ධනු ලග්න හිමි ඔබගේ ගතිගුණ

ඔක්තෝබර් 21, 2022

ධනු ලග්න හිමියා පුළුල් මානසික වැටහීමක් ඇති අවංක, ඉවසිලිවන්ත, බුද්ධි ගෝචරත්වයෙන් ඉහළම තත්ත්වයේ චරිතයකි. ධනු ලග්න හිමියා අන්‍යයන් සමඟ නිරන්තරයෙන්ම සහයෝගිත්වයෙන් වැඩ කරයි. අන්‍යයන් තදින්ම විශ්වාස කරනු ඇත. ගුරු, බ්‍රහස්පති, ජීව පාලන ග්‍රහයාය. ලග්නාධිපතිය. බුද්ධියෙන් අගතැන්පත්ය. පාරා ලෞකිකමය පැතිකඩක් කෙරෙහි ද මැදිවියේ දී නැඹුරුවේවි. අන්‍යයන්ගේ අදහස් තීරණවලට ගරු කරනු ඇත. ඔවුන්ගේ සහාය අපේක්ෂා කෙරේ.

 

ජීවිතයේ එක එල්ලයක් ඇත. දුන්නකින් විදින චිත්‍රයකි. ඕනෑම මාතෘකාවක් යටතේ දිගින් දිගටම තර්ක කරයි. එයට ඉතාම දක්ෂයි. පරිත්‍යාගශීලිය. සමාජයේ ගරුත්වය ලබයි. ජනපි‍්‍රය වේ. මිනිසුන් වශී කර ගැනීමේ චතුර කතාබහක්ද පිහිටා තිබේ. වශීකරණයට සමත් ය.

අමාරුයි, නැහැ, බැහැ, බලමු මෙවැනි වචන ඔහුගේ ශබ්ද කෝෂයේ නැත. දිරිය මානවකයෙකි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම දක්ෂයින්ය. ඔබ සාධාරණ බැවින් රේස් ඔට්ටු වැනි අංශයෙන් පරාද වේ. යුක්තිගරුක නිසා සමහර විට කපටි අයටද හසුවන අවස්ථා පෑදේ. එහෙත් ඒ අයගෙන් ගැලවී ස්වයං ශක්තියෙන් යුතුව වැඩ කරයි. ව්‍යාපාරවලට අතිදක්ෂයි. මුදල් ඉතිරි කිරීමටත් හරිම දක්ෂයි. ව්‍යාපාර කටයුතුවලදී ඉහළම ප්‍රතිලාභ ලබයි. පරාජය වන්නේ කලාතුරකිනි.

සමහර විට පොරොන්දු කඩකිරීමත් තමන් ගැනම සිතීමත් නිසා පුද්ගල සමීපත්වය බිඳ වැටේවි. එය අයහපත් වනු ඇති බැව් වැටහෙන විට සියලු දේම හමාර වී ඇත. රෙදි පිළි, රූපලාවණ්‍ය භාණ්ඩ, ලෝහ බඩු, ආහාර පාන වැනි අංශවලින් වැඩි ප්‍රයෝජන ගැනීමට හැකි වේ.

විවිධ අංශවලින් මුදල් උපයා ගත හැකි වන අතර වයස 32න් පසු මූල්‍ය පැත්ත ගැන වැඩියෙන් සැලකිල්ලක් දක්වන නිසා මිල මුදල් යහමින් ඉතුරු කර ගනී. දේශපාලනයටද දක්ෂයි.

පී‍්‍රතිමත් යුග දිවියක් ගෙවයි. ප්‍රේමය, ආලය, ආදරයට වඩාත් නැඹුරු වේ. තමා විසින්ම සිය සගයා තෝරා ගනු ලැබේ. ධනු ලග්න හිමි කාන්තාව හරිම හැඩකාරයි. රාගී ස්ත්‍රී සිරුරක් හිමි වේ. අන්‍යයන් වශී කර ගැනීමේ කලාවෙහි අතිදක්ෂයි. ජීවිතයේ දෙගොඩ හරි වියවන විට ධනු ලග්න හිමියා විශාල ලෙස දියුණුවේ. වයස 50 සිට 62 දක්වා අතර කාලය සුවිශේෂිතයි. සිය දිවියේ දී මැදිවියේ ගොඩ නඟා ගත් ආර්ථිකය වයස් ගතවත්ම තමා අදීන සම්පත් හිමියකු වේ. අන්‍යයන්ට වහල් නොවී සිය බලශක්තිය හරහා අර්ථ සංරක්ෂණය කර ගැනීමේ බලය තිබේ.

ලෝ පතළ අය - වින්සන්ට් චර්චිල්, වොල්ට්ඩිස්නි, කර්ක් ඩග්ලස්, ජේන්ප්‍රොන්ඩා ප්‍රෑන්ක් සිනෝරා.

 

ඡ්‍යෝතිෂ සහ වාස්තු විද්‍යාවේදී, දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.