විවාහය බිඳ දමන විවාහ දෝෂ

මාර්තු 24, 2023

 

මිනිස් ජීවිතයේ බොහෝ රහස් කේන්ද්‍රයේ කොටු 12 තුළ සැඟවී තිබෙනවා. ඒක හරිම පුදුමසහගතයි. මේ ගැඹුරු ශාස්ත්‍රය දෙවියන් විසින් ඍෂීන් අතට පත් කරන්නට ඇත්තේද යහපත් මිනිස් සමාජයක් ගොඩනැගීමේ හා අපට අවශ්‍ය තොරතුරු කල්වේලා ඇතිව දැන ගැනීමේ පරමාර්ථය ඇතුවයි. එම නිසා ජීවිතයේ දෙවන උපත ලෙස සැලකෙන විවාහය ගැනද අපට මේ ඡ්‍යොතිෂයෙන් බොහෝ දේ උකහා ගත හැකියි.

 

විවාහය වනාහි ආත්මීය බැඳීමකි. සංසාර ගත බැඳීමක සොදුරු ඵලය විවාහයයි. විවාහය ආත්ම හතක බැඳීමක් බව හින්දුන්ගේ මතයයි. ආත්ම ගණනාවක් පාරමී දම් පුරමින් එකට එන සිදුහත් යශෝදරා විවාහය සසර දුකින් අත් මිදෙන අවසන් භවය තෙක්ම එකිනෙකා පතාගෙන ආ සොඳුරු බැඳීමකි. එය ගෞරවයෙන් සිහිකළ යුතුය.

 

කෙනකුගේ විවාහය නිසි කලට, නිසි ලෙසට නිසි වයසටම සිදු වෙනවා නම් විවාහ ජීවිතය අතිශය සාර්ථකයි. සියලු දේ ලැබෙනවා නම් ඔවුන් සතුටින් සමගියෙන් ජීවත්වෙනවා. විවාහයෙන් පසුව ටිකෙන් ටික දියුණුව සැලසෙනවා. වාසනාවන්ත දරු සම්පත් ලබනවා. ඒත් තව කෙනකුගේ විවාහයේ මේ කිසිවක් නෑ. නිසි වයසත් ටිකෙන් ටික ගෙවිලා යනවා. රූපයෙන් අඩුවකුත් නෑ. දේපළ රැකියාව වැනි දේත් සම්පූර්ණයි. නමුත් විවාහ වාසනාව තවම ලැබී නැහැ. නමුත් අර සියල්ල නැති අයත් ඉක්මනින් විවාහ වේලා නේද?

එහෙම නම් ඇයි මෙහෙම වන්නේ? ඇයි තවමත් විවාහය ප්‍රමාද? එහෙම නම් මේකට හේතුව කුමක්ද? ඔබට ප්‍රශ්න රාශියක් නේද? මෙන්න ඒකට නොවරදින විසඳුම. මේ පිළිබඳ සරල විග්‍රහයක් කිරීම තමා මේ ලිපියේ අරමුණ.

මිනිස් ජීවිතයේ බොහෝ රහස් කේන්ද්‍රයේ කොටු 12 තුළ සැඟවී තිබෙනවා. ඒක හරිම පුදුමසහගතයි. මේ ගැඹුරු ශාස්ත්‍රය දෙවියන් විසින් ඍෂීන් අතට පත් කරන්නට ඇත්තේද යහපත් මිනිස් සමාජයක් ගොඩනැගීමේ හා අපට අවශ්‍ය තොරතුරු කල්වේලා ඇතිව දැන ගැනීමේ පරමාර්ථය ඇතුවයි. එම නිසා ජීවිතයේ දෙවන උපත ලෙස සැලකෙන විවාහය ගැනද අපට මේ ඡ්‍යොතිෂයෙන් බොහෝ දේ උකහා ගත හැකියි. අප විසින් පෙර භවයේ සිදු කරන ලද කිසියම් අකුසල කර්මයක ඵල විපාක ලෙස මේ භවයේ විවාහ ජීවිතය අවුල් වීමට, බිඳ වැටීමට, හෝ ප්‍රමාදයකට මුහුණ දීමට, උරුම නම් එකි කාරණා කල්වේලා ඇතිව දැන ගැනීමටත් එයට නිසි පිළියම් යෙදීමටත් හැකි සාධනීය හා විද්‍යාත්මක එකම ක්‍රමය තමාගේ ජන්ම පත්‍රයයි. එය පළපුරුදු උගත් පින්වත් මුදල් මතම නොයැපෙන ඡ්‍යෝතිෂවේදියකුගෙන් විග්‍රහ කර ගැනීම තුළ විවාහයක ආත්මගතවූත්, සංසාරගතවූත් බැඳීම එකිනෙකාට ඇති හුරුපුරුදු බව මනා ලෙස හඳුනා ගත හැකියි. කර්ම චක්‍රය උපතේදීම සටහන්ව ඇති ජන්ම පත්‍ර පරීක්ෂාව මඟින්ද යහපත් විවාහ දිවියක් ගත කිරීම සඳහා දෙදෙනා අතර, සංසාරික හුරු පුරුදු බවක් පැවතීම විවාහක යුවළගේ හෝ විවාහ වීමට අපේක්ෂිත දෙදෙනාගේ ජන්ම පත්‍රවල ඇති ගැළපීම් නොගැළපීම් මඟින් දෙදෙනාගේ ආත්මීය හුරු පුරුදු බවද අනාවරණය කර ගත හැකිය.

එසේ නම් විවාහ ප්‍රමාද වීම්, විවාහ ගැටලු, දික්කසාද වැනි විවාහ බිඳ වැටීම් වන්නේ ඇයි?

ඒකට මෙන්න මේ වගේ විවාහ දෝෂ රාශියක් බලපානවා

භෞම දෝෂය ලග්නයෙන් හා චන්ද්‍රයාගෙන් 1,2,4,7,8,12 යන ස්ථානවල කුජ ග්‍රහයා සිටීම

ඛේමදෘම දෝෂය

07 -08 පරිවර්තන යෝගය

07 අධිපති 8 වැන්නේ සිටීම

විවාහ කාරක සිකුරු 7 අධිපති 6,8,12 රාශි ගත වීම

ශනි මංගල යෝගය සෙනසුරු හා කුජ එකට යෝගවීම හෝ සප්තම දෘෂ්ටියෙන් සිටීම

චන්ද්‍ර මංගල යෝගය ; සඳු හා කුජ එකට යෝගවීම හෝ සප්තම දෘෂ්ටියෙන් සිටීම

විෂ කන්‍යා යෝගය

කඩහන්දි යෝගය

වෛවධ්‍ය දෝෂය

ස්ත්‍රී කේන්ද්‍රයේ පුරුෂ මර යෝග

පුරුෂ කේන්ද්‍රයේ ස්ත්‍රී මර යෝග

නාශාංශක දෝෂය

අතිධාවන කාම යෝග

බහු විවාහ දෝෂ

සිකුරු 7 අධිපති පාපකර්තරී වීම

සිකුරු 7 අධිපති 22 වන දෙර්කාණාධිපති වීම

සිකුරු 7 අධිපති 64 වන නවාංශකාධිපති වීම

වඳ දෝෂ

 

මෙහෙම දෝෂ නැතිනම් හෝ ඒවා භංග වනවා නම් පමණයි පොරොන්දම් ගළපන්නේ. ඒක වෙනමම පරීක්ෂාවක්. දෙදෙනාගේම ජන්ම පත්‍ර පරීක්ෂා කරලා විවාහ දෝෂ තියනවාද කියලා මුලින්ම බලන්න ඕනේ. විවාහ ප්‍රමාදයක් ඇතොත් මුලින්ම ජන්ම පත්‍ර පරීක්ෂා කරලා ප්‍රමාදයට හේතුව නිවැරැදිව සොයා ඊට සුදුසු වත් පිළිවෙත් කිරීම තුළ ඔබටද විවාහ වාසනාව නොපමාව ළඟා කර ගත හැකිය.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.