2024.09.29 ඉරිදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 29, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.03
රාහු කාලය - සවස 04.32 - 06.03
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

විශේෂ සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් කරන දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරයි.

වෘෂභ

පැරැණි හිතවත්කම් අලුත්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. විදෙස් ගත සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

මිථුන

නිතර අලුත් දේ ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙනේ. දරුවකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදුවෙයි. පුණ්‍ය කටයුතුවල නිරතවන දිනයකි.

කටක

නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. වයසින් අඩු අය සමඟ ඇසුරකට කටයුතු උදා කරයි. පවුලේ අය වෙනුවෙන් කැපවීම් වැඩිකරන දිනයකි.

සිංහ

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි. වංචා රැවටීමකට හසුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. අමතර ලැබීම සහිත දිනයකි.

කන්‍යා

අලුත් බලාපොරොත්තු ඇති කරන කටයුතු කීපයක් යෙදේ. නිතර පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි. ගතට සිතට සැනසිල්ල උදා කරන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.

තුලා

සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසීම් වැඩි කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. අවිවේකී බවක් ඇති කරන දිනයකි.

වෘශ්චික

සමාජයේ ප්‍රසිද්ධියට කරුණු සැලසෙන කටයුතු කීපයක් යෙදේ. නිතර අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදා කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.

ධනු

පැවැති අපහසුතා කීපයක් මඟ හැරී යයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. සතුට සැනසීමට කරුණු ඇති කරන දිනයකි.

මකර

පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. තැන්පත් ධනය වැයවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු සිදුකරයි.

කුම්භ

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ සැලසුමක් සාර්ථක කරන දිනයකි.

මීන

ප්‍රමාද වූ බලාපොරොත්තු ඉටුවන ලකුණු පෙනේ. අන්සතු වස්තු ලාභයකට වෙහෙසෙන දිනයකි. ආගමික භක්තියෙන් කටයුතු කීපයක් සිදුකරන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.