2024.09.30 සඳුදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 30, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.02
රාහු කාලය - උදේ 07.29 - 09.00
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. හදිසි ගනුදෙනුවකට යොමුවීමට ඉඩ ඇත. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

වෘෂභ

වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. නිතර අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වයි. මිහිරි ආහාරපාන කෑමට හිමිවන දිනයකි.

මිථුන

උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර පතයි. තරග විභාගයක් වෙනුවෙන් දුරපළාතකට යාමට සිදුවෙයි. අමතර ලැබීම් සහිත දිනයකි.

කටක

විශේෂ සැලසුමකට අත ගසයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. නින්දයාම අඩුකම පීනස වැනි රෝගාබාධවලින් පිඩා අත්කරන දිනයකි.

සිංහ

නිතර හිත අදහස් වෙනස් කරයි. වෙනදාට වඩා කේන්තියන ස්වභාවයකින් පසුවන බවක් පෙනේ. ආගමික සැලසුමකට සම්බන්ධවීමට කටයුතු සැලසෙන බවක් පෙනේ.

කන්‍යා

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. වගකීම් බහුල දිනයකි. හිසේ ආබාධයක් හේතුවෙන් පීඩා අත් කරයි. අමතර අදායම් මාර්ග හිමිකරන කටයුතු කීපයක් යෙදේ.

තුලා

අතමිට මුදල් ගැවසෙන කටයුතු කීපයක් යෙදේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

වෘශ්චික

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. තැන්පත් ධනය වැයවන දිනයකි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.

ධනු

විශේෂ හිතවත්කමකට මඟ සැලසේ. අමතර වියදම් බහුල කරන දිනයකි. චර්මගත ආබාධයකින් පීඩාවිඳින බවක් පෙනේ.

මකර

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. මවු පාර්ශවයෙන් උපකාරයක් හිමි කරයි.

කුම්භ

පැවැති ගැටලුවකින් නිදහස උදා කරයි. වෙනදාට වඩා අතමිට සරු කරන බවක් පෙනේ. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

මීන

ආගන්තු සත්කාරයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. පැවැති අසනීපයකින් සුවයට හිමිකරයි. හදිසි ගනුදෙනුවකට පැටලීමට ඉඩ ඇති බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.