වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
මතට ගොදුරු වූ ආදරණීයයා ඉන් මුදවා ගැනීමට මඟක්
මේ ක්‍රමවේදය සඳහා දේව ආකර්ෂණය ලබාගත යුතු අතර ඒ සඳහා පිරිසුදු පුටුවක් හෝ මේසයක් කහ පැනින් සෝදා ඒ මත කෙසෙල් දලුවක් දමා රතු රෙදි කඩක් එළා මල් බුලත්, පඬුරු, පහන්, සුදුහඳුන්, රත්හඳුන්, කපුරු තැන්පත්කර නොඉඳුල් පැන් (අලුත් ලිඳකින් ලබා ගත් ජලය) හෝ කපුටා හැඬීමට පෙර බොන ළඳකින් අලුත් කළයකට කිහිප විටක් පෙරා පැන් ලබා ගන්න. මේ පැන් අලුත් බඳුනකට දමා මල් අසුනේ තබා කාල්ගාමින් පහත සඳහන් මන්ත්‍ර දැහැනෙන් 334 වරක් මතුරා මතට යොමු වූ අය බොන සුරාවලට එම පැන් මේස හැඳි කීපයක් ලබාදෙන්න. මෙසේ නොකඩවා දින 7ක් කරන්න. මත්කුඩුවලට යොමුවූ අයට එම පැන් පානය කිරීමට සහ අහාරවලට මුසුකර දෙන්න. රන් තැඹිලි තෙල් යහනෙහි තබා ජීවම් කර එම තෙල් බින්දු කීපයක් මතට යොමුවූ අයට ආහාර සමඟ ලබාදීමෙන් එම අයද මතින් මුදවා ගත හැකිය.
මන්ත්‍ර දැහැන:–
1) ඕං ශ්‍රී විෂ්ණු කන්දකුමාර වේලායුධ කන්දස්වාමි වාරුං වල්ලි අම්මා දිෂ්ටි භද්‍රකාලි දිෂ්ටි වාරුං වාරුං ජය වර වර නමඞ
2) ඕං සිද්ධිගුරු රාජගුරු දේවගුරු කන්දගුරු ධරණ මයුර කදිර ස්වාමි ඕඩිවා ඕඩිවා
3) ඕං සර භුතාප්පුදීප්පු සරව් සංහාර පුරකදිර ලලිත ලලිත රූඪ රූඪ ජල ජල ආවේශ ආවේශ කර්ගවර්ණ මයුර කදිරස්වාමි ඕඩිවා ඕඩිවා
4) ඕං කුරුනාත රාජගුරු තැන්තෝරු විල්ලෝඩි වෙට්ටු විසා දියුමි පාර්වතී සුරනන්ද කන්දකුමාර වේලායුධ අසුර යුධ නාරායනේ කන්දස්වාමි ඕඩිවා ඕඩිවා
5) ඕං තිප්පු නාරායනේ ස්ත්‍රී කන්දප්පුවයිකාල් ඊශ්වර රන්දුනු කර්ග හස්තප්පු අවතාර නාරායනේ (නමඞ..........)
ගේ අභිවෘද්ධියට කිරි මුහුද ගැලි ගැලී කදිර ස්වාමි ඕඩිවා ඕඩිවා
6) ඕං සිවරාජ කදිරාකන්ද චක්‍රායුධ ධරණී ශ්‍රී සෞභා මයුරායුධයෙන් කතර කඳු දෙක දෙහෙදුකර කඳුහෙල් ජලතල සමුදු දසබල අවතාරගත් ශ්‍රී නාරායන කදිර ස්වාමි (නමඞ...............) ගේ ජීවිත සුරාවෙන් මුදා රක්ෂන්තු ශ්‍රී බුද්ධ ඒස්වාහඞ
7) ඕං ශ්‍රී නාමි කල්ලෝඩි පූඩයේරුං කිඩ තැරි තැරී ආවේසුම් පුඩි පුඩි ස්වාමි නමෝ නමඞ
334 වරක් ජප කරනු සැ.යු. හිස් තැන්වලට සුරාවට හෝ මත්ද්‍රව්‍යවලට ලොල් වූ අයගේ නම යොදන්න.
ඉහත මන්ත්‍ර දැහැන නිවැරැදි ලෙස යොදාගෙන ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරනු. ප්‍රාණ -පලිප්පු සිද්ධි - පුට යෙදිය යුතුය. මෙය ඉතා බලගතු මන්ත්‍ර දැහැනකි. දරුණු පුද්ගලයන් පවා දමනය කළ හැකිය. මතින් පැමිණ කෝලාහල කරන කරදරකාරී පුද්ගලයන් මෙල්ල කළ හැකිය. ප්‍රතිපත්ති පරිදි කටයුතු කරනු මෙය කරන අය සියලු පිළිහුඩු වර්ගවලින් වෙන්විය යුතුය.
ශාන්ති කර්ම ගුප්තවිද්‍යා
එස්.ටී. එස් ද සිල්වා