වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
කරන හැම ගුරුකමක්ම හරියනවාද?
කාලීනව නිවැරදි පිළිතුරක් ලැබීමේ තවත් එක් ප්‍රශ්නයක් තමයි මේ. ලෝකයේ කිසිම දෙයක් සියයට සියයක්ම නිවැරදි හෝ වැරදි නැහැ. බොහෝ දේවල් ජලයේ දියවෙනවා. ඒත් නොදියවෙන දේවල් කොච්චර තිබෙනවද? ගුරුවරු, මහාචාර්යවරු නොදන්න කොච්චර ශිල්ප ශාස්ත්‍ර මේ විශ්වයේ ඇද්ද? ඒ වගේ තමයි ගුප්ත ශාස්ත්‍රයත්. වරදින තැන් වැරදිල දඬුවම් විඳින තැන් කොපමණ තිබෙනවද? නමුත් සමහරු මන්ත්‍ර ගුරුකම් භාරගන්නෙ කිරිගහට මෝල්ගහෙන් ඇන්න වගේ ප්‍රතිඵල දෙනව කියලා තමයි.
ඒ වචන සංකලනයක් විතරයි. ඒක ගණන් ගන්න එපා. හැබැයි නොවරදින්නම කරන එක ගුප්තවේදියාගේ දක්ෂකම. ඕනෑම ගුරුකමක් කරනකොට ඒ ගුරුකම ගැන මනා වැටහීමක් නම් තිබෙන්න ඕනෑ. හැරගිය අයට මතුරන විදියට ගෙන්වන අයට මතුරන්න බැහැ. අනික මන්ත්‍ර ගුරුකම් විදියට ගෙන්වන අයට මතුරන්න බැහැ. අනික මන්ත්‍ර ගුරුකම් අත්හදා බලන්නත් බැහැ. ඇයි මතක නැද්ද ගුරුකුලේ ඉගෙන ගන්නා කාලයෙදී සිද්ධාන්ත පාඩම් ඉවරවෙලා ප්‍රායෝගිකය පුහුණු වුණා ගුරු ඇදුරු තුමා යටතේ. අවතාර, හොල්මන්, අදෘශ්‍යමාන ශබ්ද, ඇසීම්වලට බය නැතුව ගියේත් මේ දිනවල තමයි. ගුරුකම් ගැන පළමුව අවබෝධය සමඟ දැනීමක් ඇති කර ගන්නම ඕනෑ. ඊළඟට නිවැරදිව ඒවා ඒ ඒ අයුරින් කලාට ප්‍රතිඵල එනවා.
ගුරුකම් කියන්නෙ මොනවද ඒවා සත්‍යයද, අනික තමයි ඒවා කරන එක සාධාරනද? අසාධාරනද? අසාධාරන නම් ඇයි කරන්නෙ. ගුප්ත ශාස්ත්‍රයේ මේ විදියේ ප්‍රශ්න වැලක් මතුවෙනවා. මේවා ගැන කතා කරන්න ඉස්සෙල්ල,ගුරුකම් කරනව නම් පුහුණුවක්, පෙර දක්ෂතාවයක් තියෙන්නම ඕනෑ. මොකද වැඩ කරන්නෙ ඇසට නොපෙනෙන බලවේගයන් සමඟ නිසා.
මූලික වශයෙන් ගුරුකම් වර්ග කීපයක් තිබෙනවා. හොඳ ගුරුකම්, නරක ගුරුකම්, කෙම් ගුරුකම්, කෙම් ගුරුකම් බොහොමයක්ම කරන්නෙ විශේෂයෙන් රෝගයක් හෝ රෝග ලක්ෂණයක් නීරෝගී කරන්නයි. පුංචි පැහැදිලි කිරීමක් කරනව නම් ළාබාල කාලේ දූලා පුතාලගේ ඇස්වල නගන එනවා. වෛද්‍ය විද්‍යාව නොදියුණු කාලේ ඒ නගන වලට අළුයම නැගිටලා කතා නොකර පුංචි පිරිමි ළමයින්ගේ මුත්‍ර ටිකකින් පිසදැම්මාම හෝ හවසට අම්මා උයන බත් හැලියේ බත්පෙන වලින් පිස දැම්මාම ඒ නගනය සුවවෙනවා. හැබැයි මේවා කරන්නෙ කතා නොකර. කෙම් ගුරුකම් කිව්වේ ඒකයි. අනිත් ගුරුකම් තමයි සාමාන්‍ය ගුරුකම් හා බලගුරුකම් මේවා දෙපැත්තටම කරනවා. ඒ කිව්වේ හොඳට නරකට. හොඳ ගුරුකම් කිව්වේ කරන කෙනාටත් කරවන කෙනාටත් යහපතක් සෙතක් සැලසෙන ගුරුකම්. ඒ කිව්වේ ගෙදරක පවතින අමනුෂ්‍ය දෝෂ ඉවත් කරලා ආරක්ෂා කරනවා. බහිරව පූජාදි සෙත සැලසීම, ඒ වගේම තොවිලයක් හෝ දෙවියන්ට කරන කන්නලව් පූජා, වෙස් නැටුම්, ග්‍රහ පූජා බලිතොවිල් වගේ ක්‍රියාවන්.
මේ වගේ වැඩ කරන කෙනාටත් කරවන කෙනාටත් යහපත නැත්නම් සෙත සැලැසීම තමයි සිදුවන්නේ. මේ කතා හැඳීන්වීමේදි දෙවියන් කියා සඳහන් කළේ අපි මේ හිතාගෙන ඉන්න දෙවියන් දෙවිදේවතාවන් නොවේ. මේ ලෝකය නැත්නම් විශ්වය පාලනය කරන විශ්ව බලපෑම. දේව සංකල්පය අනුව දෙවියන් කියලා කියන්නෙත් ඕක තමයි.
විශ්වයේ ක්‍රියාවන් සිදුවන එක ඇත්තනේ. එහෙම නම් ඉන් කිසියම් බලයක් ඇතිවන බවත් පැහැදිලි නේ. අන්න ඒ නොපෙනෙන බලවේගය ගැන තමයි හැඳින්වූයේ. විශේෂයෙන් විශ්වය බලාත්මක කරන අදෘශ්‍යමාන විශ්ව ශක්තිය නැත්නම් ස්වභාවධර්මය. ස්වභාවධර්මයා විසින් ඇතිකරන නැතිකරන දේවල් හරි පුදුමයි.
මේ දෙවියන් හොඳයි නරකයි කියල කියන්නෙ නැහැ. ගුප්ත විද්‍යාව මේ විශ්ව ශක්තිය එක එක ක්‍රියාවන් සඳහා එක එක විදියට හරවා ගන්නවා. ගුප්තවේදියා , මන්ත්‍ර, පලිප්පු , ප්‍රාණ – ස්ඵුට මඟින් ඔහුගේ වැඩේ කරගන්නවා. ඒවා කලින් කිව්වා වගේ අර්ථකථනය කරන්නත් බැරිතරම්.
කෙනකුගේ අයහපත තකා සුලුගුරුකම් සහ බල ගුරුකම් කියලත් නැතුව නොවේ. වර්තමානයේ නම් ටිකක් අඩුයි. ඒකටත් හේතු තිබෙනවා. එක හේතුවක් තමයි පහසුකම් අඩුකම. බොහොම අයට මේවා අප්‍රභංස වගේ වටහාගන්නත් අමාරුයි. මේ ලෝකය මැවුම්කරුවා මවනකොට නැත්නම් නිර්මාණය වන විට මුලින්ම ඇතිවුණේ මුහුද, ගොඩබිම, පැළෑටි, සතා සිව්පාවා හා මනුෂ්‍යයා. වවුලා ගස්වල එල්ලෙන්න ගත්තා. සමහර සත්තු ගස්වල කූඩු හැදුවා. සමහර කූඩු නොහදා අනුන්ගේ කූඩුවල පැටව් දැම්මා. වනසතුන් කැලෑවට කොටු වුණා. මනුෂ්‍යා එළිපෙහෙළියට ඇවිත් ජීවත් වුණා. මත්ස්‍යයා ජලයේ ජීවත් වුණා. ඔය වගේම පේ‍්‍රතයන්, කුම්භාණ්ඩයන්, අපිරිසුදු ස්ථානවලට සීමා වුණා. අවශ්‍ය දේවල්වලට හිත යොමුකරවන්ට බැරිකම නිසයි එහෙම වුණේ.
සමහර දෙවිදේවතාවන් එක එක ගස් තම වාසභූමිය කරගත්තා. යකුන් ගොරක ගස් ඒ අයගේ වාස විමාන ලෙසට සීමා කරගත්තා. කළුවර පවතින ස්ථාන උන්ගේ වාසයට පි‍්‍රය වුණා. ඒ අනුව ලෝකයේ හැම දෙයක්ම පැවැත්මට අනුව ඇති වුණා. නැති වුණා. කාලිනව නම් අමනුෂ්‍ය බලවේගයන් බොහෝ දුරට මන්ත්‍රයට තන්ත්‍රයට සීමා වුණා. ඒකත් ඉදිරියෙදී අඩුවී නැතිවී යාවි.
පිටරටවල්වල මේ විෂය ලංකාවට වඩා බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගන්නවා. අවතාර, හොල්මන්, ගැන පරීක්ෂණත් කරනවා. තවත් රටවල අදෘශ්‍යමාන වස්තූන් ගැන උපාධි පවා දෙනවා. මිනිසාගේ පැවැත්ම වර්ධනය වැඩි වෙන කොට බොහෝ දේ විනාශ වුණා. මේ සටහන කියවන ඔබ සමහර විට කියාවි එහෙම වන්නේ නැහැ. ඒවා මිත්‍යා මත කියලා. ගුරුකම් බොරු කියාවි.
ගුරුකම් බොරු කියල ඔබ හිතනවා නම්. පොළොවේ පුළුස්සා අවසාන වූ පසු මිනී අළු ටිකක්, ගෙන ඒකටම ගෙරිපස් ටිකක් සොහොන් වැලි ටිකකුත් අරගෙන ඕනෑම යක්ෂ පේ‍්‍රත දිෂ්ටියකින් 108 වරක් දිෂ්ටිකර නීචකුල මන්ත්‍රයකින් ඊළඟට මතුරා අවශ්‍ය ඉඩම තුළ වළලන්න. සමහර විට පහන් එළිය වැටෙන තැනවන්ටත් පුළුවන්. හරියටම මාස 3 ක් ඇතුළත මේ ඉඩම නිවස පාළුවේවි. කිසිම මිනිස් ජීවිතයක් සතෙක් මේ ඉඩමේ වසන්න බැහැ. බලවේගයක් නැත්නම් එහෙම වන්නෙ කොහොමද? පොඩි අඩුවකට තිබෙන්නෙ මේ ගුරුකම් කරන අය නැතිවී යාමයි. බොහෝදුරට මන්ත්‍රවලට සීමා වෙලා තිබෙන්නේ. බොහෝදුරට අපේ ඇස්වලට නොපෙනුණොත් නැහැ කියල අවිශ්වාස කරනවා. මේවා බුදු දහමේ පවා කියැවෙන සත්‍ය දේවල්. අපි තෙරුම් ගන්න ඕනෑ මිනිහා ගේ ශරීරයෙහි ඇති විස තත්වය. ඒක මිනිස් විස.
අනික තමයි ගුරුකම කරන කෙනත්, කරවන කෙනාත් දෙදෙනම අවංකව වැඩ කරන්න ඕනෑ. ඒක මෙහෙම පැහැදිලි කරමු. වශී ගුරුකම් තිබෙන්නෙ කන්‍යා නූල් පොටක් පන්නවා ගන්න. අවශ්‍ය කෙනාට පන්නවා ගන්න කියල ගුරුකම කරන කෙනා නූල් පොටක් දෙනවා. ඒක නිකං නූලක් නොවේ. මතුරපු නූලක්. ගුරුකම් අවශ්‍ය කෙනාට ඒක පන්නවා ගන්න බැරිවී ඒක පැන්නුව කියල ගුරුකම කරන කෙනාට ආපසු ගෙනත් දෙනවා. එතකොට මේ ගුරුකම අහක යනවා. අනික තමයි මැතිරූ නූල් පන්නවා ගන්න ලෙහෙසි නැහැ.
ගැස්සෙනවා භයයි. බොහෝ දුරට පේ‍්‍රතයාට මතුරන කොට ගුරුකම් වරදින්නේ තටුවේ අඩුපාඩු නිසා. විශේෂයෙන් ඒ පේ‍්‍රත තටුවට අඳුන්, හඳුන් ලේ, රිඊ තැඹිලි, පිළිස්සුම්, තබන්න ඕනෑ. එහෙම අඩුපාඩු තිබුණාම දිෂ්ඨිය එන්නෙ නැහැ. ඉතින් අවශ්‍ය දේ මතුරල වැඩක් නැහැ.
බොහෝ දුරට ඔය ගුරුකම්වල ප්‍රතිඵල නැත්තෙ එක එක අඩුපාඩු නිසා. දැන් හිතමු. රෝගවලට හැරෙන්න යන්ත්‍ර දමනකොට ඒ හැම එකක්ම පුරන්න ඕනෑ පුර තිථිය තුළ. අවසන් කරන්නත් ඕනෑ ඒ දින 14 ක කාලය තුළ. එතකොටයි යන්ත්‍රයකින් ගුණ දෙන්නේ. ඒ වගේම තමයි යන්ත්‍රය පාවිච්චි කිරීම. වැදූ ගෙවල්, කිලි ගෙවල්, මළ ගෙවල්වලට යාම වළකින්න ඕනෑ. ගියත් කිසිම දෙයක් කන්ටබොන්ට බැහැ. නමුත් මම කොච්චරවත් දැකල තිබෙනවා දින 30 ම යන්ත්‍ර දමනවා. ඔය නාලිකාවල රූප බන්ධන, නාම බන්ධන, කොච්චර බොරුද යහපත් ගුරුකම් පුර තිථියටත්, අයහපත් ගුරුකම් අව තිථියටත් කරන්න ඕනෑ. ප්‍රතිඵල ගන්න නම්. අනික තමයි ගුරුකම කරවන කෙනාගේ කාලය හොඳ නම් ඒත් ගුරුකම අහක යනවා.
වශී ගුරුකම් කරන කොට ඔය අය කොහොම කළත් කොහොම අය කලත් අපිට කාරි නැහැ. කරවන අයට හොඳ නම් ඒත් එකක් කියන්නම්. වශී ගුරුකම්වලදී ආහාරයක් ශරීරගත කරනව නම් ඒක ශරීරයෙන් පිටව යන එකක් විය යුතුමයි. ශරීරයෙන් පිට නොවන කෑමක් නම් කොච්චර මුදල් දුන්නත් කරන්න එපා. ඒ කෙනා අවසානයේ රෝගියෙක් වී ජීවිතයෙන් සමුගනීවි. ඒකින් ඔබට එන පවින් ඔබ සසරේ කවදාහරි ඒ පාපය ගෙවාවි. මේ වගේ පව් අහෝසි කර්මවලට යන්නෙ නැහැ.