වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
බුධ මීනයේ නීච වෙයි
ලග්න 8කට සුබ පල දෙයි
මාර්තු මස 24 වන සිකුරාදා දින පෙ. ව 10.57 ට ග්‍රහ ලොව බුද්ධිමතා හෙවත් සඳු පුත් බුධ ග්‍රහයා තම එකම නීච රාශිය වූ ගුරු ට අයත් මීන රාශියට පැමිණෙනු ඇත. පසුගිය මාර්තු 07 වන දින සිට ශනිට අයත් කුම්භයේ ගත කළ බුධ තම නීච මෙන්ම රාශි 12 අතුරින් අසුබම රාශිය වන මීනයට පැමිණීම බුධගෙන් නියෝජනය වන අංශ කෙරෙහි රට තුළ යම් අසුබ බලපෑමක් එල්ල කරනු ඇත. එතැන් සිට බුධ ග්‍රහයා අප්‍රේල් 09 දක්වා සති 2කට වැඩි කාලයක් මීනයේ රැඳී සිටී. බුධ මීනයට පිවිසීම හේතුවෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අංශවල ගැටලු හා ප්‍රශ්න ඇති විය හැකිය. බුද්ධිමතුනට යහපත් නොවනු ඇත. උගතුන් හා බුද්ධිමතුන් අතර ගැටලු හා මතවාද ඇති වේ.
පරිපාලන අංශ, පළාත් පාලන ආයතන ප්‍රධානීන් අතර, විදෙස් තානාපති අංශ, විදෙස් රැකියා අංශවල ගැටලුකාරී තත්ත්ව ඇතිවනු ඇත. ආනයනික භාණ්ඩ මිල ඉහළ යන අතර බොහෝ විට මෙම කාල සීමාව තුළ ඉන්ධන මිල ඉහළ යාම හෝ ඒ ආශ්‍රිත ප්‍රශ්න ගැටලු උද්ගත වනු ඇත. ගින්නෙන් විපත් හා විදුලියෙන් ගැටලු ඇති විය හැකිය.
ග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයින් අතරින් ළාබාල මෙන්ම කුඩාම ග්‍රහ ලොව වන බුධ ග්‍රහයා සූර්‍යයාට ඉතාම ආසන්නයෙන් පිහිටි විශාලත්වයෙන් සැතපුම් 2705 ක පමණ විශ්කම්භයක් ඇති ග්‍රහයෙකි. අප වාසය කරන පෘථීවි ග්‍රහ ලොව මෙන් හරි අඩක් පමණ විශාලත්වයකින් යුත් නිරන්තරයෙන් සූර්යයා හෙවත් රවි සමඟම ගමනක යෙදෙන බුධ ග්‍රහයා විශ්ව කේන්ද්‍රයේදී 3 හා 6 යන රාශි දෙකට අධිපති වන අතර මිථුන හා කන්‍යා යන ලග්න දෙකට අධිපතිත්වය දරනු ඇත. ග්‍රහ ලොව ඥාාන කරකයා ලෙසින් හඳුන්වන බුධ අධ්‍යාපනයට, ළමා වියට, පොතපතට, ලේඛන කලාවට, ගුරු වෘත්තියට, මෙන්ම චතුර කථිකත්වයට මෙන්ම කවියට, පොත් පත් වෙළදාමට හා මුද්‍රණ කර්මාන්තයට ද බලපෑමක් දක්වන ග්‍රහ ලොව ලෙස අපට හඳුන්වා දිය හැකිය.
මිථුන, කන්‍යා, වෘෂභ, තුලා, මකර හා කුම්භ යන ලග්නවලට සුබ ග්‍රහයෙකු වන බුධ, මේෂ, කටක, සිංහ, වෘශ්චික හා ධනු යන ලග්නවලට තදබල පාපි ග්‍රහයා වනු ඇත. මිථුන, කන්‍යා, තුලා, මකර හා මීන යන ලග්නවලට යෝග කාරකයා වන බුධ, මේෂ, කටක, සිංහ වෘශ්චික යන රාශිවලට මාරක ග්‍රහයා වන්නේය. යම් පුද්ගලයකුගේ ජන්ම පත්‍රයේ බුධ බලවත් නම් ඔහු හෝ ඇය නිරතුරු පොතපතට මෙන්ම උගත් අය සමඟ සාකච්ඡාවට මෙන්ම ලේඛන කලාවට වැඩි නැඹුරුවක් දක්වනු ඇත. එසේම බුධ බලවත් බොහෝ අයගේ විවාහ ජීවිත එතරම් සාර්ථක නොවන්නේ බුධ එම අංශයට එතරම් බර නොවූ ග්‍රහයකු නිසාය. බොහෝ විට බුධ ග්‍රහයා තමා සමඟ යෝග වන ග්‍රහයාගේ බලය ආරෝපනය කරගනු ඇත. එය බුධගේ ස්වරූපයයි.
බුධ බලවත්ව (උච්චව හෝ ස්වක්ෂේත්‍රව) යම් කේන්ද්‍රස්ථානයක හෝ ත්‍රිකෝණස්ථානයක සිටින කල පංච මහා පුරුෂ යෝග අතරින් භද්‍රා නම් බලවත් සුබ යෝගය උදා වනු ඇත. මෙම යෝගයෙන් උපන් අය අධ්‍යාපනයට ඉතාම දක්ෂ ඥාානවන්තයින් වන අතර මනා අධ්‍යාපනයක් නොලැබුවත් උපතින්ම උගතුන් වනු ඇත. මේ අය නීතිය, ඡ්‍යෝතිෂය, චතුර කථිකත්වයට උපතින්ම සහජ දක්ෂයින් වන්නේය. බුධ ග්‍රහයා ජන්ම පතේ හා නවාංශකයේ දුර්වල වීම හේතුවෙන් කථාවෙහි දුර්වලතා, ලේ දෝෂ හේතුවෙන් ශරීරික පීඩා, තුවාල, ස්නායු ආබාධ, වචනයේ අමිහිරිතා ඇතිවිය හැකිය. බුධට අයිති දිනය බදාදා වේ. බුධ අපල සඳහා කොහොඔ වෘක්ෂයට සාත්තු කිරීම අපල සඳහා නොවරදින පිළියමකි.
අධ්‍යාපනය හා ඒ අශ්‍රිත කටයුතු, පාසල් හා විශ්වවිද්‍යාල, නීතිය, ඡ්‍යොතිෂය, ලේඛන කලාව, ගුරු වෘත්තිය, කවිය, පොත්පත් හා වෙළෙදාම මෙන්ම මුද්‍රණ කර්මාන්තයටද මෙම බුධ ග්‍රහ මාරුව හේතුවෙන් බාධාකාරී තත්ත්ව ඇති වනු ඇත.
පොදුවේ ලග්න වශයෙන් ගත් කල බුධ මීනයට පිවිසීම හේතුවෙන් පහත සඳහන් ප්‍රතිඵල උදා වනු ඇත. මේෂ, මිථුන, සිංහ, කන්‍යා යන ලග්නවලට මෙම බුධ මාරුව එතරම් යහපත් නැත.
ඡ්‍යොතිෂවේදී - සම්පත් එස් කල්පගේ
***************************
බුධ මීනයේ පලාපල විස්තරය
මේෂ රාශිය
විවාහ මංගල්‍යය, රැකියා ආදායම් මාර්ග, අධ්‍යාපනය, උසස්වීම්, විජයග්‍රහණය, නීරෝගිබව ශක්තිමත් කෙරෙන ප්‍රශස්ත ග්‍රහචාරයෙකි. පදිංචි නිවාසයෙහි දකුණු අත දෙසට ඉදිරියෙන් සතුරු බලවේගයි. පසුපසින් පාළු අඳුරු භූමි භාගයෙකි. පදිංචි නිවසක ඉදිරි දෙසින් ප්‍රධාන සතුරු බලවේගයි. ඉදිරිදෙස නිවසෙහි වම් අතර දෙසින් මුලට ජල දෝෂයි. දකුණු දෙසින් ආත්ම දෝෂයි.
වෘෂභ රාශිය
භාග්‍යමත් කාලයෙකි. 10 වැන්න වූ කර්ම ස්ථානයකට ආශි‍්‍රතව රැකියා ආදායම් මාර්ග මෙන්ම පෙර පින ඵලදීමෙන් උසස් දියුණුවක් උදා කෙරෙයි. හිස, යටිබඩ, කොන්ද, තුනටිය, දණහිස් ආශි‍්‍රත රෝගයි. පී‍්‍රති උත්සව මෙන්ම ආර්ථික ලාභ ප්‍රයෝජන ගෙනදෙයි.
මිථුන රාශිය
විවාහ මංගල්‍යය රැකියා ආදායම් මාර්ග, දූදරු දැරි ඥාති හිතෛෂී ආදී කුදු මහත් කාර්යය භාරයන් සාර්ථක බවක් ගෙනදෙනු ලබයි. දකුණු දෙසින් හිස, යටිබඩ, කොන්ද, තුනටිය, දණහිස්, කලව, පාද ආශි‍්‍රත හදිසි අනතුරු හෝ නිදන්ගත රෝගයි. දකුණු දෙසින් හිසෙහි ආත්ම දෝෂයි. නව නිවාස වතුපිට ආශි‍්‍රත දියුණුව සැලසෙයි.
කටක රාශිය
උදරය සම්බන්ධ, කොන්ද, තුනටිය, දණහිස් පාද ආශි‍්‍රතව රෝගාබාධකයි. ආදායම් මාර්ග කීපයක් ඇතිවිය හැකිය. හදිසි තීරණ ගැනීම අහිතකර වෙයි. බුද්ධිමත්ව ක්‍රියාකාරී විය යුතුය.
සිංහ රාශිය
පපුව, අක්මාව, යටිබඩ, මළ මුත්‍ර ආශි‍්‍රතව, කොන්ද, තුනටිය, දණහිස් ආශි‍්‍රතව වරින්වර රුදා වේදනා මතු කරයි. ශාරීරික අප්‍රාණික බෙලහීනතා සමඟ අවහිර බාධක පදිංචියෙන් ඉදිරියට පාළු අඳුරුව යෙදී ඇති භූත දෝෂයකින් බලපානු ඇත. 10 වැන්න වූ කර්මස්ථානයෙහි රාහු තැම්පත්වීම 4 වැන්නෙහි කේතු චන්ද්‍රයාගේ බලපෑමයි.
කන්‍යා රාශිය
උරහිස්, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය ආශි‍්‍රත රෝගාබාධකයි. සබඳතා විවාහ මංගල්‍යය, රැකියා ආදායම් මාර්ග, දූ දරු දැරි ප්‍රශ්න විසඳෙන බවක් පෙනී යයි. නොසිතූ විරූ ආදායම් මාර්ග මතු කරයි. යුගදිවියෙහි විවිධ බාධක මාරක ප්‍රමාද දෝෂ නිර්මාණය වෙයි. හදිසි තීරණවලින් වැළකීම යහපත් වේ.
තුලා රාශිය
දූ දරු දැරි අධ්‍යාපනික කටයුතු, යුගදිවිය ආශි‍්‍රතව සුවිශේෂි පරිවර්තනයෙකි. පදිංචිය ආශි‍්‍රතව මෙන්ම වම් අත දෙසින් පදිංචියෙහි පිටුපස මුල්ලට සතුරු බලවේග දෙකකි. ඉදිරිදෙසින් උස්බිම් සමඟ පාළු අඳුරුගති යෙදී ඇත. ප්‍රබලතම භූත දෝෂයකි. දකුණු අත දෙසින් පිටපස මුල්ලට ජල දෝෂයකි.
වෘශ්චික රාශිය
දිවි මගෙහි උනන්දුව උත්සාහය දෙගුණ තෙගුණ කෙරෙයි. දූ දරු දැරියන්ගේ අධ්‍යාපනික කටයුතු, දෙස් විදෙස් ගමන් බිමන් සබඳතා විවාහ කටයුතු ආශි‍්‍රතව මන්දගාමී බවක් නිර්මාණය වෙයි. හිස, උරහිස්, උදරය, පපුව, යටිබඩ, මලමුත්‍ර ආශි‍්‍රත රෝගාබාධකයි. සිතැඟියාවන් බොහෝ දුරට හැකිළී යන බවක් ද පෙනෙයි. වම් අත දෙසින් නිවසට යාබද සතුරු බලවේගයි.
ධනු රාශිය
අධ්‍යාපන, සෞඛ්‍යය, සතුරුබලවේග, හදිසි අනතුරු ආශි‍්‍රත ශෝකාකූල බවක් පෙනෙයි. දකුණු අත දෙසින් පදිංචියෙහි මුල්ලකට ජල දෝෂයි. බෑවුමකි. පදිංචිය ආශි‍්‍රතව සතුරු බලවේගයි. පදිංචියට යාබදවද සතුරු බලවේගයි. රැකියා ආදායම් මාර්ගයෙහි ස්ථාන වෙනසක් හෝ වෘත්තියෙහි නවතාවයක් විද්‍යමාන කෙරෙයි. වම් අත දෙසින් පදිංචියෙහි ඉදිරියට පාළු අඳුරු භූමියෙකි. භූත දෝෂයි. මුහුණ, පපුව, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය ආශි‍්‍රත රෝගාබාධ වරින්වර නිර්මාණය වෙයි.
මකර රාශිය
හිස, මුහුණ, උරහිස්, පපුව, උදරය ආශි‍්‍රතව වරින්වර රෝගාබාධබවක් ද පෙන්වන සුළුවෙයි. බොහෝ දුරට අධ්‍යාපනය, සෞඛ්‍යය, රැකියා ආදායම් මාර්ග, යානවාහන, දේපළ වස්තු ක්ෂේත්‍රයන් ආශි‍්‍රතව දියුණුව සාර්ථකත්වය ළඟා කෙරෙනු ඇත. පදිංචියෙහි ඉදිරිපිට මුල්ලට ජල දෝෂයන් සමඟ බෑවුමකි.
කුම්භ රාශිය
හිස, මුහුණ, උරහිස්, පපුව, දණහිසේ ආශි‍්‍රතව රුදා වේදනා දැවිලි වරින් වර ඇතිවෙයි. සබඳතා විවාහ මංගල්‍යය, දේපොළ වස්තු රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රතව වර්ධනයක් පෙනෙයි. රැකියා ආදායම් මාර්ගයන්හි සුවිශේෂ අවධාරණය විද්‍යමාන වීමෙහි හේතු පෙන්නුම් කෙරෙයි. හදිසි තීරණ ඉක්මන් කෝප දුරුකොට ගත යුතු වෙයි.
මීන රාශිය
සබඳතා විවාහ අධ්‍යාපන කරුණු කාරණා සාර්ථක කෙරෙයි. මාධ්‍යය, තාක්ෂණය වර්ධනයත් සමඟ රැකියා ආදායම් මාර්ගයන්හි අධිවේගි බවක්, දියුණුවක් ගෙනදෙනු ඇත. හිස, උරහිස්, මුහුණ, කොන්ද, තුනටිය පාද ආශි‍්‍රත වරින් වර වේදනා ගෙනදෙයි.
විජිත ඩී. ලියනආරචිචි