72 වැනි නිදහස අභිමානයෙන් සමරමු

ජනවාරි 31, 2020

ශ්‍රී ලංකාව විවිධ රටවල ආක්‍රමණවලට නතුවූ කාලයක් හෙම්බත්වූ පිරිසක් සිටි රටකි. එහෙත් 1948 පෙබරවාරි 04 දායින් පසු සිය නිදහස උරුමකරගත් ස්වාධීන ශ්‍රී ලංකාවක් ලෙස 2020 පෙරබාරි 04 දින වන විට සිය නිදහසේ 72 වැනි වසරට පා තබයි. එදා මෙදා තුර අප නිදහසින් ලබා ඇති දේ කෙබඳුද යන්න සලකා බැලීම වටී. එදා පිට දේශක්කාරයින්ගේ යකඩ සපත්තුවලට යටවී සිය දැනුම ගුණ සුවඳ වල්වැදී ගිය යුගයෙන් එළියට පැමිණි රටක් වුවත් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය නිදහස් ගමනාගමනය නිදහස් අදහස් දැක්වීම හා නිදහසේ සිය ආගම දහම ඇදහීම යනාදිය වහල් බැම්මෙන් මිදී ඇතත් අප මිනිසුන් මිනිසුන් හැටියට ලබා ඇති වටිනාකම කොතෙක්ද යන්න සලකා බැලීම වටී. කෙසේ නමුදු අපේ මිනිසුන්ට නිදහස ලැබුණු විට තමාගේ සුඛ විහරණය උදෙසා නොකරන දෙයක් නොමැති තරම්ය.

මේ නිසාම අප රටේ මිනිසුන් විවිධ මානසික ආතතීන් වලින් පෙළෙන බවක් දක්නට ලැබේ. නිදහස ලැබී අද දක්වා කොතරම් කාලයක් ගතවී ඇතත් ඒ තුළින් වූ සංවර්ධනය තවමත් අපට බොහෝ ඈතින් තිබෙන බව දක්නට තිබේ..

එදා විදේශික සුදු ජාතිකයින් තැනූ ඒ දුම්රිය මාර්ග කීපය හැරෙන්නට ඒමත දුවන දුම්රිය කොතරම් බහුල වූවාට අපටයි කියා අපේ කෙනෙකුට තව එක දුම්රිය මාර්ගයක් හෝ ඉදිකරන්නට හැකිවුවාද නිදහස - නිදහස කියා හැත්තෑ දෙවසරක් උදම් අනමින් එම අවස්ථාවන් සිහිපත් කළද එකදු හෝ නිපයුමක් අප රට තුළින් ලෝකයට මුදා හරින්නට හැකිවූවාද යන්න සිතා බැලීමට කාලය උදා වී තිබේ. මේ සියල්ලටම හේතුව අප අතර ඇති තරගකාරී බවයි. නිදහස් ආර්ථික රකුසා ලංකාවට ගොඩබට දිනයේ පටන් අප වෙලාගත් ඒ ආර්ථික රකුසා කිසිමදාකවත් අප නිදහස් නොකරන අයුරින් අපට ගොදුරු කරගෙන ඇත. ඉන් මිදීමට අපට කොතෙකුත් මාර්ග ඇතත් ඒ මඩ ගොහුරේම එරී සිටින අපට මේ වන විට යහපත් පාලන තන්ත්‍රයකට යොමුවී ඇතත් බොරුව හොරකම, වංචාවට හුරු වූ බහුතරයක් තුළින් ඒ ගමන අකුල් හෙළන තත්ත්වයක් පවතින බව පෙනේ. ඉන් මිදීමටද තව බොහෝ කැපවීම් කිරීමට වර්තමාන වගකිවයුතු අයට සිදුවී තිබේ. හොඳ දේ හොඳ හැටියටත් නරක දේ නරක හැටියටත් නොදකින පිරිසකට මේ පාලන රටාව වහකදුරු වී ඇතත් බහුතරයක් පිරිස තුළින් ගලාඑන ප්‍රසංසා මහත් අස්වැසිල්ලක් වී තිබේ. හැත්තෑ දෙවසරක් පටු දේශපාලකයින්ගේ විවිධ අතවරවලට ලක්වී සිටි ලක්මාතාව ඉන් ගලවා ගැනීමට දැන්වත් නොහැකි වුවහොත් ඒ අවස්ථාව යළි උදා නොවනු ඇත. ඒ නිසා විශ්වාසය, හැකියාව දක්ෂතාව යහපත් දැක්ම නිවැරදි අරමුණු හා නිසි මාර්ගය දත් අය සිටින මේ රට පිළිබඳව අප ඉතා ඉහළ බලාපොරොත්තුවක් තබා ගත යුතුව තිබේ. කරන හොඳ දේට අකුල් නොහෙලා හොඳ දේට අතදී නරක දේට විරුද්ධ වී හැම විටම අපේකම අපේ ආගම අපේ ජාතිය අපේ රට ගැන හිතනවා නම් ඉදිරියට අප ගත කරන කාලය ඉතා වාසනාවන්ත කාලයක් වනු ඇත. මේ ලියන මා පවා එදා ඉතා කුඩා අවදියේ සිටින විට උගත් සමාජ අධ්‍යයනයට අනුව සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව මේ වසර 72 ක් පුරාවටද අද ඒ වයස ගත කරන අපගේ දූ පුතුන් පවා සමාජ අධ්‍යානයට උගෙන ගන්නේ තවමත් ශ්‍රී ලංකාව සංවර්නය වෙමින් පවතින රටක්ය යන්නයි. මෙය කොතරම් අවාසනාවන්ත පාඨයක්ද, එය එසේ නොවී ඉදිරියටවත් මේ වෙමින් පවතින සංවර්ධනය අවසන් කොට ඉතා ඉහළ සංවර්ධිත රටක් කිරීමට අප වගබලා ගමු. උනන්දුව උත්සාහය ඇති වර්තමාන රජයට සිය කකුලෙන් නොඇද එකාමෙන් එකට එක්ව එකමුතුව ජාති ආගම් බේද නොතකා අප සැවොම එකට එකතු වෙමු. එවිට මීළඟ 73 වන නිදහස මීටත් වඩා සතුටුදායක අන්දමින් සැමරීමට අපට එවිට හැකිවේවි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.