2022 අවසන් කෝණ මාසය උදාවෙයි

ලබන මස 14දා තෙක් නිවාස තැනීම විවාහ මංගල ශුභ කටයුතු සඳහා අසුබදායකයි
දෙසැම්බර් 16, 2022

කෝණ මාසය යනු රවි ග්‍රහයා උභය රාශීන් වන මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශිවල ගමන් කරන කාලයයි. 2022 දෙසැම්බර් 16 වෙනි දින උදේ 09.58ට රවි ග්‍රහයා ධනු රාශියට පැමිණීමත් සමඟ ධනු රවිය හෙවත් ධනු කෝණ මාසය ආරම්භ වේ. මෙය 2022 වර්ෂයේ ලබන අවසන් කෝණ මාසයයි. මෙය දෙසැම්බර් 16 වන දින ආරම්භ වී 2023 ජනවාරි 14 වන දින අවසන් වේ. මේ කාලය තුළ නිවාස තැනීම, විවාහ මංගල උත්සව ගැනීම හා කිසිම ශුභ කටයුත්තක් කිරීම අසුබ වේ. දෙසැම්බර් 16 වන දින ආරම්භ වූ කෝණ මාසය 2023 ජනවාරි 14 දින අවසන් වීමත් සමඟ සියලු ශුභ කටයුතු සඳහා නැකැත් සාදා ගැනීමට හැකි වේ.

රවි ධනු රාශියට ඇතුළු වන වේලාවේ ශනි හිමි මකර ලග්නයත් සඳු හිමි කටක නවාංශකයත් උදාවේ. රවි හිමි උත්‍රපල් නැකතේ පළමු වන පාදය ද උදා වේ. ශනි ග්‍රහයා මකර ලග්නගතව සස යෝගය උදා කරයි. ගුරු තුන් වැන්නේ මීන රාශි ගතව භූමිපාල යෝගයද උදා කරයි. රාහු හතර වැන්නේ ද කුජ පස්වැන්නේ ද සඳු අට වැන්නේ ද කේතු දහ වැන්නේ ද සිටී. රවි, බුධ, සිකුරු දොළොස් වැන්නේ සිටිමින් බුධ ආදිත්‍ය යෝගය උදා කරයි. වියදම් වැඩි වේ. වෙළඳ ව්‍යාපාරවලට රාජ්‍ය සේවකයන්ට තරමක් අගුණ කාලයකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් අධික වේ. විදේශීය බලපෑම් ඇති වේ. රජයේ වැය පාර්ශ්වය වැඩි වේ. රහසිගත විප්ලව ඇති වේ. රටෙන් වෙනත් රටවලට හොරෙන් පැන යාම් වැඩි වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.