වැඩිහිටි නිවාසවල ප්‍රමිතිය සොයා බැලිය යුතු කාලය එළඹ තිබේ

ජුනි 26, 2020

අප රටේ කලක සිට මුල් බැසගත් උවදුරු රාශියක් වෙයි. ඉන් කිහිපයක් නම් මත්ද්‍රව්‍ය උවදුර, පාතාල උවදුර, මූල්‍ය ආයතන තුළ සිදුවන වංචා උවදුර ලෙසින් ප්‍රධාන වෙයි. වෙනත් උවදුරු නැතිවා නොවේ. නමුත් ඒ හැම එකක්ම සෙසු උවදුරුවල ප්‍රධානත්වයේලා සැලකේ. රටක පරිපාලනය කිසියම් අයුරකින් දුර්වලව පවතින මොහොතක මෙබඳු උවදුරු  පෙරමුණගෙන ඇතත්, කිසියම් ශක්තිමත් පාලන රටාවක් තුළ ඒවා ව්‍යයර්ථවීයාම නොවැලැක්විය හැකි වේ. එලෙස වර්තමානය වන විට ඒ හැම උවදුරකටම තිත තැබීමට වර්තමාන පාලන තන්ත්‍රය සමත්වී තිබීම සතුටට කරුණකි. ඒ කෙසේ හෝ වේවා ඉහත කී උවදුරු අතර තවත් හඳුනාගත යුතු උවදුරක් අප අතර මතුවී තිබේ. ඒ නම් අහිංසක ඡ්‍යොෂ්ඨ පුරවැසියන්ගේ ජීවිතවලට කිසියම් අයුරකින් පැමිණ තිබෙන උවදුරකි. සැබවින්ම තම ළමාවිය තරුණ විය කැපකර නානාවිධ දුක් ගැහැට දරාගෙන තමන්ගේ දුවා දරුවා ලොකු මහත් කර සමාජයට මුදාහරින මව්පියවරු බොහොමයක් අද අන්ත අසරණ වී සිටින අයුරු අපි බොහෝ විට දැක ඇත්තෙමු. වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නීතිඥවරු හා ගුරුවරු වැනි අය ක්ෂේත්‍රවලට යොමු කරන තම දූ දරුවන්ගෙන් අනාගතයේ දී සිදුවන අතවර පිළිබඳව කොතෙකුත් අපි දෘෂ්‍යමාධ්‍ය මුද්‍රිත මාධ්‍ය තුළින් දැක ඇත්තෙමු.

ඒ නමුත් එසේ වීමට ඉඩ නොතබා අපේ මව්පියවරු පිළිබඳව සොයා බැලීමට සිතා බැලීමට දැන් කාලය එළඹ තිබේ. බොහෝ හවුහරණක් නැති එහෙත් උගත් මවුපියවරු පවා මහලු නිවාසවල කල් ගෙවන අයුරු අප දැක ඇත්තෙමු. එබඳු මහලු නිවාසවලට ගොස් දානමාන කටයුතු කිරීමට මා විවිධ අවස්ථාවලදී යොමුව කටයුතු කළෙමි. එහෙත් කිසියම් ප්‍රමිතියකින් යුතු පිළිවෙලකින් යුතු නීත්‍යානුකූලව පවත්වාගෙන යන මහලු නිවාස ඒ අතර ඇතත් අබල දුබල වූ, වැඩිහිටියාට ගැරහුම් කරන බනින චෝදනා කරන ඒ අයට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන දේ සතු කරගන්න පිරිස් පිළිබඳ මම නොයෙක් විට දැක ඇත්වෙමි. ඒ නිසා මේ උවදුර අද අන් සමාජ උවදුරක් තරමටම උග්‍ර වී තිබීම කණගාටුවට කරුණකි. එහෙයින් ඔබ අප තම මවුපියන්ට පණමෙන් ආදරය කරනවා සේ තමා තමාගේ මවුපියනට ආදරයෙන් සලකනවා නම් මෙබඳු ඉරණමකට ඒ අසරණ පිරිස කිසිසේත්ම ගොදුරු  නොවනු ඇත. මේ පිළිබඳව නොපෙනෙනතාක් කල් අපගේ වැඩිහිටි පරපුරට සිදුවන මෙවන් අයුතු බලවේගය කිසිසේත්ම වලකාලනු නොහැකි ය. අනාගත වැඩිහිටි නිවාස වසාදමනවා මිස තව තව වැඩිහිටි නිවාස විවෘත කිරීම සුදුසු නොවන අතර එසේ වීමට තම තමාගේ යුතුකම තම තමා ඉටු කරනවා නම් මේ ව්‍යයසනය කිසිදු අයුරකින් මතු නොවනු ඇත. 

විවිධ අතවර සිදුවන කෑම බීම පවා නිසි වේලාවට ලබා නොදෙන ස්ථානද නැතුවා නොවේ. යම් ස්ථානවල පාලක පාලිකාවන් තම වැඩිහිටි නිවසේ කල්ගෙවන තැනැත්තා හෝ තැනැත්තිය උකසට තබා විවිධ දානපතියන්ගෙන් මුදල් ලබා ගන්නවා අප දැක ඇත්තෙමු. සැබවින්ම අද රටේ පවත්වාගෙන යන වැඩිහිටි නිවාස හැම එකක්ම නොව අතරින් පතර හෝ මෙසේ හමුවන ආයතන පිළිබඳව සොයා බැලීම ඉතා වැදගත් වනු ඇත. මේ පිළිබඳ වගකීම් දරණ ආයතන මේ සම්බන්ධයට සිය යුතුකම ඉටු කිරීම කළයුතුව ඇත. සමහර වැඩිහිටි නිවාස ප්‍රධානීන් සිය කාලය, ධනය, ශ්‍රමය කැපකර දිවි හිමියෙන් වැඩිහිටියන් සුරකින අවස්ථාද නැතිවා නොවේ. එබඳු ආයතන සියයකට අක්‍රමවත් වංචා සහගත ආයතන එකක් දෙකක් හෝ පවතිනවා නම් අන්  සියල්ලටම සිදුවන්නේ අසාධාරණයකි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.