2024.09.27 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 27, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.04
රාහු කාලය - උදේ 10.30 - 12.02
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. නොසිතූ ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි.

වෘෂභ

හිතුවක්කාර ගති පැවැතුම් ඉස්මතු කරන බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.

මිථුන

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. නිතර ඇතිවන සෙම් ගතිය හේතුවෙන් ප්‍රතිකාර පතන බවක් පෙනේ. අන්සතු ලැබීමකට හිමිකම් ඇති කරන දිනයකි.

කටක

ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. උදරගත ආබාධයක් හේතුවෙන් පීඩා විඳින බවක් පෙනේ. ආහාරපාන ගැනීමේ දී සැලකිලිමත් වන්න.

සිංහ

වෙහෙසකාරී දිනයකි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන දිනයකි.

කන්‍යා

තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. හිතවතකු සමඟ හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසේ. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි.

තුලා

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් කරයි. හදිසි ගමනක් හේතුවෙන් යොදා ගත් සැලසුමක් වෙනස් කරයි. නොසිතූ ජයග්‍රහණයකට හේතු සැලසෙන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අමතර ලැබීම් හිමිවුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර භාෂාවක් ඉගනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදා කරන දිනයකි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු සිදුකරන දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. හදිසි දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. අතමිට සරුකරන දිනයකි.

මීන

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. තැන තැන ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වගකීම් බහුල දිනයකි. හදිසි ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.