මකර ලග්නය හිමි කාන්තාව

සැප්තැම්බර් 9, 2022

 

ලග්නය හා කාන්තාව

 

මකර ලග්නයේ දෙවැනි කොටස වශයෙන් හැඳින්වෙන්නේ මේෂ, වෘෂභ, මිථුන, නවාංශකයක් හිමිව උපන් අයයි. මෙම අයට රවි යහපත් පල අත්කර දෙන අතර රවි 10 වැන්නේ නම් ක්‍රමාණුකූලව දියුණුව ගෙනදෙනු ඇත.

 

 

ලග්න කේන්ද්‍රයේ රාශීන් අතර දහවැනි ස්ථානය හිමි වන්නේ මකර රාශියට වන අතර රවි ග්‍රහයා මකරයට සතුරු ග්‍රහයකු වන අතර කුජගේ උච්ච රාශිය මකරයයි. අධිපති ග්‍රහයා සෙනසුරු වන අතර මකරය සෙනසුරු ග්‍රහයාගේ ස්වක්ෂේත්‍ර රාශිය වේ.

 

කම්මැලිකමින් නිකරුනේ කාලය ගත නොකරන අය වන අතර ලෞකික ආශාවන් ඉතා බලවත් වනු ඇත. විපතක දී වුවත් අන් අයගෙන් උදව් ඉල්ලීමට අකමැති ගතියක් ඇති අතර පඨවි රාශියක් වූ මකරයේ පෘථිවි ගතියත් චර ගතියත් තිබෙන නිසා එම රාශි තුනෙන් ස්ථිරකම අඩුම රාශිය ලෙස මකර රාශිය හැඳින්විය හැකි ය. රැස්කර ගැනීමේ ආශාව වැඩි අතර වෙහෙස මහන්සි නොබලා කටයුතු කරගෙන යාමේ හැකියාවක් ද ඇත.

මකර ලග්නයේ පළමු කොටසට අයත් වන්නේ මකර, කුම්භ, මීන යන නවාංශක තුනෙන් උපන් අයයි. මෙම අය දැඩි ආත්ම ශක්තියෙන් යුක්ත දියුණුවීමේ තද ආශාවක් ඇති අය වනු ඇත. එමෙන්ම කරදර බාධා මැඬගෙන තම අදහස් ඉටුකර ගැනීමට ද සමත් ය.

මකර ලග්නයෙන් හා මකර නවාංශකයෙන් උපන් අය පවුලේ හෝ තම ඥාතීන් අතර ප්‍රධානත්වයක් ගෙන කටයුතු කිරීමට සමත් වේ. ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා ද පස්වැන්න අධිපති සිකුරු ග්‍රහයා ද 09 වැන්න අධිපති බුධ ග්‍රහයා ද ශුභඵල උදාකර දෙනු ඇත. කලාකාමී හැඟීම්වලින් යුතු අය වන අතර ඊට සම්බන්ධ අධ්‍යාපන කටයුතුවල ද නිරත වනු ලබයි.

මෙම අය කෙරෙහි පෙන්නුම් කරන දුර්වලකම් තම පහත් අදහස් හා වාචාලකම් වනු ඇත. නිතර සිත් පීඩා ගෙන දෙන කරුණු ද ඇතිවේ. අන් අය අතර ගරු සරු නොලැබීමට හෝ අවනම්බු ලැබීමට හේතුවන අතර පියාගෙන් ප්‍රයෝජන අඩුවේ.

පළමුවන දෙර්කාණයට අයත් වන බැවින් 22වන දෙර්කාණාධිපති ග්‍රහයා රවි ග්‍රහයා වන අතර රවි ග්‍රහයා 6, 8, 12 යන ස්ථානයක සිටීම ද යහපත් නොවේ.

රවි 10 වැන්නේ සිටීම නැති කරදර ඇතිවීමට හේතුවන අතර විශේෂයෙන් රජයේ රැකියා ලැබීමට බාධා ඇති කරයි. අමාරුවෙන් හෝ රැකියාවක් ලැබුණහොත් එය කරදර බාධා මැදින් කරගෙන යාමට සිදුවේ. උසස්වීම් වැනි දෑ ප්‍රමාද වන අතර උසස් අයගෙන් කරදර ද ඇති කරයි. හිතේ තෘප්තිමත් බවකින් යුතුව රැකියාව කරගෙන යාමට අපහසු වේ. රවි ලග්නයේ සිටීමෙන් උෂ්ණාධික රෝග, හිසේ හෝ රහස් ප්‍රදේශයන්හි රෝග සෑදීමට පහසු වනු ඇත. අහංකාර අයකු ලෙස අන් අයට වැටහෙන නිසා සමාජයෙන් වෙන්වීමට ඉඩ තිබේ.

රවි 7 වැන්නේ සිටීම හෝ රවි සඳු යෝගය විවාහයට බාධා ඇති කරවන අතර හත් වැන්නේ රවි සිටීම නිසා විවාහය කල් යන බවට ද නොගැළපෙන අයකු හා යුගදිවිය ගත කිරීමට සිදුවීම හෝ ජාතියෙන් කුලයෙන් හෝ ආගමෙන් වෙනස් අයකු විවාහයට ලැබීමට, නැතහොත් වයසින් වෙනස් දික්කසාද වූ අයෙකු හෝ විවාහයට ලැබීමට ද පුළුවන. රවි මහ දශාව රවි අතුරු දශා මෙන්ම ඉරිදා දිනය අශුභපල ගෙනදෙනු ඇත.

මකර ලග්නයේ දෙවැනි කොටස වශයෙන් හැඳින්වෙන්නේ මේෂ, වෘෂභ, මිථුන, නවාංශකයක් හිමිව උපන් අයයි. මෙම අයට රවි යහපත් පල අත්කර දෙන අතර රවි 10 වැන්නේ නම් ක්‍රමාණුකූලව දියුණුව ගෙනදෙනු ඇත. 11 වැන්නේ සිටීනම් හදිසි ධනලාභ ලැබීමට ද පුළුවන.

මෙම අයට අශුභපල අත්කර දෙන්නේ ගුරු ග්‍රහයා ය. කොයි කරුණකදී වුවත් වහා කලබල වන ගතියක් මෙම අය ගෙන් පෙන්නුම් කරන අතර සැර පරුෂ ලෙස කතා කිරීමෙන් ඔහුගේ හෝ ඇයගේ මනසට ඇතිවන වේදනාව නිසා රෝගාබාධ ඇතිවීමට වුවත් ඉඩ තිබේ. අනුකම්පා ගතිය ද තරමක් අඩුවේ. වැඩිමහල් සහෝදරාදීන්ගෙන් පල ප්‍රයෝජන අඩු අතර ගුරු 7 වැන්නේ සිටීනම් විවාහය පමා කරවන අතර දහ වැන්නේ නම් රැකියාවට බාධා ගෙන දෙනු ඇත.

මකර ලග්නයේ තුන්වන කොටස වන්නේ මකර ලග්නය වී කටක, සිංහ හෝ කන්‍යා යන නවාංශකයකින් උපන් අය වනු ඇත. මෙම අයගේ 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා කුජ බැවින් අශුභඵල උදාකර දෙයි. සෙනසුරු, සිකුරු, බුධ ග්‍රහයන් ශුභඵල අත්කර දෙන අතර කුජ 7 වැන්නේ සිටීමෙන් විවාහයට බාධා පැමිණෙන අතර ස්වාමියාට හෝ භාර්යාවට අකල් මරණ පවා ගෙන දෙනු ලබයි.

 

ඡ්‍යොතිෂවේදිනී

ගීතිකා සමරතුංග

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.