාවණ්‍ය කටයුතුවලට ද යොදා ගන්නා සූදුරු ප්‍රතිඔක්සිකාරක ගුණයක් ද පවතී.
ඉඟුරු
කොලෙස්ටරෝල් පාලනයට හිතකර ඉඟුරු මධුමේහය රෝගීන්ටත් අධික තරබාරුවෙන් යුත් අයටත් ඉඟුරු සුවදායකත්වයක් ගෙන දේ. වමනයට සෙම්ප්‍රතිශ්‍යාවට වේදනා නාශ ගුණයෙන් හෙබි රූපලාවණ්‍ය කටයුතු සඳහා ද යොදා ගනියි.වේදනා නාශක ගුණයෙන් ඉහළ ඉඟුරු අර්ශස් රෝගීන්ටද ගුණදායක ය. ස්නායු උත්තේජනය කර වාතය ද සමනය කරයි.
දුරු
උණුසුම් වෙයි. විහිදුවන සුවඳක් පවතී. සෙම නසන හා කෘමි උවදුරු ඉවත් කරන ඖෂධයක් ද වේ.
ගොරකා
බඩේ අජීර්ණය දුරලයි. විෂ නසයි. පිළිකා මර්දනය කරයි. හිසරදය, කැරකැවිල්ල, මුඛය වියළීම, ගුණාත්මක වේ. මළපහ කිරීම පහසු කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. රුධිරගත අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි. පිළිකා ඇති වීමත් අවම කරයි.
කරපිංචා
කොලෙස්ටරෝල් පාලනය කරයි. කෑම අපි‍්‍රයභාවය බඩගින්න නැතිකමට බඩ පුරවා දැමීම ශරීරගත විෂට පණු රෝග, වමනයට කැරකැවිල්ලට අගනාම ඖෂධයකි. ආහාර රසවත් කරන කරපිංචාවල පෝෂණ ගුණ ගණනාවක් ම පවති.
සියඹලා
කෑම රුචිය ඇති කරයි. හෘද රෝගින්ට ගුණදායක වේ. කැස්සට ඇදුමට ගුණදායක වේ. මළබද්ධයට කැඩුම් බිඳුම්වලට මුඛ රෝගවලට ඇතුළු රෝග රැසකටම ගුණදායක ය.
කරාබු
කෑම අරුචිය, අජීර්ණය නසාලයි. හෘද දුබලතාවලට මෙන්ම සෙම් රෝග ශ්වාසය, හික්කා නසාලනු ලැබේ. සෙම දුගඳ බව නසාලන ගුණයෙන් ද යුක්ත වේ.
විවිධ රෝගාබාධ රැසකටම ගුණගෙන දෙන කරාබු නැටි, වාත කැක්කුමට විශේෂ වේ. සුදුලූනු, ආමාශගත රෝග සඳහාත් රුධිරගත රෝග සඳහාත් ඉතාම ගුණවේ. අධික වේදනාවට දියවැඩියාවට පණු රෝගවලට ස්නායු රෝගවලට මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කෙරේ.
සුදුලූනු
විෂබීජ නාශකයක්ද වෙයි. මිරිස් - සෙම්, වා සමනය කරයි. පිත් වඩයි. ගිනි වඩයි. ආහාර දිරවීම පහසු කරයි. වැඩියෙන් ගැනීම අහිතකර වේ. උදර රෝගවලට ගුණදායක වේ.
මොනරාගල සිරිගල
ආයුර්වේද වෛද්‍ය
මැණික් නේරංජනා හෙට්ටිආරච්චි
සටහන
එස්.එස්. එස්. ප්‍රනාන්දු
෴ සබැඳි ලිපි ෴
සුබසෙත පුවත්පතේ ආයුර්වේද ලිපි සම්බන්ධ ලේඛකයකු වන ආයුර්වේද වෛද්‍ය ඒ. සූරියබණ්ඩාර මහතා ආගමික කටයුතු සඳහා කළ කැපකිරීම් සහ ඔහුගේ වෛද්‍ය සේවය ඇගයීම සඳහා...
2025-01-16 18:30:00
සියලු සමීක්ෂණ වාර්තා තුළින් මාධ්‍ය, කලා, ව්‍යාපාරික ඇතුළු විවධ ක්ෂේත්රවල බිහිවූ ප්‍රථමයන් හා විශිෂ්ටයන් අගයමින් මෙවරත් “පීපල්ස් පිනකල්” සම්මාන රාත්...
2025-01-16 18:30:00
අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝානායක ගෞරවාර්හ පල්ලේගම හේමරතන නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිරි සිදුහත් භික්ෂු පදනම සහ...
2025-01-16 18:30:00
2024ලෝක ආයුර්වේද දින සැමරුම් උත්සව මාලාවේ එක් කොටසක් ලෙස, දේශීය වෛද්‍ය පීඨය විසින් සිසුන්ගේ නිර්මාණශීලීත්වය සහ ආයුර්වේද දැනුම ප්‍රදර්ශනය කරමින් කෙටි...
2025-01-09 18:30:00
ආයුර්වේද ආහාර පාලන තන්ත්ර මූලික මූලධර්ම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ සමාරම්භක උත්සවය පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයීය දේශීය වෛද්‍ය පීඨයේදී...
2025-01-09 18:30:00
නො. 28 2/4 පහළ මාපිටිගම, මල්වාන යන ලිපිනයේ පදිංචි ගුප්ත විද්‍යා ශාස්ත්‍රඥ ඩේවිඩ් මොරලියගේ මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. මිය යන විට 99 වියේ පසු වූ ඒ...
2025-01-09 18:30:00
පසුගිය දා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ සහයෝගිතා පදනම මඟින් සංවිධානය කරන ලද 2024 ගෞරව නාම සම්මාන ප්රදානෝත්සවයේදී ඡ්...
2025-01-09 18:30:00
සමස්ත ලංකා වෘත්තීය ඡ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ 3 වැනි වාර්ෂික සංවත්සර උත්සවය දෙසැම්බර් 21 සෙනසුරාදා වේල්ලවීදිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ශ්...
2025-01-09 18:30:00
ශ්‍රී ලංකා පත්රකලා සංගමයේ 69 වැනි සංවත්සරය පසුගිය දා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජයමුණි මහතාගේ ප්...
2024-12-26 18:30:00
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට වසර 105 ක් පිරීම නිමිත්තෙන් සැමරෙන ශාසන විරු දිනය ද අරමුණු කරමින් එම සම්මේලනයේ ආරම්භයේ සිටි ආදි කර්තෘවරුන් වෙත පින්...
2024-12-26 18:30:00
මෙරට පවතින දේශීය වෛද්‍ය ක්‍රම නිසි අයුරින් සංවර්ධනය කිරීමෙන් හා එය සංචාරක ව්‍යාපාරයට සමගාමීව සංවර්ධනය කිරීමෙන් වසරකට ඩොලර් මිලියන 8,500ක පමණ ආදායමක්...
2024-12-26 18:30:00
ශ්‍රී විසුද්ධාරාම ලුනාව දේවාල මහා විහාරස්ථානයේ නානුමුර මංගල්‍යය ආශිර්වාදාත්මක මහා පෙරහර දෙසැම්බර් මස 25 වැනි දින සවස 6.00ට පූජ්‍ය වීදියගොඩ පියනන්ද...
2024-12-19 18:30:00
සමස්ත ලංකා වෘත්තීය ඡ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ තුන්වැනි සංවත්සර උත්සවය දෙසැම්බර් 21 සෙනසුරාදා දින පෙරවරු 8.30ට කොළඹ වේල්ලවීදිය ප්‍රාදේශීය මහ ලේකම්...
2024-12-19 18:30:00
දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට සහ ශාසනයට විශාල ශාසනික මෙහෙවරක් ඉටු කළ පරදෙණියේ චන්දරතන හිමියන් කෑගල්ල දිස්ත්‍රික්කයේ විශාල කීර්තියක් ඉසුරු හිමිනමකි....
2024-12-12 18:30:00
ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ, මණිඅක්ඛික නා රජුගේ ආරාධනයෙන් තුන්වැනි වර කැලණිය පුදබිමට වැඩම කල දින, සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනය මත සමන්ගිරට වැඩම...
2024-12-12 18:30:00
මැදලන්ද ශ්‍රී විජයානන්ද මහ පිරිවෙන් විහාරයේ ආරාධනයෙන් පාරම්පරික හෙළ වෙද පවුර විසින් පසුගියදා පැවැත්වූ හෙළ වෙද දන්සැල
2024-12-05 18:30:00