2024.09.26 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 26, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.05
රාහු කාලය - දවල් 01.32 - 03.04
සුබ දිශාව - උතුර

මේෂ

තරමක කලබලකාරී ගතිපැවැතුම් ඇති කරන දිනයකි. පවුලේ කටයුතුවලදී කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. ආගමික සැලසුමකට අතගැසීමට අවස්ථාව උදා කරයි.

වෘෂභ

වගකීම් බහුල කරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. හදිසි ප්‍රතිකාර පතන දිනයකි.

මිථුන

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. නැති වූ දෙයක් නැවත හිමිකරන දිනයකි. වගකීම් බහුල කරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

කටක

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත් වී සිටීම යහපත් කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

සිංහ

උත්සාහයේ තරමට ප්‍රතිපල උදා නොකරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතුවිය හැකිය. ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි.

කන්‍යා

අමතර ලැබීම් සහිත මාර්ග කීපයක් යෙදේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත.

තුලා

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. මව්පස ඥාතියකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ.

වෘශ්චික

අවිවේකී දිනයකි. වියදම් බහුල කරයි. නොසිතූ සතුරු කරදරයකට මුහුණදීමට සිදුවන බවක් පෙනේ. ඥාති හිතවත්කම් අලුත් කරයි.

ධනු

එදිනෙදා කටයුතු කෙරෙහි විමසිලිමත් වන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. විසිතුරු දේ මිලදී ගැනීමට සිත පෙළඹෙන දිනයකි.

මකර

ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි.

කුම්භ

නැතිවූ දෙයක් නැවත හිමිකරයි. පිනට දහමට ළැදි දිනයකි. උසස් ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබේ. සිතේ සැහැල්ලුවෙන් දවස ගත කරයි.

මීන

විශ්වාසය බිඳ වැටීමත් සිදුකරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇත. දුරඥාතියකු තමා සොයාගෙන එන බවක් පෙනේ. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.