සිංහ සමාජයෙන් අපේක්ෂා රෝහලට ඖෂධ

නොවැම්බර් 1, 2024

‘ලෝක ළමා දිනය’ වෙනුවෙන් කොළඹ ‘කළම්ඹු රෝයල්ටි සිංහ සමාජය’ මඟින් පසුගිය දින දිස්ත්‍රික්ක 306 සී1 ‘ජාත්‍යන්තර සිංහ සමාජයේ’ හිටපු සිංහාධිපති සිංහ පන්තක දාබරේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වටිනා ඖෂධ තොගයක්, මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරු දැරියන් සඳහා එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයසේකර මැතිතුමා වෙත පරිත්‍යාග කළ අවස්ථාවයි මේ. එම පරිත්‍යාගය සිදු කළේ සිංහ යමුනා සෙනෙවිරත්න විසිනි. පසුගිය වසර හතක පමණ කාලයක සිට ‘ලෝක ළමා දිනය’ අලලා ‘කළම්ඹු රෝයල්ටි සිංහ සමාජය’ මගින් මෙවැනි වටිනා ඖෂධ පරිත්‍යාගයන් සිදුකරනු ලබන අතර එදින එම උත්සවය සඳහා සිංහ සමාජයේ නිලධාරී මහත්ම මහත්මීන් රැසක්ද සහභාගීවී සිටියහ.

මේ ඡායාරූපයේ වමේ සිට දකුණට ‘කළම්ඹු රෝයල්ටි සිංහ සමාජයේ’ වත්මන් සභාපති සිංහ ප්‍රශාන්ත ජයකොඩි, ප්‍රවීන විද්‍යා ලේඛක / තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා, ලේකම් සිංහ තුෂාරි දිසානායක, කලාපීය සභාපති සිංහ ධම්මික ගුණසේකර, සිංහ දිල්රුක්ෂි දාබරේ, හිටපු සිංහාධිපති පන්තක දාබරේ, රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයසේකර, සිංහ රනුක බී. දිසානායක, සිංහ රොහාන් සමරදිවාකර සහ ඖෂධ ව්‍යාපෘතියේ නිර්මාතෘ සිංහ යමුනා සෙනවිරත්න යන මහත්ම මහත්මීහු මෙහි දැක්වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.