වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
දරු සම්පත ඔබට අහිමිද?
දරු සම්පත් අහිමිවීම, දරු සම්පත් හීනවීම හා දරු සම්පත් ප්‍රමාද වීම නිසා අද බොහෝ කාන්තාවන් හා පිරිමින් අසහනකාරී තත්ත්වයට පත්වී තිබීම බොහෝ අවස්ථාවල දක්නට ලැබෙන ගැටලුවකි.
මේ සඳහා බලපාන හේතු සාධක මොනවාද, ඒ වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද යන්න, බටහිර හා දේශීය වෛද්‍ය ප්‍රතිකාර පතා වෛද්‍යවරුන් වෙත පැමිණෙන පිරිස පිළිබඳවද අපට බොහෝ විට අසන්නට දකින්නට ලැබෙයි. දරුසම්පත් ගැටලුවට මුහුණ දුන් බොහෝ අයට සිය බලාපොරොත්තු මල්පල ගන්වා ගැනීමට ප්‍රතිකාර කරන ජීවකයකු බඳු දේශීය වෛද්‍යවරයකු මට හමුවිය. ඔහු නමින් කමල් බන්දුල වීරප්පෙරුම වන අතර සෙවණගල ආයුර්වේද පුද්ගලික සමාගමේ අධිපතිවරයාද වෙයි.
මට දැන ගන්නට ලැබුණු අන්දමට මෙම ජීවක දේශීය වෛද්‍යවරයා ළඟට එන රෝගීන් අතර කැඩුම් බිඳුම්, විෂ ශරීර ගතවීම්, දියවැඩියා රෝගීන්, අංශභාග රෝගීන්, චර්ම රෝගීන්, පිළිකා රෝගීන්, වකුගඩු ඇතුළු සර්වාංග රෝග සඳහා පැමිණෙන අයද සිටින බවයි. ඒ අතරට දරු සම්පත් අහිමි කාන්තාවන් සඳහා කරන ප්රතිකාරවිදි කීපයකින් පසු සිය බලාපොරොත්තු සපලකරගත් අයද සිටිති.
මෙම ජීවන ගැටලුවේදී බොහෝ විට බහුතර කාන්තාවන් පිරිස සමහර බටහිර වෛද්‍යවරුන් ළඟට ගොස් විවිධ සැර ඖෂධ භාවිතා කිරීම, ශල්‍යකර්ම නැතොත් ජීව කළල තැන්පත් කිරීම ආදී ප්‍රතිකාර විදි රැසක් අනුගමනය කළද අවසානයේ සිය බලාපොරොත්තු කඩවීමෙන් සිය ජීවිතය පවා අහිමි කරගත් අවස්ථා අපට අසන්නට දකින්නට පුළුවන. මෙම ගැටලුවට නිසි පිළිතුරු ලබාදීමේ අරමුණ ඇතිව කමල් බන්දුල දේශීය වෛද්‍යතුමන් සමඟ කළ සාකච්ඡාවකදී අනාවරණය වූ සුවිශේෂ කරුණු කීපයක් මෙසේ ඔබ හමුවට ගෙන එන්නෙමු. මේ ඔහුගේ අදහසයි.
සෙවණගල ආයුර්වේද ඖෂධ පුද්ගලික සමාගමේ අධිපති
වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම
047 5679970, 077 730094,
071 96 48386
සටහන
උඩවලව තුඩුව කෑම්ප් ඔසු උයනේ සනත් ලෙනෝරා