එදිනෙදා භාවිතයට අත්දුටු ඖෂධ

ජුනි 28, 2024

 

සෙම් ගෙඩිවලට

ඉතා කුඩා දෙහි ගැට, ගම්මිරිස් ඇට කැට ලුණු (කෑමට ගන්නා ලුණු) අවශ්‍ය ප්‍රමාණයට ටික ටික ගෙන ඉතා හොඳට අඹරා පිරිසුදු රෙදිකඩක දමා ගුලියක් සාදා පොට්ටනි බැඳ හක්කේ තබා සෙම් අරින්න. සර්වවිෂාදිය තෙල් සෙම් ගෙඩිවල හොඳට ගාන්න. පස්පංගුව තම්බා බොන්න. සුව උදාවේ.

බඩේ කැක්කුමට

වදකහ, දෙහි ඇඹුලෙන් ගලගා ඊට දෙහි ඇඹුලෙන් දියකර අවුරුදු 1 - 2 දරුවන්ට තේ හැඳි එකයි වැඩිහිටියන්ට මේස හැඳි එකයි දෙන්න සුව වේ.

උගුර බැරැන්ඩියට

තල් සූකිරි, ඉඟුරු, මුද්දරප්පලම්, සමව ගෙන තම්බා පෙරා නිවුණු පසු මී පැණි ටික දමා බොන්න. දවසට තුන්වරක් බීමෙන් උගුර බැරැන්ඩිය සුවවේ.

ඉස්හොරිවලට

අමු දෙහි ගෙඩි කීපයක් පොල්කිරෙන් තම්බා පොඩිකර හිසෙහි හොඳට ගා ටික වේලාවකින් නාන්න. දින කිහිපයක් කළ යුතුයි සුවවේ.

 

ශාස්ත්‍රශූරි දේශීය වෛද්‍ය

විද්‍යාශූරි එච්.එම්. කිත්සිරි බණ්ඩාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.