තරුණ වයසේදීම ඇතිවන පුරුෂයන්ගේ ලිංගික ගැටලු

දෙසැම්බර් 13, 2024

ලිංගික අප්‍රාණිකත්වය සහ අනෙකුත් ලිංගික ක්‍රියාකාරකම් ආශ්‍රිත ගැටලු මේ වන විට වයස් භේදයකින් තොරව පුරුෂයන් අතර පැතිර තිබෙන තත්ත්වයක්.

මෙය මෑත අතීතය දක්වා බොහෝ විට ඇති වුණේ වයස්ගත වීමත් සමඟයි. වයස්ගත වීමත් සමඟ සිදුවන ස්නායු දුර්වලතාවයන්, රුධිර නාල තුළ රුධිරයේ ගමන් කිරීමේ අවහිරතාවයන්, මොළය සහ සුශුම්නාවේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම්, මාංශ පේශි දුර්වල වීම්, දියවැඩියා රෝගී තත්ත්වය, රුධිරයේ අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ යාම ඖෂධ වර්ග සහ පර්යන්ත ස්නායු පද්ධතියේ ඇතිවන විවිධ ගැටලු නිසා මේ තත්ත්වය බොහෝවිට ඇතිවන්නට පුළුවන්. මීට දශක කිහිපයකට කලින් ලිංගික අප්‍රාණිකත්වය ඉහතින් දක්වා තිබෙන පරිදි වයස අවුරුදු 45ට වඩා වැඩි පුද්ගලයන් අතර පමණක් පැවතුණත් වර්තමානය වන විට තරුණ වියේ පසු වන පිරිමි පුද්ගලයන් අතරත් මේ අකර්මණ්‍ය තත්ත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් පැතිර තිබෙනවා .මේ නිසා විවාහ ජීවිතය කඩා වැටීම්, ලැජ්ජාව, සමාජයෙන් කොන්වීම මෙන්ම දැඩි මානසික පීඩනයකට මුහුණ දීමටද යමෙකුට සිදුවන්නට පුළුවන්. එම නිසා අද ලිපියෙන් තරුණ වියේදී පිරිමි පුද්ගලයින්ට වැළඳෙන ලිංගික අප්‍රාණික තත්ත්වය පිළිබඳ දැනුවත් වෙමු.

ලිංගික අප්‍රාණිකත්වය යනු කුමක්ද ?

ලිංගික උත්තේජනයන් ලැබෙන අවස්ථාවලදී ශිෂ්ණය නියමාකාරයෙන් ප්‍රාණවත් නොවීම සහ ප්‍රාණවත් වූ ශිෂ්ණය නිසියාකාරයෙන් පවත්වා ගැනීමට නොහැකි වීම සරල වශයෙන් ලිංගික අප්‍රාණිකත්වය ලෙස දක්වන්නට පුළුවන්.

වර්තමානයේ සිදු කර තිබෙන පර්යේෂණයන්ට අනුව වයස අවුරුදු 20-29ත් අතර පුද්ගලයින් අතර 8% ප්‍රතිශතයකින්ද, වයස අවුරුදු 30-39ත් අතර පුද්ගලයින් අතර 11% පමණ ප්‍රතිශතයකින් ද ලොව පුරා මේ තත්ත්වය ව්‍යාප්තව පවතිනවා. එමෙන්ම ලොව පුරා සිටින වයස අවුරුදු 40ට වඩා අඩු පුද්ගලයන් වැඩි වශයෙන් ලිංගික අප්‍රාණිකත්වය සඳහා ප්‍රතිකාරවලට යොමු වන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දී තිබෙනවා.

මේ රෝගයේ ලක්ෂණ

තරුණ වයසේදී ඇතිවන ලිංගික අප්‍රාණිකත්වය රෝග ලක්ෂණ කිහිපයකින් පෙන්නුම් කරන්නට පුළුවන්. බොහෝ අවස්ථාවලදී මේ රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් එක විට පවතින්නට පුළුවන්

ශිෂ්ණය ප්‍රාණවත් කරගැනීමේ නොහැකියාව

ශිෂ්ණය ප්‍රාණවත් කර තබාගැනීමේ නොහැකියාව.

ලිංගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍යතාවය අඩු වීම.

ඉතා ඉක්මනින් ශුක්‍රාණු පිටවීම .

ශුක්‍රාණු පිට කිරීමේ නොහැකියාව.

ලිංගික උත්තේජනයන් හමුවේ ශිෂ්ණය ප්‍රාණවත් නොවීම.

තරුණ වියේ ඇතිවන ලිංගික අප්‍රාණිකත්වයට හේතු

මනෝ විද්‍යාත්මක සහ මානසික ගැටලු

ඩිප්‍රෙෂන් රෝගී තත්ත්වය

මානසික ආතතිය

Anxiety හෙවත් කාංසා තත්ත්වය

තමා පිළිබඳව තිබෙන විශ්වාසය අඩුවීම

ලිංගික ක්‍රියාවලිය අසාර්ථක වේ යැයි පවතින අනියත බිය

ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැතිකම

අසභ්‍ය මාධ්‍යයන් සඳහා අනවශ්‍ය පරිදි ඇබ්බැහි වීම

සහකාරිය සමඟ නිසියාකාරයෙන් සන්නිවේදනය නොකිරීම සහ අදහස් හුවමාරු කර නොගැනීම

ස්වයං වින්දන ක්‍රියාවලියට අනවශ්‍ය පරිදි ඇබ්බැහි වීම

රුධිර වාහිනී ආශ්‍රිතව ඇතිවන ගැටලු

රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම නිසා ශිෂ්ණයට රුධිරය සපයන වාහිනී අවහිර වීම. රුධිරයේ අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ යාම වර්තමානය වන විට වයස අවුරුදු 30 දී පමණ වැලඳීමට ඉඩකඩ පවතී. වැරදි ආහාර රටාව සහ ව්‍යායාම් මඳකම මීට ප්‍රධානම හේතු වේ.

හදවත ආශ්‍රිත රෝගී තත්ත්වයන් පවතින විට රුධිර සංසරණයේ ඇතිවන ගැටලු නිසා ද ශිෂ්ණයට නිවැරැදිව රුධිරය ලැබීම සිදු නොවන්නට පුළුවන්.

අධික රුධිර පීඩනය හේතුවෙන්ද මේ රෝගී තත්ත්වය ඇති වෙනවා. ආහාර රටාවේ ගැටලු නිසා සහ උදාසීන ජීවන රටාව නිසා තුරුණු වියේ පුද්ගලයන් අතරද රුධිර පීඩන ඉහළයාම සුලබව පවතිනවා. නින්ද ආශ්‍රිත ගැටලුවලට හේතුවන ඉතඥඥන ඒනදඥච රෝගී තත්ත්වය. ටෙස්ටෝස්ටරෝන් හෝමෝනයේ සහ මේ හෝමෝනය ශ්‍රාවය කිරීමට ආධාරවන අනෙකුත් හෝමෝනවල ක්‍රියාකාරීත්වයේ පවතින ගැටලු.

තරබාරුකම, වර්තමානයේ තරුණ වයසේ පසුවන පිරිමි පීඩා විඳීන ප්‍රධානම තත්ත්වයක් ලෙස තරබාරුකම දක්වන්නට පුළුවන්.මෙහිදී සිරුරේ බර වැඩිවීමත් සමඟ ඇතිවන තරබාරුකම සහ සිරුරේ බර සාමාන්‍ය මට්ටමේ පවතින විටම උදරය ආශ්‍රිතවම මේදය අනවශ්‍ය පරිදි තැන්පත් වීමෙන් ඇතිවන ව්ධපථචත එඥඪඨඩබ ර්‍ණඡඥඵඪබර තත්ත්වයද දක්වන්නට පුළුවන්. ඔබ තරබාරුබවෙන් පීඩා විඳීන විට ටෙස්ටෝස්ටරෝන් හෝමෝන මට්ටම අඩුවීම සිදුවන අතර මෙය ලිංගික අප්‍රාණිකත්වය සඳහා ඍජුවම බලපානවා. එසේම සිරුරේ මේද ප්‍රමාණය වැඩිවන විට ඔබගේ ශිෂ්ණයේ යම් කොටසක් යටි බඩ ආශ්‍රිතව පවතින මේද තට්ටුවෙන් වැසී යාමට පුළුවන්. මෙය ඕභපපඪඥඤ ර්‍ථඥදඪඵ ඉරදඤපධථඥ ලෙස හඳුන්වනවා. මේ මඟින් ශිෂ්ණය ප්‍රාණවත් වූ විට එළියට පවතින ප්‍රමාණය අඩුවීමක් ඇතිවන්නට පුළුවන්. එමෙන්ම ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීමටද එය බලපානු ලබනවා.

දුම් පානය කිරීම නිසාද ලිංගික අප්‍රාණිකත්වය වන බවට විද්‍යාත්මකව තහවුරු කරගෙන තිබෙනවා. අධික වශයෙන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවලින් දුම්පානය කරන විටද ලිංගික අප්‍රාණිකත්වය ඇතිවන්නට පුළුවන්. දුම් පානය කිරීම වර්තමානයේ තරුණ පරපුර අතර සීඝ්‍රයෙන් පැතිරී යන සෞඛ්‍යයට හානිදායක වන පුරුද්දක් ලෙස දක්වන්නට පුළුවන් .

ප්‍රතිකාර

ඉහතින් දක්වා තිබෙන රෝග ලක්ෂණවලින් එකක් හෝ කීපයක් නිරන්තරයෙන් ඔබට වද දෙනවා නම් ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශය වේ. මෙහිදී වෛද්‍යවරයා විසින් නිවැරදිව රෝගියාව පරීක්ෂා කර බලා ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීමට හේතුව මානසික රෝගී තත්ත්වයක්ද නොමැති නම් කායික රෝගී තත්ත්වයක් ද යන්න පිළිබඳ නිවැරැදි රෝග විනිශ්චයකට ලක් කළ යුතුයි. මෙය මානසික වශයෙන් ඇතිවී තිබෙන තත්ත්වයක් නම් පළපුරුදු මානසික වෛද්‍යවරයකු වෙත යොමු කිරීමත් ඒ ඔස්සේ ප්‍රතිකාර කිරීමත් සිදුකළ යුතුයි. කායිකමය රෝගී තත්ත්වයක් නිසා ඇතිවන ලිංගික අප්‍රාණික තත්ත්වයේදී ඊට අදාළව බලපාන ප්‍රාථමික රෝගය නිවැරදිව විනිශ්චය කොට සිදු කරන ප්‍රතිකාර සමඟ අදාළ රෝගියාගේ හෝමෝන මට්ටම නිවැරදිව පවත්වා ගැනීමට, ශුක්‍රාණවල ගුණාත්මක භාවය නිවැරැදිව පවත්වා ගැනීමට සහ අදාළ රෝගියාගේ සරුභාවය නිවැරදිව පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කළ යුතු වනවා. මෙහිදී ප්‍රතිකාරත් සමඟ රෝගියාට නිවැරදිව ආහාර ලබාගත යුතු අයුරු උපදෙස් ලබාදීම සිදු කරනවා. ප්‍රතිකාර නිමවන තෙක්ම නිසි පරිදි මේ ආහාර රටාවට රෝගියා හුරු විය යුතුමයි.

චීන කටු ප්‍රතිකාර මඟින් ලිංගික අප්‍රාණිකත්වය සඳහා ඉක්මන් නිවැරදි ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව පවතී. එමෙන්ම රෝගියාට වැල¼දී තිබෙන ප්‍රාථමික රෝගයට අවශ්‍ය ඖෂධ ලබාදීමත් , හෝමෝන මට්ටම ඉහළ දැන්වීමට සහ ශිෂ්ණයට අවශ්‍ය රුධිර සැපයීම නිවැරදිව ලබාදීමට අවශ්‍ය වන ඖෂධ වර්ග සහ පෝෂණ අතිරේක ලබාදීමට සිදුවනවා. සමහර අවස්ථාවලදී අදාළ රෝගයට අනුව බාහිර ආලේපන වර්ග හෝ තෙල් වර්ගද රෝගියාට ලබාදෙන්නට පුළුවන්. මේ ප්‍රතිකාර වර්ග නිවැරදිව සිදුකිරීමත් සමඟ ඉතා ඉක්මනින් ලිංගික අප්‍රාණිකත්වයෙන් පූර්ණ සුවයක් ලබා ගැනීමේ හැකියාව තරුණ වයසේ පසුවන ඔබට ලැබෙනවා. තරුණ වයසේ දී ඇතිවන මේ ලිංගික අප්‍රාණිකත්වය ඔබ අනුගමනය කරන නිවැරදි සෞඛ්‍ය පුරුදු මඟින් වළක්වා ගැනීමට හැකි බව මතක තබා ගන්න. එය සෑම විටම ප්‍රතිකාරවලට යොමු වනවාට වඩා වැදගත් වේ.

රෝගය වළක්වා ගැනීම

දුම් පානය සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත්වන්න. සෑම විටම ස්වභාවික ආහාර රටාවකට හුරු වන්න. දිනකට අවම වශයෙන් මිනිත්තු හතළිහක්වත් ව්‍යායාමවල නිරත වන්න.

ශරීරයේ බර පාලනයකින් යුතුව තබාගන්න.

නිදිමැරීම සෑම විටම වළක්වාගෙන දිනකට පැය 6/7ක පමණ ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න. සීනි සහ පැනි රස කෑමවලින් හැකිතාක් වැළකීමට වග බලාගන්න. ඔබගේ සහකාරිය සමඟ විවෘතව ලෙස සන්නිවේදනය කිරීමට සහ අදහස් හුවමාරු කර ගැනීමට උත්සාහ කරන්න.

නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා ගැනීමට විද්‍යාත්මක කරුණු කාරණා කියවා බලා දැනුම වැඩි කරගන්න. ඔබට ගැටලුවක් පවතින සහ උදව් ලබා ගැනීමට අවශ්‍ය යැයි හැඟෙන සෑම විටකදීම ලැජ්ජාව වැනි කාරණා නිසා පසුබට නොවී නිවැරදි උපදෙස් සහ ප්‍රතිකාරවලට යොමු වන්න.

 

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.