2023.12.23 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 23, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.18
ඉර බැසීම - ප.ව. 06.01
රාහු කාලය - උදේ 09.13 - 10.42
සුබ දිශාව - දකුණ

 

මේෂ

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් වන්න. අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. අජීර්ණ ආබාධයක් හේතුවෙන් හදිසි ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ.

වෘෂභ

ගේ දොර කටයුතු සම්බන්ධ සැලසුම් කීපයක් ඇති කර ගන්නා බවක් පෙනේ. නිතර අලංකාර දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. නොසිතූ පාඩුවක් සිදුවිය හැකි දිනයකි.

මිථුන

ලිපි ලේඛන ගැටලුවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. නිතර අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. අලුත් හිතවතකු දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරන දිනයකි.

කටක

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. ජලයෙන් පීඩා ඇතිවිය හැකි දිනයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. ගේ දොර සැප පහසුව අඩුකරන බවක් පෙනේ.

සිංහ

ගේ දොර වගකීම් බහුල කරයි. සහෝදරයකු සමඟ ඇතිවන ගැටලුකාරී බවක් දුරදිග යයි. නිතර වැයපස අධිකවන දිනයකි. අසල්වැසියන් සමඟ සිදුකරන බහින් බස්වීමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි.

කන්‍යා

හිතවත්කම් අලුත් කරන දිනයකි. නිතර පියපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ආගමික සැලසුමක් හේතුවෙන් දුර පළාතකට යාමට හේතු ඇති කරයි. ප්‍රමාද වූ ණය ගනුදෙනනුවක් විසඳා ගැනීමට මඟ සැලසේ.

තුලා

සැළසුම් සහගත කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. නිතර පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න. වගකීම් බහුලවන දිනයකි.

වෘශ්චික

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. නිතර කේන්තියන ස්වාභාවයකින් කටයුතු කරන බවක් පෙනේ. හදිසි තීරණයක් තමාට අවාසි සහගත තත්ත්වයක් ඇති කරයි.

ධනු

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවක් කල්දැමීමට සිදුවේ. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. දුර ගමනකට සැලසුමක් ඇති කර ගනී.

මකර

වගකීම් බහුලවන දිනයකි. තමාගේ සැලසුම් කීපයක් ප්‍රමාද කිරීමට සිදුවේ. නිතර සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුරදිග සිතා බලන්න.

කුම්භ

ලැබීම් අතින් යහපත් වුවත් වැය පස අධිකයි. නොසිතූ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. සමාජීය කටයුතු හේතුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ.

මීන

වෙනදාට වඩා උදාසීන ලෙස කටයුතු ආරම්භ කරයි. යටපත් වූ සෙම් රෝගී තත්ත්වයක් නැවත මතු කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සංවිධානය වන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.