2023/12/13 බදාදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 13, 2023

 

ඉර උදාව පෙ.ව. 06.02
ඉරබැසීම ප.ව. 05.56
රාහු කාලය දවල් 12.04 - 01.32
සුබ දිසාව – උතුර

 

මේෂ

වගකීම් බහුල කරමින් දවස උදා කරයි. පවුලේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු කරන දිනයකි.

වෘෂභ

අමතර කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. සිතට සතුට ගෙන දෙන කරුණු කීපයක් සිදු කරයි. සමාජසේවා කටයුතුවලට යොමුවන දිනයකි.

මිථුන

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකවීමට ඉඩ ඇත. කෑම බීම පිළිබඳ සැලකිලිමත් වන්න.

කටක

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු සැලසේ. එමෙන්ම ප්‍රභූන් හා ඇසුරට කටයුතු උදා කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

සිංහ

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොකරයි. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වචන පාවිච්චියේදී සැලකිලිමත්වන්න.

කන්‍යා

ලැබීම් අතින් තරමක් දුරට යහපත් බවක් පෙන්නුම් කරයි. නිතර ඇතිවන උරහිසේ වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගන්නා දිනයකි.

තුලා

සිතේ සතුටින් කටයුතු කර ගැනීමට අවස්ථාව උදාකරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන දිනයකි. සුළු සුළු තුවාල සීරීම් සිදුවිය හැකි බවක් පෙනේ.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් උදා කරයි. පවුලේ අයගේ අප්‍රසාදයට පත්වන බවක් පෙනේ. දුර දිග බලා කටයුතු කරන්න.

ධනු

පැවැති නොසන්සුන්තා කීපයක් මඟහැරී යයි. ගේ දොර කටයුතු පිළිබඳ වෙහෙසෙන දිනයකි. රැකියාවේ වගකීම් වැඩි කරන බවක් පෙනේ.

මකර

අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. කණ්ඩායම් වැඩසටහනකට සම්බන්ධවීමට කටයුතු උදා කරයි. සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරන කටයුතු කීපයක් යෙදේ.

කුම්භ

ගතට සිතට සතුට සැනසීම උදා කරයි. දරුවකු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. නිතර ප්‍රභූන් හා ඇසුරට කටයුතු උදා කරන දිනයකි.

මීන

වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු සිදු කරයි. පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. රැකියාවේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.