වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
අලුත් අවුරුද්ද හා බැඳුණු එදා අප ආහාර සංස්කෘතියෙහි පස්ගෝරස ගුණයන්
ශ්‍රී ලංකාවට උරුම වූ වටිනා ආහාර සංස්කෘතික රටාවක් එකල පැවති බවට බොහෝ සාක්ෂි වේ. බොහෝ ආහාර වර්ග රාශියක් එදා සිට පැවති අතර, මෙම ආහාර සංස්කෘතිය අද දක්වාම පෝෂණයවීම සඳහා බුදුදහමෙත්, ආයුර්වේදයේත් ආභාසය බොහෝවිට ලැබී ඇති බවටත්, ඒ බවට අප ආහාර සිරිත් විරිත් ආචාර විධි මෙන්ම සංස්කෘතික උත්සව, විශේෂයෙන් ආගමික වෙසක් වැනි උත්සවත්, අවුරුදු උත්සව සඳහාත්, විවාහ සිරිත්, කෙම් ක්‍රම, පූජා විධි, ශාන්තිකර්ම වැනි දෑ මෙරට ආහාර සංස්කෘතියෙහි අපට ආවේනික වූ වැදගත් පෝෂණීය රටාවන් හිමි වූ සංස්කෘතික උරුමයක් වේ.
විශේෂයෙන් අලුත් අවුරුදු උත්සව හා ඒ සම්බන්ධ වූ ඉතිහාස පුවත්හි විශේෂ සම්බන්ධයන් වනුයේ ආහාර හා බැඳි ජාතික සිරිත් විරිත් මෙන්ම ශ්‍රී ලංකා සංස්කෘතික පැතිකඩක් වූ මහා විවරණයක් වේ. මහා පෝෂණීය සංකලනයක් වූ පස්ගෝරසයන් හි නිර්මිත ආහාර එදා අවුරුදු මේසය සරුසාර කෙරුවේ කිරෙන්, බතෙන් හා තෙලෙන් සම්මිශ්‍රණය වූ මහා පෝෂණීය සංඝටක ගණනාවකින් ය.
අප රට බොහෝ කොට පැවතියේ කෘෂි ආර්ථික ජීවන රටාවේ පැවැත්මකය. එදා සිංහල ගමේගෙදර තම ආහාරපාන සපයා ගත්තේ තම කුඹුර හා ගෙවත්ත මෙන්ම තම හරකා බාන රැකීමෙන් ය. විශේෂයෙන් මෙම ගෙවත්ත සකසා තිබුණේ විශේෂිත වූ ක්‍රමවේදයකටය. බතෙන් කිරෙන් මෙන්ම භවබෝගවලින් පිරුණු ගෙවත්තෙහි පලාකොළය, එළවළු මෙන්ම පලතුරුද, පොල්, කොස් හා දෙල් යන ආහාර වර්ගයන්ද, කිසිදු අඩුවක් නොවිනි. මේවා කාලීන අවශ්‍යතාවයන්ට අනුව අවස්ථානුකූලව ගබඩා කොට අවැසි පරිදි භාවිතයට ගැනීම නිසාද කිසිදු අඩුපාඩුවකින් තොරව වැසි කාලයටත්, පායන කාලයටත් ගැනීමට එකතුව පැවතියේ ස්වාභාවික ආහාර කල්තබා ගන්නා ක්‍රමවේදයන් මතය. කිසිදු විටෙක විෂ නොවනා මෙම ආහාර සංකලනයන් අපට එදා පැවති ආහාර සංස්කෘතියෙහි දියුණුව මනාව පැහැදිලි වේ. එසේම ගැමි ගෙදර අවුරුද්දට ද කළඑළි වනුයේ මේ සියලු භවබෝග සම්පත්වලින් ය.
එදා ගැමිගෙදර හිඟපාඩුවකින් තොරව පස්ගෝරස ආහාරයෙන් පරිපූර්ණ වනුයේ ගෙදරම කිරි හරක් පට්ටිය සිටිනා නිසාමය. මෙම පස්ගෝරස ලෙස හැඳින්වූයේ පූජාවලියට අනුව නම් කිරි, දීකිරි, මෝරු, ගිතෙල්, වෙඬරු ලෙසටය. එසේම බුද්ධ පුත්‍ර හිමි විනය පිටකයෙහි ද පස්ගෝරස හඳුන්වාදී ඇත්තේ චිරං දධිං තක්කං නවනීතං සප්පිං යනුවෙන්ය.
එසේම දෙවොල් දෙවි අලංකාරයෙහි එනකවි අතර අප ආහාර ගැන බොහෝ දේ සඳහන් වේ.
කිරිත් එලගම වෙඬරු පස්ගෝරස ද කන තෙල් මුට්ටි පුරවා
වෙනත් කන බොන කැවිලි ද පුරවා වර්ණ නොයෙකුත් ලෙසට සදවා
නොයෙක් පලවැල ජාති රඹකළත් බොජුන් ලාදුන් පෙට්ටි පුරවා
බුලත් නාගර කුකුල් පස් පල වනන් ගෙන බෙදා තට්ටු පුරවා
(කාරියවසම් මහතා 1992)
එසේම භෝජන කැපකිරීම් චාරිත්‍රවලදී බලිරංග මණ්ඩපයට පුද කරනා භෝජන අතර විශේෂයෙන් පස්ගෝරසයද ගන්නා බව සඳහන් වේ.
ගෞතම බුදුරජුන් භික්ෂූන් වහන්සේලා උදෙසා විවිධ අවස්ථාවල බෙහෙත් වර්ග නියම කොට ඇති බවත්, මහාවග්ග පාලියෙහි දැක්වෙන අන්දමට විවිධ ආහාරපාන වර්ග බෙහෙත් ලෙස හඳුනාගෙන ඇත. එසේම බොහෝවිට පස්ගෝරස අනුදැන වදාළ අවස්ථා ඇත.
තෙලෙන් හා කිරෙන් පූර්ණ වන සිංහල අවුරුද්දට මේ පංච රසයන්ගෙන් කිරි හා ගිතෙල්වලට හිමිවනුයේ ප්‍රධාන ස්ථානයකි. කිරියෙන් හා ගිතෙලින් සකස් කරගන්නා කිරිබතත්, නැකැතට කිරි ඉතිරීම සඳහා කිරිත් සපයා ගන්නේ නම් හරකාගෙනි. ඉතාමත් නැවුම්ව හා පිරිසුදුව සකස් කොට භාවිතයට ගැනීම සඳහා ගිතෙල් සකස් කොට තබාගනී. එසේම ඒවා අවුරුදු කාලයට ආහාරයෙන් පසු අතුරුපස ලෙසට (මුදවපු කිරි) ගැනීමද එදා ගැමි ගෙදර අමතක නොකරති. පූර්ණ වූ ආහාර වේලක ගුණය හඳුනාගත් නිසාමය.
ගණදෙවියන් පුදදීම සඳහාද පස්ගෝරස භාවිතා කෙරේ. එය මෙසේ ගණදෙවි හෑල්ලේ සඳහන් වේ.
කිරි දී වෙඬරු පස්ගෝ රසිනා
උඳු මුං තල මෑ කරලින් සොබනා
මේ නම් කැවුමෙන් නිතිපුද ලබනා
දෙන් මට නුවණත් ගණදෙවි යෙහෙනා
දීකිර සමඟ හීල්පත් කෑම මෙරට ගම්වැසියන්ගේ හුරුපුරුදු ආහාරයක් වේ. එය මෙසේ ජන කවියක සඳහන් වේ.
නැන්දේ මාමාට බඩගිනි නැද්දෝ
රෑ වූ සැළියේ දම්කුඩ නැද්දෝ
ඒවා කන්නට දී කිරි නැද්දෝ
දීකිරි නැත්නම් කොහොමට කන්දෝ
(සන්නස්ගල මහතා - 1989)
මෙම කිරි ආහාරයන්ගේ නිර්මිතයන් අප අවුරුදු මේසය සරසනුයේ ගුණයෙන්, වර්ණයෙන්, රසයෙන්, රුචිකාරක සුවඳින් මෙන්ම ෂඩ් රසයෙන් යුක්ත වූ මහාපෝෂණයෙන් ය.
විටමින් අතරින් ඒ හා ඩී විටමින් බහුලව අඩංගු වන අතර, කැල්සියම් බහුලවම අඩංගු ඛනිජ ලවණය වේ. මිනිස් ශරීරයට අවශෝෂණය කළ හැකි කැල්සියම් වැඩි ප්‍රමාණයක් අඩංගු ආහාරය නැවුම් එළකිරිය. විවිධ ආකාරයන්ගෙන් එදා පරිභෝජනය කළ හැකි ක්‍රම විධි අප පස්ගෝරස ලෙස හැඳින්වූ එයින් සකස්කළ ආහාර වර්ග රාශියකි.
කිරි - නැවුම්, එළකිරි, දීකිරි, මුදවපු කිරි, මෝරුවේ ප්‍රෝටීන්, වෙඬරු, බටර්, ගිතෙල්, එළඟිතෙල් වේ. විශේෂයෙන් ආහාරයකින් අප ලබාගත යුතු ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන ලක්ෂණ පස්ගෝරසයකින් ලබාගත හැකි වීම විද්‍යාත්මකව ඔප්පු කොට ඇත. එනම්,
කිරි - ආයු දීකිරි - වර්ණ
මෝරු - සැප වෙඬරු - බලය
ගිතෙල් - ප්‍රඥා
විශේෂයෙන් එළකිරි වල
ජලය - 87.04
ප්‍රෝටීන් - 3.05
ලවණ - 0.09
මේදය - 3.9
කිරි සීනි - 4.9
කැසිනජන්, ලැක්ටැක්බියුමින් සහ ලැක්ටග්ලෝබියුමින් හා ප්‍රෝටීන වර්ගවලින් ගුණපිරි කිරි ප්‍රෝටීනවල සිරුරේ පටකවල හා රුධිරයේ වර්ධනයට අත්‍යවශ්‍ය සියලුම ඇමයිනෝ අම්ල අඩංගු වේ. විශේෂයෙන් එළකිරිවල සමස්ත ප්‍රෝටීන් ප්‍රමාණය 80% - 90% තරම්ම කැසිනජින් වේ.
කිරිවල අඩංගු මේද අම්ල ඉතා සියුම් ගෝලිකා වශයෙන් පවතී. නමුත් කිරි මේද ඉතාමත් පහසුවෙන් දිරවයි. එම නිසා බාල, මහලු රෝගී කාහටත් පථ්‍ය ආහාරයක් වනුයේ එම නිසාය. කිරි දරුවාගේ ඇට හා දත් වැඩීමට අවශ්‍ය සියලු ලවණ කොටස්වලින් පූර්ණ වේ.
මුදවපු කිරි එකලද, අද ද රුචිය වඩනා පි‍්‍රයතම ආහාරයක් වේ. අණුකළ කිරි මුදවනු ලබයි. මෙම මුදවීමේ දී ලැක්ටෝස් සීනි ලැක්ටීන් අම්ලය බවට පත්වේ. මෙම ආම්ලිකතාවය කිරිවල ඇති විෂබීජ නාශනය කෙරේ. ජීර්ණ පද්ධතිය සඳහා ගුණදායකය සමවර්ණවත් කෙරේ.
මෝරු - ලංකාවේ උතුරු ප්‍රදේශයේ ඉතා ජනපි‍්‍රය ආහාරයකි. උණුකළ කිරිවලට කලින් දිනයේ ඉතිරි වූ මෝරුවලින් මුහුන් දමා පැය 12 ක් පමණ තබා මිදුන පසු යොදය ඉවත්කොට කලතා ජලය එක්කර ගත් විට මෝරු ලැබේ. මෝරු ගිලන් වූ අයට ඉතාමත් හිතකර ආහාරයකි.
මෙය තුන්දොසින් හටගන්නා රෝග සඳහා යෙදේ. උදරගත රෝග සඳහාත් මුත්‍රාකාරක, ශෝථහර , කෘමිරෝග සඳහා ද ගනී.
ගිතෙල් - ඉන්දියාවෙත් ලංකාවෙත් භාවිතා කරයි. බටර් මඳ ගින්නේ රත්කොට එහි ජලය ඉවත් කිරීමෙන් පසු ගිතෙල් සාදා ගනු ලැබේ.
කේඹඹඹජු තනනු ලබන්නේ කිරි කැටි ගස්වා මෝරු ඉවත්කොට කැටිගැසුනු කොටස පැසවීමෙනි. දත්දිරායාම වළකයි. අස්ථි ශක්තිමත් කෙරේ. ප්‍රෝටීන් හා කාබ්‍රොහයිඩ්‍රේට්, තෙල් අඩංගු වී පිළිකා සෑදීම අවම කරයි.
ගිතෙල් ගුණ
ගුරුය ස්නිග්ධය, මධුර රසයෙන් යුක්තය.
ගොඩකදුරු විෂ වූ විට - එළකිරට ගිතෙල් දමා පෙවීම කරනු ලබයි. බොහෝ රෝග සඳහා ජීවානු නාශකයක් ලෙසට වෙනත් ඔසුමුසු කොට ධූම ඇල්ලීම විශේෂයෙන් බාල රෝග සඳහා කැස්සට මී පැණි හා ගිතෙල් හා සර්කාවලේහය ප්‍රසිද්ධය. උන්මාද හා අපස්මාර රෝග සඳහා පුරාණයේ ගිතෙල් යොදා ගනී.
ගෝනුසු විෂට ද ප්‍රතිකාරයකි.
වාතපිත්ත රෝගවලට ද විශේෂයෙන් යෙදේ.
පස්ගෝරස ගුණයෙන් මෙන්ම ආයුර්වේදීය ප්‍රතිකාරද රාශියක් වන අතර, විශේෂයෙන් ගෘහ ආශි‍්‍රත (අත්බෙහෙත්) ප්‍රතිකාරයෙහි විශේෂිත ප්‍රතිකාර මේ වන අතර, බොහෝ රෝග සඳහා භාවිතා කරයි.
මී පැණි විෂට ඇල්පැන් මොර හෝ කිරි අගුළු රසද
ගිතෙල් විෂට මහඔසු සුනු පැන හෝ මොර පිසු කැඳද
කිරි විස කිරි අගුලුරසද කිරිබත් විෂයට ඉඟුරුද
සියලු කැවුම් ජාති විෂට මොහොරඳ දෙනු දෙවුන් දියද
සිංහල යෝග රත්නකරයේ ප්‍රතිවිෂ ආධ්‍යාය
තවද අත්තන විෂයට එන පස්ගෝරස ප්‍රතිකාර
අත්තන විෂට එළකිරි නෙලුඔල එම ඇට වෙන වෙන
උත්සකුරුත් හා එළකිරි දෙක එක්කොට ගෙන පොවමින
ගිතෙල් දෙබාගයකට උක්සකුරු දෙබාගයක් රැගෙන
එක්කොට පොවනු අගුණු ක්ෂායෙනුත් තබාගයක් රැගෙන
ගිතෙලින් බාගයකුතු එක්කොට පොවමින් අරළු යුෂින
උනු කරගත් එරඬු තෙලුත් බූව අත්තන විෂ නසනා
(සිංහල යෝගරත්නාකර)
එසේම අද සමාජයේ බහුල අමිල පිත්ත රෝගයට මෙන්ම ආමාශගත බොහෝ රෝග සඳහා එළකිරි හා මෝරු යොදා කරන ප්‍රතිකාර රාශියක් වේ.
ගෙඩි පිපිරවීමට
අත්තන බීජ ජලයෙන් අඹරා ගිතෙල් මුසුකොට මඳක් උණුසුම් කර ගෙඩි මතුපිට ගෑමට දෙන්න.
මී විෂට - ඉරමුසු මුල් කෂාය කොට ගිතෙල් දමා බීමට දේ.
ඕනෑම සතෙකු කෑ විට එකල ගිතෙල් පෙවීම, බඩට විෂගිය විට එළකිරි පෙවීමද කරනු ලැබේ. කිරි ආහාරවල කලාතුරකින් අසාත්මිකතා වුවද බොහෝවිට පවතිනුයේ විෂ හරන ශරීර තාපය දුරලන ශක්ති ජනක දේ අඩංගු වීම ය.
මෙසේ අවුරුදු මේසය හැඩකළ පස්ගෝරස ආහාර භාවිතයන් ශරීර ශක්තියට හා පෝෂණයට මෙන්ම උදරයේ වූ බොහෝ රෝග මැඬ පැවැත්වීම සඳහාත් එදා ඔවුනට උපකාර වූවා. අද එම ආහාර සංකලනය ක්‍රමයෙන් වියැකී ගියද ඉන්දියාවේ උදෑසන ප්‍රධාන ආහාරය ලෙසද මෝරු අද ද භාවිතා කරයි.
සතෙකු කෑ විට නම නොදනී නම් විෂ බැස්සවීම සඳහා ගිතෙල් භාවිතා කරනු ලබයි.
ශරීරය කෙට්ටු අයට ගිතෙලින් සම්පාදිත ප්‍රතිකාර රාශියකි.
මෝරුවල 91% ක් ජලයද, ශකාරා 4%ක්ද, ලැක්ටින් ඇසිඩ් 8.5%ක්ද, මාංශජනක 3.5%ක්ද භෂ්ම ආදිය අන්තර්ගත වේ. තත්‍රාරිෂ්ඨ නමින් අරිෂ්ඨයක්ද මෙයින් සාදනු ලබයි.
අවුරුදු මේසය රස කරවන වර්ණ ගන්වන මේ පස්ගෝරස ආහාර වර්ග රාශියක් වන අතර, ඒවාට පැණි, සීනි හා වෙනත් දේ මුසුකොට විවිධාකාරයෙන් තනා ආහාර මේසය සරසයි. එකම වර්ගයකින් පස් ආකාරයට මෙන්ම එයද විවිධාකාරයට භාවිතා කළ හැකි වේ. රස පංචකය අද අප බොහෝ ගම්මානවල භාවිතා කරනු ලබයි. විශේෂයෙන් එළකිරි මඟින් සාදාගන්නා රසකැවිලිවර්ග බොහෝ ය. කිරිවල අවශ්‍යතාවය ද එසේම ය.
මෙසේ වන අවුරුදු සිරිතෙහි ආසිරිවිද එදා ගැමියා සතුටට පත්වනුයේ තමා විසින් ම නිර්මිතයන්ගෙන් තම ඥාති හිතමිතුරන්ට සංග්‍රහ කිරීමට ඇති හැකියාවක් මේවායේ පැවති ගුණයන් නිසාමය. එසේම එදා ගැමිගෙදර කිරිමුට්ටි හා ගිතෙල් හුවමාරු කොට ගමේ කොයි කාටවත් අඩුපාඩුවක් නොවන ලෙසට කටයුතු කොට තිබීමද විශේෂයකි. පස්ගෝරස මෙම අවුරුදු සමයේ එදා කාටත් පිහිටවූයේ තෙලෙන් හා කිරෙන් පෝෂණය කිරීමෙනි.
එළකිරිවලින් අප නිෂ්පාදිත ඖෂධ රාශියක් වේ. වෘහත් අශ්වගන්ධාදි ගෘතය, ජාගල්යාදී ගෘතය, ශතාවරිගෘතය ආදී රාශියකි. ප්‍රසාරනී තෙල, සිද්ධාර්ථ තෙල, හිමසාගර තෙල ආදී තෙල් වර්ගද රාශියකි. රණහංස රසායනය මෙන්ම දීකිරිවලින්ද නේත්‍ර පටල තෙල හා චම්‍යාදිගෘතය නිෂ්පාදන කෙරේ.
මෙසේ අවුරුදු උදාවන 2022 වසර මා හිතවත් සුබසෙත කාර්යය මණ්ඩලයටත්, ලෝකවාසී ලංකාවාසී සැමටත් නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ වසරක් වේවායි ප්‍රාර්ථනය සමඟිනි.
කිරිවල අඩංගු මේද අම්ල ඉතා සියුම් ගෝලිකා වශයෙන් පවතී. නමුත් කිරි මේද ඉතාමත් පහසුවෙන් දිරවයි. එම නිසා බාල, මහලු රෝගී කාහටත් පථ්‍ය ආහාරයක් වනුයේ එම නිසාය. කිරි දරුවාගේ ඇට හා දත් වැඩීමට අවශ්‍ය සියලු ලවණ කොටස්වලින් පූර්ණ වේ. මුදවපු කිරි එකලද, අද ද රුචිය වඩනා පි‍්‍රයතම ආහාරයක් වේ. උණුකළ කිරි මුදවනු ලබයි. මෙම මුදවීමේ දී ලැක්ටෝස් සීනි ලැක්ටීන් අම්ලය බවට පත්වේ. මෙම ආම්ලිකතාවය කිරිවල ඇති විෂබීජ නාශනය කෙරේ. ජීර්ණ පද්ධතිය සඳහා ගුණදායකය සමවර්ණවත් කෙරේ.
මෝරු - ලංකාවේ උතුරු ප්‍රදේශයේ ඉතා ජනපි‍්‍රය ආහාරයකි. උණුකළ කිරිවලට කලින් දිනයේ ඉතිරි වූ මෝරුවලින් මුහුන් දමා පැය 12 ක් පමණ තබා මිදුන පසු යොදය ඉවත්කොට කලතා ජලය එක්කර ගත් විට මෝරු ලැබේ. මෝරු ගිලන් වූ අයට ඉතාමත් හිතකර ආහාරයකි.
මෙය තුන්දොසින් හටගන්නා රෝග සඳහා යෙදේ. උදරගත රෝග සඳහාත් මුත්‍රාකාරක, ශෝථහර , කෘමිරෝග සඳහා ද ගනී.
ගිතෙල් - ඉන්දියාවෙත් ලංකාවෙත් භාවිතා කරයි. බටර් මඳ ගින්නේ රත්කොට එහි ජලය ඉවත් කිරීමෙන් පසු ගිතෙල් සාදා ගනු ලැබේ.
කේජු තනනු ලබන්නේ කිරි කැටි ගස්වා මෝරු ඉවත්කොට කැටිගැසුණු කොටස පැසවීමෙනි. දත්දිරායාම වළකයි. අස්ථි ශක්තිමත් කෙරේ. ප්‍රෝටීන් හා කාබ්‍රොහයිඩ්‍රේට්, තෙල් අඩංගු වී පිළිකා සෑදීම අවම කරයි.
ගිතෙල් ගුණ
ගුරුය ස්නිග්ධය, මධුර රසයෙන් යුක්තය.
ගොඩකදුරු විෂ වූ විට - එළකිරට ගිතෙල් දමා පෙවීම කරනු ලබයි. බොහෝ රෝග සඳහා ජීවානු නාශකයක් ලෙසට වෙනත් ඔසුමුසු කොට ධූම ඇල්ලීම විශේෂයෙන් බාල රෝග සඳහා කැස්සට මී පැණි හා ගිතෙල් හා සර්කාවලේහය ප්‍රසිද්ධය. උන්මාද හා අපස්මාර රෝග සඳහා පුරාණයේ ගිතෙල් යොදා ගනී.
ගෝනුසු විෂට ද ප්‍රතිකාරයකි. වාතපිත්ත රෝගවලට ද විශේෂයෙන් යෙදේ. පස්ගෝරස ගුණයෙන් මෙන්ම ආයුර්වේදීය ප්‍රතිකාරද රාශියක් වන අතර, විශේෂයෙන් ගෘහ ආශි‍්‍රත (අත්බෙහෙත්) ප්‍රතිකාරයෙහි විශේෂිත ප්‍රතිකාර මේ වන අතර, බොහෝ රෝග සඳහා භාවිතා කරයි.
මී පැණි විෂට ඇල්පැන් මොර හෝ කිරි අගුළු රසද
ගිතෙල් විෂට මහඔසු සුනු පැන හෝ මොර පිසු කැඳද
කිරි විස කිරි අගුලුරසද කිරිබත් විෂයට ඉඟුරුද
සියලු කැවුම් ජාති විෂට මොහොරඳ දෙනු දෙවුන් දියද
සිංහල යෝග රත්නකරයේ ප්‍රතිවිෂ ආධ්‍යාය
තවද අත්තන විෂයට එන පස්ගෝරස ප්‍රතිකාර
අත්තන විෂට එළකිරි නෙලුඔල එම ඇට වෙන වෙන
උත්සකුරුත් හා එළකිරි දෙක එක්කොට ගෙන පොවමින
ගිතෙල් දෙබාගයකට උක්සකුරු දෙබාගයක් රැගෙන
එක්කොට පොවනු අගුණු ක්ෂායෙනුත් තබාගයක් රැගෙන
ගිතෙලින් බාගයකුතු එක්කොට පොවමින් අරළු යුෂින
උනු කරගත් එරඬු තෙලුත් බූව අත්තන විෂ නසනා
(සිංහල යෝගරත්නාකර)
එසේම අද සමාජයේ බහුල අමිල පිත්ත රෝගයට මෙන්ම ආමාශගත බොහෝ රෝග සඳහා එළකිරි හා මෝරු යොදා කරන ප්‍රතිකාර රාශියක් වේ.
ගෙඩි පිපිරවීමට - අත්තන බීජ ජලයෙන් අඹරා ගිතෙල් මුසුකොට මඳක් උණුසුම් කර ගෙඩි මතුපිට ගෑමට දෙන්න.
මී විෂට - ඉරමුසු මුල් කෂාය කොට ගිතෙල් දමා බීමට දේ.
ඕනෑම සතෙකු කෑ විට එකල ගිතෙල් පෙවීම, බඩට විෂගිය විට එළකිරි පෙවීමද කරනු ලැබේ. කිරි ආහාරවල කලාතුරකින් අසාත්මිකතා වුවද බොහෝවිට පවතිනුයේ විෂ හරන ශරීර තාපය දුරලන ශක්ති ජනක දේ අඩංගු වීම ය.
මෙසේ අවුරුදු මේසය හැඩකළ පස්ගෝරස ආහාර භාවිතයන් ශරීර ශක්තියට හා පෝෂණයට මෙන්ම උදරයේ වූ බොහෝ රෝග මැඬ පැවැත්වීම සඳහාත් එදා ඔවුනට උපකාර වූවා. අද එම ආහාර සංකලනය ක්‍රමයෙන් වියැකී ගියද ඉන්දියාවේ උදෑසන ප්‍රධාන ආහාරය ලෙසද මෝරු අද ද භාවිතා කරයි.
සතකු කෑ විට නම නොදනී නම් විෂ බැස්සවීම සඳහා ගිතෙල් භාවිතා කරනු ලබයි. ශරීරය කෙට්ටු අයට ගිතෙලින් සම්පාදිත ප්‍රතිකාර රාශියකි. මෝරුවල 91% ක් ජලයද, ශකාරා 4%ක්ද, ලැක්ටින් ඇසිඩ් 8.5%ක්ද, මාංශජනක 3.5%ක්ද භෂ්ම ආදිය අන්තර්ගත වේ. තත්‍රාරිෂ්ඨ නමින් අරිෂ්ඨයක්ද මෙයින් සාදනු ලබයි.
අවුරුදු මේසය රස කරවන වර්ණ ගන්වන මේ පස්ගෝරස ආහාර වර්ග රාශියක් වන අතර, ඒවාට පැණි, සීනි හා වෙනත් දේ මුසුකොට විවිධාකාරයෙන් තනා ආහාර මේසය සරසයි.