2024.05.19 ඉරිදා - ලග්න සහ රාහු කාලය

මැයි 19, 2024

 

ඉර උදාව - පෙ.ව. 5.53
ඉර බැසීම - ප.ව. 06.21
රාහු කාලය - සවස 04.47 - 6.21
සුබ දිශාව - දකුණ

 

මේෂ

ඥාතීන් අතර සුහදතාවයට කරුණු ඇති කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙනේ. ගැටලු කීපයකින් නිදහස සැලසෙන දිනයකි.

වෘෂභ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පියපස ඥාතියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. හදිසි ලැබීම් සහිත දිනයකි.

මිථුන

අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වගකීම් බහුල දිනයකි. ලිපි ලේඛන ගැටලුවකට මුහුණපායි. උදර ගත ආබාධයකින් පීඩා විඳින දිනයකි.

කටක

සිතේ චංචල ගතියෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන බවක් පෙනේ. අමතර ලාබ ගෙනදෙන මාර්ග කීපයක් යෙදෙන දිනයකි.

සිංහ

උත්සාහයෙන් කටයුතු සිදුකරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරයි. අමතර වියදම් බහුල දිනයකි. අසල්වැසි සුහදතාවයට බාධා ඇති කරන බවක් පෙනේ.

කන්‍යා

බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අමතර වියදම් බහුල කරන දිනයකි. අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරයි.

තුලා

ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදු කරයි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ ගනුදෙනුවක් සාර්ථක කරන බවක් පෙනේ. වෙනදාට වඩා දුරදිග සිතා බලන්න.

වෘශ්චික

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. පැවැති වගකීමකින් නිදහස උදා කරයි.

ධනු

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. දුරගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා දිනයකි.

මකර

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති දිනයකි.

කුම්භ

අමතර ලැබීම් අතින් යහපත් කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් මූලිකත්වයක් ගැනීමට සිදුවේ. පැවැති දතක ආබාධයක් සුව අතට හැරෙන දිනයකි.

මීන

සැලසුම් කීපයක් සාර්ථක කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙනේ. ඥාති මිත්‍රාදීන් අතර කැපී පෙනෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.