ලොකු පොඩි භේද නැතිව ගොදුරු වන ඔස්ටියෝපොරෝසිස්

ජනවාරි 17, 2025

ඔස්ටියෝපොරෝසිස් යනු අස්ථි ඛනිජ ඝනත්වය සහ අස්ථි ස්කන්ධය අඩු වන විට හෝ අස්ථිවල ව්‍යුහය සහ ශක්තිය වෙනස් වන විට හටගන්නා අස්ථි රෝගයකි. මෙය අස්ථි බිඳීමේ (කැඩුණු අස්ථි) අවදානම වැඩි කළ හැකි අතර අස්ථි ශක්තිය අඩුවීමට හේතු විය හැකිය.

ඔස්ටියෝපොරෝසිස් යනු “නිහඬ” රෝගයකි, මන්ද සාමාන්‍යයෙන් මෙයටම විශේෂ වන රෝග ලක්ෂණ නොමැති අතර, අස්ථි බිඳෙන තුරු ඔබට රෝගය ඇති බව ඔබ නොදැන සිටිය හැකිය. පශ්චාත් ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ගේ සහ වැඩිහිටි පිරිමින්ගේ අස්ථි බිඳීමට ප්‍රධාන හේතුව මේ රෝගයයි. ඕනෑම අස්ථියක අස්ථි බිඳීම් සිදුවිය හැකි මුත් බොහෝ විට සිදු වන්නේ උකුල් ඇටයේ, කොඳු ඇට පෙළේ කශේරුකාවේ සහ මැණික් කටුවෙහිය. මේ රෝගය සෑම ජාතියකම සහ ජනවාර්ගික කණ්ඩායමකම කාන්තාවන්ට සහ පිරිමින්ට බලපායි. ඔස්ටියෝපොරෝසිස් ඕනෑම වයසකදී ඇති විය හැකි මුත් ඔබ වයසට යන විට රෝගය වර්ධනය වීමේ අවදානම වැඩි වේ. කාන්තාවන් සැලකීමේදී මේ රෝගය ආර්තවහරණයට වසරකට හෝ දෙකකට පෙර වර්ධනය වීමට පටන් ගනී.

 

රෝගය සඳහා හේතු

ලිංගභේදය

ඔබ කාන්තාවක් නම් ඔස්ටියෝපොරෝසිස් වැලඳීමේ සම්භාවිතාව වැඩිය. කාන්තාවන්ට පිරිමින්ට වඩා අඩු උච්ච අස්ථි ස්කන්ධයක් (Peak Bone Mass)  සහ කුඩා අස්ථි ඇත. කෙසේ වෙතත්, වයස අවුරුදු 70 ට පසු පිරිමින්ට රෝගය වැලඳීමේ වැඩි අවදානමක් ඇත.

වයස

ඔබ වයසට යන විට, අස්ථි අහිමි වීම ඉක්මනින් සිදු වන අතර නව අස්ථි වර්ධනය මන්දගාමී වේ. කාලයත් සමඟ ඔබේ අස්ථි දුර්වල විය හැකි අතර ඔස්ටියෝපොරෝසිස් අවදානම වැඩි වේ.

සිරුරේ ප්‍රමාණය

සිහින් අස්ථි ඇති කාන්තාවන්ට සහ පිරිමින්ට ඔස්ටියෝපොරෝසිස් වර්ධනය වීමේ වැඩි අවදානමක් ඇත. මක්නිසාද යත් සිහින් අස්ථි ඇති පුද්ගලයන්ට අස්ථි අහිමි වීමේ වැඩි අවදානමක් ඇති බැවිනි.

පවුල් ඉතිහාසය

පර්යේෂකයන් සොයාගෙන තිබෙන පරිදි දෙමව්පියන්ගෙන් එක් අයෙකුට ඔස්ටියෝපොරෝසිස් හෝ උකුල් අස්ථි බිඳීමේ ඉතිහාසයක් තිබේ නම් ඔස්ටියෝපොරෝසිස් සහ අස්ථි බිඳීම් සඳහා ඔබේ අවදානම වැඩි විය හැකිය.

ආහාර රටාව

ළමා වියේ සිට මහලු විය දක්වා, කැල්සියම් සහ විටමින් ඩී අඩු ආහාර වේලක් ගැනීම ඔස්ටියෝපොරෝසිස් සහ අස්ථි බිඳීම් සඳහා ඔබේ අවදානම වැඩි කරයි. අධික ආහාර ගැනීම හෝ අඩු ප්‍රෝටීන් ප්‍රමාණයක් ගැනීම අස්ථි නැතිවීම සහ ඔස්ටියෝපොරෝසිස් අවදානම වැඩි කරයි.

 

ජීවන රටාව

අස්ථි ශක්තිමත්ව තබා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් වැදගත් විය හැකිය. අස්ථි නැතිවීමට දායක වන සාධක අතර අඩු කායික ක්‍රියාකාරකම් සහ දිගුකාලීන අක්‍රියතාවයන් අස්ථි නැතිවීමේ වේගය වැඩි කිරීමට දායක විය හැකිය. එමඟින් දුර්වල ශාරීරික තත්ත්වයකට පත් කරයි, අස්ථි බිඳීමේ අවදානම වැඩි කළ හැකිය. දිගුකාලීන මත් වතුර පානය ඔස්ටියෝපොරෝසිස් සඳහා සැලකිය යුතු අවදානම් සාධකයකි. එමෙන්ම අධ්‍යයනවලින් පෙනී යන්නේ දුම්පානය ඔස්ටියෝපොරෝසිස් සහ අස්ථි බි¼දීම සඳහා අවදානම් සාධකයක් බවයි. පර්යේෂකයන් තවමත් අධ්‍යයනය කරමින් සිටින්නේ අස්ථි සෞඛ්‍යයට දුම්පානයේ බලපෑම දුම්කොළ භාවිතයෙන් පමණක්ද නැතහොත් දුම්පානය කරන පුද්ගලයන්ට ඔස්ටියෝපොරෝසිස් සඳහා වැඩි අවදානම් සාධක තිබේද යන්නයි.

 

ඖෂධ

සමහර ඖෂධ දිගු කාලීනව භාවිත කිරීමෙන් ඔබට අස්ථි නැතිවීම සහ ඔස්ටියෝපොරෝසිස් වර්ධනය වීමට ඉඩ ඇත. එනම් ඇදුම සහ රූමැටොයිඩ් ආතරයිටිස් වැනි විවිධ තත්ත්වයන්ට ප්‍රතිකාර කරන Glucocorticoids  සහ adrenocorticotropic  හෝමෝනය.

ප්‍රති-අපස්මාර නාශක ඖෂධ.

පියයුරු සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලට ප්‍රතිකාර කිරීම සඳහා හෝමෝන භාවිතා කරන පිළිකා ඖෂධ.

ආමාශයේ අම්ලය අඩු කරන ප්‍රෝටෝන පොම්ප නිෂේධක. මානසික අවපීඩනයට සහ කාංසාවට ප්‍රතිකාර කරන Serotonin reuptake inhibitors සහ දෙවැනි වර්ගයේ දියවැඩියාවට ප්‍රතිකාර කරන Thiazolidinediones ඖෂධ.

 

හෝමෝන වෙනස්කම්

ඇතැම් හෝමෝන අඩු මට්ටමින් පැවතීම ඔස්ටියෝපොරෝසිස් වර්ධනය වීමේ සම්භාවිතාව වැඩි කරයි. උදාහරණ වශයෙන් ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ගේ අඩු එස්ටජන් මට්ටම හෝමෝන ආබාධ හෝ අධික ශාරීරික ක්‍රියාකාරකම් හේතුවෙන් පූර්ව ආර්තවහරණයට පෙර කාන්තාවන්ගේ ඔසප් වීමේ අසාමාන්‍ය ලෙස නොපැවතීම නිසා එස්ටජන් මට්ටම අඩු වේ. පිරිමින්ගේ අඩු ටෙස්ටොස්ටෙරෝන් මට්ටම. අඩු ටෙස්ටොස්ටෙරෝන් ඇති කරන තත්ත්වයන් ඇති පිරිමින් ඔස්ටියෝපොරෝසිස් අවදානමට ලක් වේ.

රෝග ලක්ෂණ

කොන්දේ වේදනාව: කොඳු ඇට පෙළේ අස්ථි බිඳීමක් හෝ කඩා වැටීමක් නිසා ඇති විය හැකිය. කාලයත් සමඟ වේදනාව හදිසියේම හෝ සෙමින් සිදු විය හැයිය.

උස අඩු වීම: කාලයත් සමඟ අඟල් 6 ක් හෝ සෙන්ටිමීටර 15 ක් විය හැකිය.

නැමුණු ඉරියව්ව: කයිෆෝසිස් ලෙසද හැඳීන්වේ. මෙය වර්ධනය විය හැකි කොඳු ඇට පෙළේ විකෘතියකි.

අස්ථාවර අස්ථි: ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පීඩාවට පත් වූ අස්ථි ඉතා බිඳෙනසුලු විය හැකි අතර ඒවා කුඩා වැටීම් හෝ නැමීම, එසවීම හෝ කැස්ස වැනි සාමාන්‍ය ආතතියකින් පවා පහසුවෙන් කැඩී යා හැකිය.

බිඳෙනසුලු නියපොතු: නියපොතු සහ අස්ථි සමාන ප්‍රෝටීනවලින් සෑදී ඇත. එබැවින් දුර්වල නියපොතු දුර්වල අස්ථිවල සංඥාවක් විය හැකිය.

අත්වල ග්‍රහණයේ ශක්තිය අඩු වීම: අඩු ග්‍රහණ ශක්තිය ඔස්ටියෝපොරෝසිස්වල පොදු දර්ශකයකි.

රෝගය වළක්වා ගැනීම

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න.

ප්‍රමාණවත් තරම් කැල්සියම්, විටමින් ඩී සහ ප්‍රෝටීන් පරිභෝජනය කරන්න. බිත්තර කහ මදය සහ වල් හතු වැනි කැල්සියම් බහුල ආහාර වලින් ඔබට කැල්සියම් ලබා ගත හැකිය.

නිතිපතා ව්‍යායාම කරන්න

ඇවිදීම, කඳු නැගීම, පැනීම, පඩිපෙළ නැගීම, ටෙනිස් සහ නැටුම්, බර උසුලන ව්‍යායාම තෝරන්න. මේ ව්‍යායාම මගින් ඔබේ කණ්ඩරාවන් ඔබේ අස්ථි මතට ඇදී යාමෙන් අස්ථි ශක්තිය ගොඩනැගීමට උපකාරී වේ.

දුම්පානයෙන් වළකින්න

මත්පැන් සීමා කරන්න

දුම්පානය අස්ථි ස්කන්ධය අඩු කළ හැකි අතර අස්ථි බිඳීම් සුව කිරීම මන්දගාමී වේ. ඇල්කොහොල් කැල්සියම් සහ විටමින් ඩී සමතුලිතතාවයට බාධා කළ හැකිය.

නිරෝගී බරක් පවත්වා ගන්න

බර වැඩි වීම අස්ථි නැතිවීමට දායක විය හැකිය.

පවුල් ඉතිහාසය සලකා බලන්න

ඔබට ඔස්ටියෝපොරෝසිස් පිළිබඳ පවුල් ඉතිහාසයක් තිබේ නම්, ඔබ ප්‍රමාණවත් තරම් කැල්සියම් සහ විටමින් ඩී ලබා ගන්නා බවට වග බලා ගත යුතුය.

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.