වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
සිංහල අවුරුද්ද
සිංහල අලුත් අවුරුද්ද සිහිවනවිට අපිට මතක්වෙන්නෙ ගත සිත කට පිනවන රසකැවිලි වලින් පිරුණ කෑම මේසයකි.
සිංහල හින්දු සියලුම ශ්‍රී ලාංකික වැසියන් එකම නැකතකට වැඩ අත් හරින එකම නැකතකට ලිපගිනි දල්වන ආහාර පිසීම සංකේතවත් කරමින් කිරි උතුරවන එකම වේලාවකට වැඩ අල්ලන ගනුදෙනු කරන ඉගෙන ගන්නා ළමුන් අධ්‍යාපන කටයුතු කරන ,ආහාර අනුභව කරන, හිස තෙල් ගාන හා ස්නානය කරන එකම දිනය මෙම සිංහල අලුත් අවුරුද්දයි. හෙළ සිරිතට විරිතට අවුරුද්ද සමරන ඔබ සුවයෙන්ද සතුටින්ද අවුරුදු අසූවකට එහා ජීවත් වූඅයට නොතිබූ ඊට මෙහා ජීවත්වන අයට නොයෙක් නොයෙක් රෝග හැදුණේ ඇයිද යන්න අවුරුදු කෑම මේසය සකස් කරන්නට පෙර සිතා බැලීම වැදගත් .එසේ නම් පසුගිය අවුරුද්ද පුරාවටම අපේ ගත සිත ලෙඩ කරපු ආහාර වට්ටෝරුව අත්හැරීමට කාලය ඇවිත්ය.
අද මොනතරම් රසවත් ආහාර පාන තිබුණත් වැඩි දෙනෙක් ඉන්නෙ ඉතාමත් දුකෙන්. මට කොලෙස්ටරෝල් තෙල් කෑම කන්න හොඳ නැහැ. මට දියවැඩියාව පැණිරස කන්න හොඳ නැහැ. චූටි පුතාලට දුවලට සීතල කෑම හොඳ නැහැ. සෙම, චූටි පුතා ඔයා බර වැඩියි. තෙල් කෑම පැණි රස කෑම හොඳ නැහැ. වැඩිහිටියන්ටත් මහත වැඩිනිසා ඒ තහංචියමයි. ඒ මදිවට දැන් තවත් රෝගයක් ඇවිත් වකුගඩු නරක් වෙලා. මුකුත්ම කන්න හොඳ නැහැ. පිළිකාවත් ඔය අතරට පැමිණි භයානක රෝගයක් මට බබාලා පමාවටත් හේතුව බඩේ තෙල් තැන්පත් වෙලා ඩිම්බ මෝරන්නේ නැහැ. මෙබඳු රෝග ගෙනෙන ශරීරයට අහිතකර තෙල් වර්ග වලින් තොරව පොල් තෙල් වලින් රසකැවිලි සකස් කර ගන්න පැරැන්නෝ තෙල් කෑම, බැදුම් කෑම ආහාරයට ගත්තා. ඔවුන්ට ඉහින් බහින රෝගයක් තිබුණේ නැහැ. මහා යෝධ වැඩ කළා. අවුරුද්ද කියන්නේ එක් අයෙකු පමණක් තනිව කරන අවස්ථාවක් නොවේ. අම්මා පෙරටු කරගෙන තාත්තා දුවා දරුවන් ඥාති හිත මිත්‍රාදීන් එක්ව කටයුතු කරන උත්සව කාලයයි.
අලුත් අවුරුද්දෙදි ප්‍රධාන චරිතය වන්නේ ගෘහණිය හෙවත් අම්මාය. එසේ නම් අම්මාට ලොකු වගකීමක් පවතිනවා සැමගේ නිරෝගී බව රැකෙන අන්දමට පෝෂ්‍යදායක ආහාරපාන සකස් කරන්නට ඇය නිවස හා අවට ශුද්ධ පවිත්‍රතා කරනවා නිවසේ ලිප ඇතුළු කැඩුණු තැන්, බිඳුණු තැන් පිළිසකර කරනවා. එසේනම් මෙයින් සංකේතවත් වන්නේ පවුලේ සාමාජිකයින්ගේ ජීවිත නිරෝගිමත් කිරීම නොවේද? පවුලේ සාමාජිකයන් පමණක් නොව ඥාති හිත මිත්‍රාදීන් අමනාප දුරුකර මානසික සුවයද එක්කරමින් එක්වන්නේ මෙන්න මේ වාසනාවන්ත වසන්ත සමය තුළයි. එසේනම් අම්මාට ලොකු වගකීමක් පවතිනවා සැමගේ නීරෝගිබව රැකෙන අන්දමට පෝෂ්‍යදායක ආහාරපාන සකස් කරන්නට අවුරුද්ද කිට්ටු වනවිට කොවුල් නදින් කනට මිහිරක් එක්කරන අතර නාසයට ඉමහත් සුවඳක් දිවට රසයක් ගැන සිතන්නට අවස්ථාව සලසමින් කැවුම්, කොකිස්, සුවඳ ගමට හමා එනවා.
සෑම විටම එළවළු , පලතුරු තෝරන විටත් කෘමිනාශක නොයෙදූ ඒවා තෝරා ගන්නට උනන්දු වන්න. එවැනි දේවල් ගම්පළාතේ ඕනෑ තරම් ඇත. ගෙදරට අවශ්‍ය තුන පහ මිරිස්කුඩු ටික නිවසේදීම සකස් කර ගන්න. නැතිනම් රසකාරක ඒවා ගන්නට සිදුවේ. පොල් ටික ගාලා ගත්විට පොල්කිරි පැකට් අවශ්‍ය නැහැ. කජු,දඹල, මෑ කරල් බෝංචි මේ ආහාර වල ප්‍රෝටීන් ඉතාමත් බහුලව ඇත. නිර්මාංශ අයට මස්, මාළු නැතිවුනාට මේ ආහාර වලින් නිරෝගී කම රැක ගත හැකිය. හත්මාලුව කෑම මේසයට එක්වන්නේ අම්මා පවුලේ අයගේ නීරෝගිකම රැක ගැනීමට දක්ෂ බව පෙන්වමිනි. ඒ වගේ කොළ මැල්ලුමක් හෝ සලාදයක් අනිවාර්යයයි. නෑගම් යන විට කේක් බිස්කට් වෙනුවට ගමේ තියන එළවළු පලතුරු අරන් යන්න.
රස කැවිලි සකස් කරගන්නා විට පාන් පිටි වෙනුවට නිවසේදීම සකස් කරගත් හාල් පිටිවලින් කෑම සකස් කර ගන්න. පලතුරු තෝරා ගැනීමේදී කල් ඇතිව ගමේ පලතුරු නිවසේදීම ඉදවා ගන්න. කෑම මේසයට කෙසෙල් ගෙඩි පමණක් නොව අඹ, කජු පුහුලන්, ගස්ලබු, දෙළුම්, දොඩම්, පේර, වෙරළු, අනෝදා , ලාවුළු, වැනි පලතුරුද එක්කර ගන්න. එවිට සීනි ඇතුළු රසකාරක සහිත අයිස්ක්‍රීම්ද දැමූ ෆෘට් සැලට් නැතිව මේ පලතුරු වෙන් වෙන්ව ආහාරයට ගත්තොත් කුස තුළදී ෆෘට් සැලට් එක නිරෝගී බවද රැකෙන අන්දමට සකස් වේවි. සතුටින් ආහාරගෙන ඊළඟට සූදානම් වන්නේ නීරෝගි බව මෙන්ම මානසික සුවයද සමගියද රැකදුන් ක්‍රීඩාවට පිටත්ව යාමයි.
අද බොහෝ දෙනා අවුරුදු දිනද රූපවාහිනිය එක ළඟ නැති නම් ජංගම දුරකථනය සමඟද ක්‍රීඩාවල යෙදීමට පෙළඹී ඇත. එයින් ස්ථූලතාවය මෙන්ම කොලෙස්ටරෝල් දියවැඩියාව ඇතිකිරීමටද හේතු වේ.
ව්‍යායාම කරන්නට ශරීරය යන්ත්‍රවලට භාරදෙන්නේ නැතිව සාමූහික ජන ක්‍රීඩාවල යෙදෙන්න. ශරීරයේ උතුම් ස්ථානය වූ හිස නිරෝගීව තබා ගැනීම හිස සේදීමටත් හිස සකස්කර ගැනීමටත් ඔබ නොදන්නා රසායනික වර්ග භාවිතා නොකර අපේ වැඩිහිටියන් කළ පරිදි පිරිසුදු පොල්තෙල් හෝ ගමේ වෙද මහතාගෙන් ලබාගත් තෙල් ගාන්න. එවිට නිරෝගී හිසක් හිතන්නට හොඳ මනසක් ඔබට ලැබේවි.
සිංහල අලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුවේ අවසාන නැකත් ටික වන හිසතෙල් ගෑම හා නෑමෙන් ඔබට පැරැන්නෝ දුන් ආදර්ශය නම් නීරෝගිමත් බුද්ධිමත් ක්‍රියාශූර ජනතාවක් සිටින රටක හිස හොඳින් නීරෝගීව තබා ගත යුතුය. අපි කවුරුත් වයස් භේදයකින් තොරව කෑම මේසයට වාඩිවෙන්නේ හිත පිරෙන්න බඩ පිරෙන්න කන්නයි. දැන් ඔබ හෙළ සිරිතට විිරිතට 2019 සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්නෙ සුවයෙන් සතුටින්ද
උපදෙස් වෛද්‍ය නන්දා කස්තුරිආරච්චි
සටහන ජයන්ති කුරේ