වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ඔබේ රුව වඩන දෙපා
ඔබට ලස්සන නිරෝගිමත් දෙපා යුගලක හිමිකාරයකු වීමට හැකිනම් එයින් ඔබේ රූ සපුවෙහි අගය වැඩිවන්නේ නිරායාසයෙනි.
ඔබ ඔබේ රූ සපුව ගැන කොතරම් සොයා බලනවාද? රූප සෝබාව වැඩිකර ගැනීමට කොතරම් උත්සාහ ගන්නවාද? ඔබේ හැඩරුව කෙනකු වර්ණනා කරයි නම් එය ඔබට කොතරම් සතුටක් ගෙන දෙනවාද?
ජීවිත කාලය පුරාම කිලෝමීටර් දහස් ගණනක් ඔබේ සිරුර ගෙනයනු ලබන්නේ ඔබේ දෙපා විසින්මයි. යන්ත්‍ර සූත්‍ර එක දිගට ක්‍රියා කරන විට ඒවා නිසි ලෙස නඩත්තු නොකළ හොත් ගෙවීයාමට සිදුවේ. ඔබේ දෙපාද නිසි ලෙස නඩත්තු නොකළ හොත් ගෙවී යාමට භාජනය වනවා මෙන්ම නොයෙක් රෝගාබාධවලටද ගොදුරු වේ.
පාදවල ආබාධ ඇතිවන්නේ කෙසේද?
පාදවල ආබාධ බොහෝමයක් තමා විසින්ම ඇතිකර ගන්නා ඒවාය. මෙවැනි ආබාධ අද සමාජයේ බහුලය. ඒවා සුවකර ගැනීමටද ඔබ වෙහෙස විය යුතුය.
නොගැලපෙන පාවහන් පැලඳීම
තමාගේ දෙපයට නොගැලපෙන තද පාවහන් නවීන විලාසිතා අනුව තෝරා ගැනීමට වැඩිපුරම යොවුන් කාන්තාවන් නැඹුරු වී ඇත. මේවා පැළඳීමෙන් කල්යත්ම පාදවල නොයෙකුත් ආබාධයන් හටගනී.
අඩි උස පාවහන් පැළඳීම
අද සමාජයේ බහුලව පවතින විලාසිතාවකි. මේවා පැළඳීමෙන් තමාගේ සිරුරේ බර දෙපා හරහා ගමන් කරන සාමාන්‍ය ආකාරය වෙනස් වේ. මෙසේ වෙනස් වීමෙන් දණහිසෙන් පහළ නොයෙක් ආබාධයන් ඇතිවේ.
දනිස් සන්ධි වේදනාව
බත්කෙන්ඩ වේදනාව
විලුඹ සන්ධි වේදනාව
පාදයේ ඇඟිලිවල වේදනාව
මේවා බොහෝ කල් පවතින වේදනාවන් වේ. සමහර අයට මේ කැක්කුම දවස පුරා ඇතිවේ. මේ තත්වයෙන් මිදීමට නම් ඔබ අඩි උස පාවහන් පැළඳීමෙන් වලකින්න.
ඉරුණු මේස් පාවිච්චි කිරීම
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
උපදෙස්වි ශේෂඥ වෛද්‍ය රමණී ස්වර්ණකාන්ති තිරාණගම
විශේෂඥ වෛද්‍ය දේවපි‍්‍රය අභයවර්ධන
සටහන
ජයන්ති කුරේ