ආඩම්බර හිත මට්ටු කළ සැටි

ජනවාරි 25, 2019

ගුවනි පොළෝ ගැබේ ගමන් කළේ ද අහස් තලේ පාවෙනවා වාගේය. අවට සිටින්නන් ඇයට පෙනුණේ තම යටත් වැසියයන් මෙනි. මෙසේ වීම ගැන ගමේ වැඩි දෙනෙක් පුදුම වූයේ නැත. විජේරත්න පවුල කුල මානයෙන් පිම්බී සිටින බව සැවොම දනී. එහෙත් මේ සාම්ප්‍රදායික ගති ලක්ෂණය බැහැර කළ යුවතියක ද ඒ පවුලේ සිටියාය. ඇය සෞම්‍යාය. විජේරත්න පවුලේ බාල දියණිය වූ සෞම්‍යා නමේ සැටියටම සෞම්‍ය තරුණියක වූවාය.

පරම්පරාගත ගති ලක්ෂණය අඩුවක් නැතිව විද්‍යාමාන කරන ගුවනි ගැන විජේරත්න පවුලට තිබුණේ අභිමානයකි. ඇයගේ පමණට වැඩි ආඩම්බරයට ඔවුන් අඩුවක් නැතිව අතහිත දුන්නේය. එය පනින රිලවුනට ඉනිමං බැඳීමක් විය.

ගමේ පාසලට ගොස් ගමේ ළමයින් සමඟ ඉගෙනුම ලැබීම අවමානයක් ලෙස සැලකූ ගුවනි තමන්ව නගරයේ පාසලකට යවන ලෙසට පොළොවේ අඩි ගසමින් අඬමින් ඉල්ලා සිටින විට වයස අවුරුදු එකොළහක්වත් සපුරා තිබුණේ නැත. මාපියෝ ඇයගේ ඉල්ලීමට දෙවරක් නොසිතාම නගරයේ පාසලට යැවීය.

සෞම්‍යා වැඩිමල් සොයුරිය ගුවනි සමඟ නගරයේ පාසලට යැවීමට සූදානම් වුව ද ඇයට අවශ්‍ය වූයේ ගමේ පාසලේ සිප් සතර හැදෑරීමටය.

නගරයේ පාසලකට ගිය ද ගුවනි, සෞම්‍යා මෙන් ඉගෙනුමට දස්කම් දැක්වූයේ නැත. එහෙත් ඇය සෞම්‍යාට වඩා අතිරේක පන්තිවලට නම් සහභාගී වූවාය. පෞද්ගලික පන්තිවලට යාමේදී ද ඇය අඩු මිලක් අය කරන පන්තියකට වඩා වැඩි මුදලක් අය කරන පන්තිවලට සහභාගී වූවාය. ලබා ගන්නා ලකුණු කුමක් වුවත් රුපියල් පන්සීයක් අය කරන පන්තියට වඩා රුපියල් දහසක් අය කරන පන්තියකට යාම ඇයට මාන්නයක් විය.ගුවනි කෙදිනක හෝ පවුලේ ගෞරවය රකින බව මාපියෝ නිතර පැවසූහ. එහෙත් සෞම්‍යාට දැක්වූයේ කුඩම්මාගේ සැලකිලිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උපදෙස් :– වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති

පී.එන්.විද්‍යාකුලපති

සටහන චම්පිකා දීපානි රණසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.