වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
ලෝක ශිෂ්ටාචාරයත් සමඟ බිහිවූ උසස්ම විද්‍යාව ලෙස ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හැඳින්විය හැකිය. අප ජීවත්වන මේ මහ පොළොව වූකලී විශ්ව පරිසරයේ තවත් එක් සාමාජිකයකු...
2025-01-09 18:30:00
ශකවර්ෂ 1946ක් වූ ධනු රවි 26 භාග දුරුතු පුර එකොළොස්වක තිථිය ලත් කිවිදින සිට මකර රවි 03 භාග දුරුතු අව තියවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි -...
2025-01-09 18:30:00
අප සමාජයේ වැඩි දෙනකු විදේශ ගතවීමට සිහින මැව්වත් එම සිහින සැබෑ වෙන්නේ කීයෙන් කීදෙනාටද? සමහරු රැකියා සඳහා විදේශගත වෙයි. තවත් සමහරු ව්‍යාපාර කටයුතු...
2025-01-09 18:30:00
කාලගුණය මනුෂ්‍යයාගේ එදිනෙදා ජීවිතයට අතිශයින් බලපායි. කල් තබා ඒ බව දත හැකි නම් ඊට අනුකූලව තමන්ගේ කටයුතු, ජීවිකා වෘත්තිය, ගමන බිමන ආදී නොයෙක් කරුණු...
2025-01-09 18:30:00
ශක වර්ෂ 1946 ක් වූ ධනු රවි 19 භාග දුරුතු පුර ජලවක තිථිය ලත් කිවි දින සිට එම රවි 25 භාග දුරුතු පුර දසවක තිථියලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2025-01-02 18:30:00
ජන්ම පත්‍රවල බහුලව දක්නට ලැබෙන යෝග මෙන්ම විරලව යෙදෙන යෝගද ජන්ම පත්‍ර පරීක්ෂාවේදී අපට හමුවේ. එවැනි විරල යෝග කිහිපයක් පිළිබඳව පොදුවේ කතාබහ කිරීම මේ...
2024-12-26 18:30:00
ශක වර්ෂ 1946ක් වූ ධනු රවි 12 භාග උඳුවප් අව දොළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 18 භාග දුරුතු පුර තියවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි –...
2024-12-26 18:30:00
ඕං හී්රං ශ්‍රී බල විෂ්ණු දිෂ්ටි කන්දස්වාමි දිෂ්ටි මහේශ්වර දිෂ්ටි ඊශ්වර දිෂ්ටි ලෝකේශ්වර දිෂ්ටි මෙමා හට දිෂ්ටි මෙමා යන එන තැන දිෂ්ටි මෙමාගේ සර්වාංගයට...
2024-12-26 18:30:00
මීට ක්‍රිස්තු වර්ෂ 2024කට ඉහත දී එනම් ක්‍රිස්තු පූර්ව 7වැනි සියවසයේ දෙසැම්බර් මස 25ට යෙදෙන සිකුරාදා දිනෙක මධ්‍යම රාත්‍රියට ආසන්නහි යුදා බෙත්ලෙහෙම්...
2024-12-26 18:30:00
දකුණු ආසියාවේ උරුමය හිමි කර ගනිමින් මෙලොවට බිහි වූ බොහෝ සිංහල හා දෙමළ අය විවාහය සඳහා පුරෝකතන ලබා ගැනීමට ඡ්‍යොතිෂය උපයෝගී කර ගනිති. ඇතැම් අයට තමාට...
2024-12-26 18:30:00
2025 ජනවාරි මස 01 වැනි බදාදා දින පෙ.ව. 08.08ට උතුරු දිශාව බලා ශුභයි.බෙරණ, පුවපල්, පුවසල, රෙහෙන, හත, සුවන, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප...
2024-12-26 18:30:00
ඡ්‍යොතිෂ ශාස්ත්රයේදී විවිධ යෝග හඳුනාගත හැකිය. එකී යෝග අතුරින් දුර්ලභ ග්‍රහ යෝගයක් ලෙස යෙදෙන යෝගයක් වනුයේ ශකට යෝගය වේ. එලෙසම ඡ්‍යොතිෂයේ ‘සකට’ නමින්...
2024-12-19 18:30:00
ඉතා නිවැරැදිව අතක් බලා පලාපල කීම හස්ත රේඛා ශාස්ත්රඥයකු සතු විශේෂ දක්ෂතාවක් කියති. එසේ පලාපල කීමේදී අතක් ඉතා සියුම්ව පරීක්ෂා කළ යුතු වේ. මෙහිදී ප්...
2024-12-19 18:30:00
සමුද්‍ර නම් ඍෂිවරයා භාරතයට හඳුන්වාදුන් සාමුද්‍රික ශාස්ත්‍රය හෙවත් හස්තරේඛා විද්‍යාව මේ වන විට ලොව පුරා ප්‍රචලිතව ඇත. විවිධ දේශයන්හි ඇති විවිධ විද්‍යා...
2024-12-12 18:30:00
මේ ක්‍රමවේදය සඳහා දේව ආකර්ෂණය ලබාගත යුතු අතර ඒ සඳහා පිරිසුදු පුටුවක් හෝ මේසයක් කහ පැනින් සෝදා ඒ මත කෙසෙල් දලුවක් දමා රතු රෙදි කඩක් එළා මල් බුලත්,...
2024-12-05 18:30:00
නිමිත්ත බලන හැටිඅවශ්ය කාරණය ගැන සිතා විශ්වාසයෙන් යුතුව ඇස් දෙක පියාගෙන නිමිති චක්‍රයේ කොටුවකට ඇඟිල්ල තබන්න. ඊළඟට එම ඇල්ලූ කොටුවේ තිබෙන අකුරට නියමිත...
2024-12-05 18:30:00