කොරෝනා වසංගතය දුරු කිරීමට නම්........

ජුනි 19, 2020

කොරෝනා වසංගතය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යද්දී එය ශ්‍රී ලංකා භූමිය තුළ පැතිර යාම වළකාලීමට ඉක්මන් පියවර ගත් රාජ්‍ය ප්‍රධානීන් පිළිබඳ අප වෙසෙසින්ම සතුටු වෙමු. ඒ හැරෙන්නට එම නිරෝධායන නීති රීති අකුරටම පිළිගත් පුරවැසියන් වන ඔබටද අපගේ ශීර්ෂ ප්‍රණාමය පුදකරනු කැමැත්තෙමු. කෙසේ නමුදු ඒ සමඟ ලොව ධනවත් බලවත් යයි කියාගත් බොහෝ රටවල ඒ කිසිවක් සිහියට නොගත් අවස්ථාවේ. අප රට මෙතරම් ඉක්මනින් රෝගීන් හා මරණ සංඛ්‍යාව අඩුවෙන් රඳවා ගැනීමට සමත්වීම ඓශ්චර්යමත් නොවන්නේ ද, ඊට තවත් එක් කරුණක් බලපානු ඇත. එනම් අප රටේ පවතින දේශීය ඖෂධ, කෑම බීම්, ඇවතුම් පැවතුම් යන ඒවාද මෙයට රුකුලක් වූවා යයි කිව යුතු ය. එදා අපේ ප්‍රතිකාර ක්‍රම මෙන්ම රෝගවලින් මිදීමට අනුගමනය කළ උපක්‍රම ප්‍රවේශම මෙන්ම රෝග වැළඳුණු විටෙක කළ ප්‍රතිකර්ම වෙන කිසිදු රටක නොවන තරම් ය. ඒ අපේ දේශීය වෙදකම තුළ පවත්නා වෙනිවැල් ගැට, කොත්තමල්ලි, ඉඟුරු, පෙරුම්කායම් වැනි සිය දහස් ගණනින් වූ ඖෂධ නිසා ය. එය එදා මෙන් අදද පාවිච්චි කරන අනුගමනය කරන අයට ඒ කිසිදු රෝගයක් වැළඳීමක් සිදු නොවේ. කෙසේ නමුදු තවත් කරුණක් නම් මස් මාංශ අනුබව නොකරන මත්පැන්, මත් ද්‍රව්‍ය පානය නොකරණ අය සඳහාද මෙම වසංගතය නොවැළඳෙන බවට අපට පසුගිය වකවානුවේ සිදුවූ අත්දැකීම් තුළින් මනාව පැහැදිලි වෙයි. 

විදෙස් රටවල ආහාරයට ගත් විෂ සහිත මසුන්, සර්පයින් වෙතින් හා පරිසර විෂමතා තුළින් සිදුවූ රෝග ව්‍යාප්තිය අපට ගෙනදෙන්නේ මහඟු පණිවුඩයකි. බුදු දහමට අනුව මස් මාංශ අනුබවය, මත් ද්‍රව්‍ය පානය, අනිසි ඇවතුම් පැවතුම් තුළ ජීවත් වීම අකැපව තිබෙන මොහොතක ඒ සඳහා ප්‍රති විරුද්ධව ගොසින් කටයුතු කළ පිටරැටියන්ට එනම් දියුණු යැයි කියාගත් එහෙත් තාක්ෂණය මිස සිය සාරධර්ම ක්‍රියාකාරකම් අනුගමනය නොකළ අයවලුන් සඳහා වී තිබෙන ගැටලුව පිළිබඳව අප සිතා ගත යුතු ය. 

බුදු දහමට, ඡ්‍යොතිෂයට අනුව අපේ පරිසරය පිරිසුදු කර ගැනීම කිසියම් දෙයක් පිළිවෙලකට තබා ගැනීම සාරධර්ම ඇතුළු අපේ හෙළ ක්‍රමයට අනුගතව කටයුතු කරන පුද්ගලයින්ට මෙම වසංගත තුළින් කිසිදු බලපෑමක් නොවේ. 

තවද අපේ රටේ පවතින මිනිස්කම පිළිබඳවද කතා කළ යුතුව ඇත. කෙනෙකු විපතකට පත් වූ විට ඇස, කණ පියා නොසිට ඊට ක්ෂණයෙන් අනුගතවන පිරිසක් සිටින අප වැනි රටකට මොනම අභියෝග ආවත් ඒ සඳහා බිය විය යුතු නැත. කෙසේ නමුදු එදා සුනාමිය පැමිණි විට රට අකර්මන්‍ය නොවී තබා ගැනීමට අප රටේ පොදු මහ ජනතාව පාට, පක්ෂ, ජාති, කුල, ආගම්භේද නොතකා පෙරට ආ මොහොත අපට අද මෙන් මතකය තිස් අවුරුදු යුද්ධයක් අවසන් කරමින් සිය අවසන් සටන ඇවිලෙන මොහොතක බෝධි පුජා තබා විවිධ සෙත් සාන්ති සිදුකරමින් රණ විරුවන්ට දුන් දිරිය අදවගේ මතකය. ගංවතුර ගැලීමකදී නාය යාමකදී වැනි ඕනෑම ව්‍යසනයකදී අප අප විසින් එකිනෙකාට දැක් වූ අන්‍යෝන්‍ය සහයෝගය අපට කවදත් අමතක නොවේ. එබඳු ලෙසින් නව කොරෝනා ව්‍යාසනයේ දී ද අපට ඉක්මනින් මිදීමට හැකිවීම ඒ හැම එකකම ප්‍රබලතාව නිසා බව අප සිතට ගනිමු. එකා  සැමටත් සැම එකාටත් පොදුවේ අපි මෙහිදී ස්තූති වන්ත වෙමු. ඉදිරියටත් ඒ යහ පිළිවෙත් පිළිපදිමු. අනුගමනය කරමු. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.