ඇස පීඩාවට පත් නොකරන්න

ඔක්තෝබර් 21, 2022

 

ඔබ ඔබගේ දෑස ගැන නිතර සැලකිලිමත් වෙනවාදැයි ඔබට තේරෙනවාද? ඔබට ඇත්තේ නිදිබර දෑසක්ද? නිතර නිදිමත ගතියක් ඇතිවෙනවාද? එසේත් නැතිනම් තරමක විශාල දෑසක් ද? සමහර උදවියට තිබෙන්නේ බළල් දෑසක් බඳුවැ. නිතර නිතර කබ, කඳුළු ගලන දෑස් වේ නම් ඒ රෝගී ඇස්ය. එවැනි දෑස්වලට ඇස් රෝග ග්‍රහණය කරගන්නට ඉක්මනින් හැකියාවක් ඇති බව නොරහසකි.

 

කබ වැඩියෙන් පිටවන දෑස් පිහාටු එකට ඇලී තිබෙන අවස්ථා දකින්නට ලැබෙන සිද්ධියකි. ඇස්වල කබ කඳුළු එක්ව එනවිට ඇස්වල පෙනීමට බාධාවක් ඇතිවිය හැකිය. එම තත්ත්වය උග්‍රවීමෙන් දෑස් පැසවීමට ලක්විය හැකි ය. අධිකව කඳුළු ගලන දෑසට විඩාබර තත්ත්වයක් ගෙන දීමට පුළුවන. දුකකදී හෝ සතුටකදී දෑසෙන් කඳුළු පිටවීම වැඩි වශයෙන් ඇතිවන්නේ කාන්තාවන්ට ය. ඉතා සංවේදී සිතක් කාන්තාවන්ට පිහිටා ඇත. දුකක දී ක්‍රියාත්මක කඳුළු ග්‍රන්ථි අශ්‍රැ නමින් හැඳින් වේ. දෑසට ඉහළින් පිහිටන මෙම අශ්‍රැග්‍රන්ථි දුක, සතුට බෙදා ගනුවස් දෑසින් කඳුළු පිටවන බව සුලබ කාරණයකි. රෝගයක් ලෙස බලන කල්හි නොනවතින කඳුළු ගැලීම සඳහා ප්‍රතිකාර ගත යුතු වේ. අශ්‍රැ ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය වැඩිවීම, උත්තේජනාත්මක වීම නිසා කඳුළු වැඩිපුර වෑස්වීම ඇසේ සුද ඇතිවීමද හේතු කාරණා වේ. එවිට දෑසෙහි තියුණු පෙනීමට බාධාවක් ඇතිවිය හැක. අක්ෂි රෝග ගැන දහස් ගණන් රෝගීන්ගේ නෙත් පරීක්ෂා කිරීමත්, ඔවුන්ට ප්‍රතිකාර කිරීමත්, මගේ දිවියේ ලද ආශ්චර්යමත් අත්දැකීමක් වනු ඇත. නෙතක් පෑදීමට උත්සාහ ගන්නාවිට මගේ ගුරුදේව පියාණන්ගේ උපදෙස් පිළිපැදීමට මම නිතර උත්සාහ කරන්නෙමි.

රෝගයක නිදානය සොයා බැලීමෙන් රෝගය හඳුනා ගැනීම පහසු වේ. ඇසේ සුද ඇති වීමට බලපාන සාධක අතර, අතීතයේ සිදුවන ලද බලපෑම් හේතුවේ. හිසට තදින් පහරක් වැදීම, අව්වේ සිටිමින් කෙත්වතු, පොල් වතු, තේ වතුවල වැඩ කිරීම හේතුවේ. කල්ගිය සුද රෝගය මහත් පරිශ්‍රමයකින් යුතුව සුවපත් කළ යුතුය.

මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථයට අනුව තද අව්වේ සිටීම ඇස් පීඩාවට පත්වන කටයුත්තකි. එනිසා ඔබේ දෑස රැකගැනීම ඔබ ඔබටම කරගන්නා සේවයකි; ආදරයකි. යම් කාර්යයකින් ඇසට පීඩාවක් නොවන ලෙස හැසිරීමට වගබලා ගන්නා ලෙස මම සෑම දෙනාගෙන් ඉල්ලා සිටිමි. දිමියන් වැනි කෘමීන්ගෙන් ඇස ආරක්ෂා කර ගැනීම වැදගත්ය. හේතුව එම සතුන්ගේ මුත්‍රා දෑසට වැටීමද, හුණු හෝ සැර රසායන වර්ග තීන්ත ඇසට වැටීම හානිකර වේ.

විෂ ගස්වල කිරි වර්ග වැටීම ආදියෙන් ඇස් අන්ධ වන අවස්ථා ඇත. එබැවින් දෑස් ආවරණය කරගෙන අනතුරු අවස්ථාවන්ට මුහුණ දෙන ලෙස ඔබට දන්වමි. යමක් සිදුවීමට පෙර ඒ ගැන සිතා ඉන් ආරක්ෂා වන ලෙස ඉල්ලා සිටින අතර පනින්න පෙර සිතා බලනු යන ප්‍රස්ථාව පිරුළ ඒ සඳහා කොතෙක් බලපානු දැයි, ගැළපේදැයි අවබෝධ කරගත යුතු වේ. රබර් පන්දු හෝ විශේෂ තද පෘෂ්ඨය ඇති පේරගෙඩි, ගල්, යකඩ කැබැලි, වී කරල්, වැනි දෑ ඇසට වැදීමෙන් ඇස තුවාල වීමට පවා පුළුවන. දිවා කාලය එළැඹි මොහොතක අව්කණ්ණාඩි පැලඳුවද, එය ඇසට අගුණ බව සැලකීම මැනවි. අක්ෂි රෝග වැලඳීමේ දී ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම බලපාන අතරම කුඩා දරුවන්ගේ නෙත් හොඳින් ආරක්ෂාවීමට පුළුවන. නමුත් අවුරුදු 8ට වඩා අඩු පොඩි දරුවන්ගේ ඇස වපරය ශල්‍යකර්මයන් මඟින් යථා තත්ත්වයට පත්කර ගත හැකිය.

 

පාරම්පරික ආයුර්වේද අක්ෂි වෛද්‍ය

සුසිලා නාලනී ගොඩලියද්ද

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.