රැකියාව ආශි‍්‍රතව බොහෝ දෙනෙකුට හැදෙන කොන්දෙ අමාරුව

ජනවාරි 25, 2019

දිගුකලක් එකම ඉරියව්වෙන් වාඩිවී සිටිමින් ලිපි කටයුතුවල යෙදෙන හා පරිගණකයේ වැඩවල යෙදීමෙන් කොඳුඇටවලට වගේම ඇස්වලටද අයහපත් ප්‍රතිඵල ලැබේ.

කොන්දේ කැක්කුමට මූලිකම හේතුවක් වන්නේ එකතැනක එකම විදියට වාඩිවෙලා බොහෝ වේලාවක් සිටීමයි. කොන්ද කෙලින් තියා ගෙන වාඩිවෙලා නොසිට කොන්ද නවාගෙන සිටීමෙනුයි කොන්දෙ කැක්කුම ඇතිවෙන්නේ .සේවා ස්ථානවල සේවයේ නියුතුවූවන්ට වැඩි සැප පහසුකම් ලබාදීම සඳහා වායුසමීකරණ යන්ත්‍ර, ආලෝකය ආදී පහසුකම් ලබාදී තිබුණත් සමහර අයට එම පහසුකම් ද අපහසුතාවයන්ට ලක්වේ. ඒ පවතින රෝගාබාධවලට එම පහසුකම් නුසුදුසුවන බැවිනි. එමෙන්ම වායුසමීකරණයේ දැඩි සිසිල නිසා ශ්වසන පද්ධති ආශි‍්‍රතව කල්පවත්වන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, හිසකැක්කුම ඇතිවීම මෙන්ම බෝවන රෝග වුවද ඉක්මනින් පැතිරයාමේ අවදානමක් පවතින බැවිනි.

සමාජ දියුණුවත් සමඟ සෑම කාර්යාලයකම, ආයතනයකම වාගේම කටයුතුවල පහසුව සඳහා ඇත්තේ පරිගණකයයි. එහි සේවයේ නියුතු වූවන් දිගු කලක් පුරා රාජකාරි කටයුතුවල නිරත වෙමින් පරිගණකය වෙත දෑස් යොමා සිටීමෙන් දෘෂ්ටි ආබාධ මෙන්ම හිසේ කැක්කුමද ඇතිවේ. වාඩිවීසිටින ආසනයේ ඉරියව් අනුව කොන්දේ අමාරුවද ඇතිවිය හැකිය. අධික ශබ්දයට යොමුවීමෙන් ශ්‍රවණාබාධවලට ලක්වීමට ඉඩ ඇත. වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකු තම රැකියාව හේතුවෙන් කාර්යබහුල ජීවන රටාවකට යොමුවී සිටිති. මේ නිසා ඔවුන් සිතන්නේ කරනු ලබන රැකියාව නිසා තමන්ට නොයෙකුත් රෝගයන්ට මුහුණපෑමට සිදුව ඇති බවයි. මේ සිතිවිල්ල නිසාම ඔවුන් නොයෙකුත් රෝගාබාධයන්ට බයෙන් පසුවේ. පැය කීපයක් එකම ඉරියව්වෙන් වාඩි වී සිටීමෙන් කොන්දේ වේදනාව හටගනී. නිවසට ගිය විට එම වේදනාව වරින්වර ඇතිවිය හැකිය. එමෙන්ම එසේ දීර්ඝ කාලයක් වැඩ කිරීමෙන් බෝ නොවන රෝගවලටද ගොදුරුවීමේ හැකියාව පවතී.

රාජකාරියේ හෝ වාඩිවී වැඩක යෙදී සිටින විට තමන්ට කොන්දේ කැක්කුමක් වේදනාවක් හටගත් විට අසුනෙන් නැගිට එහාට මෙහාට ටික වේලාවක් ඇවිදීමෙන් පැවැති වේදනාව සමනයකට පත්කරගත හැකිය. එමෙන්ම වාඩිවී සිටින විට බොහෝ වේලාවක් එහි සිටිය යුතු නම් වරින්වර ඉරියව් වෙනස් කිරීමද සුදුසුය. ලිපිකරු සේවයේ හෝ පරිගණක සේවයේ හෝ වෙනත් රැකියාවක හෝ වාඩිවී සේවය කරන විට එම අසුනේ ඍජුව වාඩිවී නොසිටීමෙන් කලක් යන විට විවිධ සන්ධි ආශි‍්‍රත රෝගාබාධවලට ලක්වීම වැළැක්විය නොහැකිය. ශරීරයේ අස්ථී පද්ධතියේ විවිධ සංකූලතා ඇතිවීමටද මෙය බලපානු ඇත. විශේෂයෙන් කොන්දේ අමාරුව ඇතිවීමට බලපාන්නේ නිවැරදි ඉරියව්වෙන් නොසිටීමෙනි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

බත්තරමුල්ල පැලවත්ත රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය සුමිත් එම්.පී. රාජපුර

සටහන

එස්.එස්.එස්. ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.