වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
“ආයුබෝවන් වෙද මහත්තය. මේ කොහේ යන ගමන් ද උදේ පාන්දරම?”“මම මේ කුඹුර පැත්තෙ යන ගමන් සිරිසේන”“ඉතිං..මෙතැන නැවතිලා ඉන්නේ. මොකක් හරි අසනීපයක්ද?”“අසනීපයක්...
2025-01-09 18:30:00
නිවෙසට ශ්‍රීයාව, සෞභාග්‍යය කැන්දන ගෙවත්තට ශ්‍රියා කාන්තාව සේ සැලකෙන බෙලි ගස ගැන මේ නව වසරේ මුලින්ම කතා බහ කරමු.බෙලි යනු නිවෙසට, ගෙවත්තට ශ්‍රියා...
2025-01-02 18:30:00
අතීතයේ දිනෙක එක්තරා රජ කුමරකු සිය තරුණ නැගණියද සමඟ වනාන්තරයක් මැදින් ගමන් කරමින් සිටියේ ය. අතරමගදී තමන් ගෙන ආ දිවා ආහාරය අනුභව කළ දෙදෙනා බුලත් විටක්...
2025-01-02 18:30:00
“මොකද සනත් පුතා මේ පැත්තෙ? මේ දවස්වල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ නිවාඩුද?”“ඔව් වෙදමාමෙ. අපිට නිවාඩු ලැබුණා. අන්තිම අවුරුද්දේ විභාගෙට තව සති 2 යිනේ....
2024-12-26 18:30:00
“වෙදමහත්තයා... ගොඩක් දවසකින් ඔබතුමා හමුවෙන්න ආවේ”“ආ... ගොඩක් දවසකින් තමයි. ඉතිං ඉස්කෝලේ නෝනා මොකද... කාටද අසනීප වෙලා තියෙන්නෙ දුවටද?”“ඔව් වෙද...
2024-12-19 18:30:00
“ළමයිනේ...දැන් ඔයගොල්ල දෙවැනි වසරේ නිසා ඖෂධ පැළෑටි වැඩි සංඛ්‍යාවක් දැනගෙන ඉන්න ඕන. ඒ නිසා මට කියන්න මොනවද කරාබු කියන්නෙ.?”“සර් කරාබු කියන්නෙ ආහාර...
2024-12-12 18:30:00
“තාත්තා මේ වෙලාවෙ බෙහෙත් සාප්පුව ට යන්නෙ නැද්ද?”“නැහැ. හවසටනේ ආයෙත් ලෙඩ්ඩු ඉන්නේ. ඒ වෙලාවට තමයි ආයෙත් යන්නෙ.ඇයි. පුතා එහෙම ඇහුවෙ. මොනවහරි...
2024-12-05 18:30:00
“මොකද. පුතා. මේ පැත්තෙ. අසනීපයක් වත්ද?”“අසනීපයක් නම් නැහැ. වෙදමාමෙ.මම මාමා හමුවෙන්න ආවේ මට විශ්වවිද්‍යාලයේ නිබන්ධනයකට කරුණු ටිකක් දැනගන්න”“හොදයි පුතා...
2024-11-28 18:30:00
“මොකද ග්‍රාමසේවක නෝනා දුවත් එක්ක? කොහේ යන ගමන්ද?”“නැහැ වෙද නෝනා. මෙහේටමයි ආවෙ. මේ දුවට බෙහෙත් ටිකක් ගන්න”“ඇයි... දුවට මොකද?”“වෙද නෝනා බලන්නකො මෙයාගෙ...
2024-11-21 18:30:00
මැරුණු සම ඉවත් කරන වැටකොළුස්වාභාවික විෂ නාශකයක් වන වැටකොළු ආහාරයක් ලෙස මෙන්ම සමේ පැහැය ආදිය පවත්වා ගැනීමට ඉතා වටිනා පෝෂ්‍ය ගුණ සපිරි එළවළුවකි. ආදි...
2024-11-21 18:30:00
“සර්... අද ද්‍රව්‍ය ගුණ විෂයට කපු ශාකය ගැන කියනවා කියලා සර් ඊයේ කිව්වනේද?” “ඔව්. ඔව්. අපි කපු ගැන පාඩම කරමු. පිරිමි ළමයි හරි උනන්දුයි නේද අද?.” කියූ...
2024-11-14 18:30:00
“වෙද මහත්තය කොහොමද? අපිත් ගොඩක් දවසකින් බෙහෙත් සාප්පුවට ආවෙ.”“වරදක් නැහැ. ඉස්කෝලේ නෝනා මොකද හදිසියේම මේ පැත්තෙ ආවෙ? “වෙද මහත්තයෝ. අපේ මේ දුවට...
2024-11-07 18:30:00
එදිනෙදා මුළුතැන්ගේ භාවිතයට ගන්නා ද්‍රව්‍යවල ඇති ඖෂධීය ගුණවලින් ලෙඩ රෝගාදිය සඳහා ගතහැකි ප්‍රයෝජන කීපයක් ගැන සොයා බලමු.සෙම්ගෙඩි නැසීමට කහවිෂබිජ නාශක...
2024-11-07 18:30:00
“සිරිපාල මහත්තය. මොකද අද මේ පැත්තෙ .අසනීපයක් ද?”“අනේ ඔව් වෙද මහත්තයෝ. මගේ යටි බඩ හරියෙනුයි. කොන්ද හරියෙනුයි කැක්කුමක් එනවා. මූත්‍ර කරනකොටත් ටිකක්...
2024-10-31 18:30:00
ද්‍රව්‍ය ගුණ පාඩම සඳහා ඔසු උයනට ගිය එක් සිසුවෙක් කථිකාචාර්යවරයාගෙන් මෙසේ ඇසුවේය.“සර්, මොකක්ද මේ ගහ. මේ ගහේ කඳ හරියට අලියෙකුගේ කකුලක් වගේනේ”“හරියටම...
2024-10-24 18:30:00
“ළමයිනේ. මේ වෙලාවෙ ඔයගොල්ලන්ට තියෙන්නේ ද්‍රව්‍ය ගුණ විෂයය නේද?” අසමින් ද්‍රව්‍යගුණ කථිකාචාර්ය සිරිමල් වෛද්‍යාචාර්යතුමා ආයුර්වේද විද්‍යාලයේ අවසාන...
2024-10-17 18:30:00