වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
තාරකා ශාස්ත්‍රයට නැතිනම් ඡ්‍යොතිෂයට අනුව පුද්ගලයකුගේ දෛවය උත්පත්තිය සමඟ ලියැවෙනවා. කෙනෙකු ප්‍රකට හෝ ප්‍රබල පුද්ගලයකු වන්නේ මේ රාශි චක්‍රයේ බලපෑම...
2024-10-24 18:30:00
විසි පොරොන්දම් ගැළපීම යනු යෝජිත දෙදෙනාගේ නැකැත් අනුව විවාහයට සුදුසු ද නැද්ද බැලීමයි. මෙහිදී රාශි, රාශ්‍යාධිපති, දින පොරොන්දම් හැර අනෙක් පොරොන්දම්...
2024-10-24 18:30:00
දුවක හෝ පුතෙකු මේ ලෝකයට බිහිවීම ඕනෑම මවකට පියෙකුට සම්පතක්. එසේ උපතක් සිදුවුණාම උපන් ස්ථානය, දිනය නිවැරදි වේලාව සමඟ ඡ්යොතිෂවේදයකු හමුවනවා.එතකොට එයා...
2024-10-24 18:30:00
අධ්‍යාපන කටයුතු පිළිබඳව මවුපියන් දරුවන් වෙනුවෙන් දැඩි සටනක යෙදෙන මේ වකවානුවේ දී එම උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මවුපියන්ගෙන් කීයෙන් කී දෙනෙකුට තම දරුවාගේ...
2024-10-17 18:30:00
විදේශගත වන්නට අදහස් කරන ඕනෑම කෙනෙකුට ඊට අවස්ථාව වර්තමාන සමාජය තුළ පහසුවෙන් ලැබී ඇත. කෙනෙකු තම අධ්‍යාපන කටයුතු සඳහාත් තවත් අයෙකු රැකීරක්ෂා සඳහාත් තවත්...
2024-10-17 18:30:00
බෝධීන් වහන්සේගෙන් මළුවට වැටුණු බෝ පත්‍රයක් අහුලාගෙන එම පත්‍රය කහදියරින් සෝදාගෙන බෝධීන් වහන්සේ වඳින ගාථාව නව වාරයක් කියමින්, නව වාරයක් බෝධීන් වහන්සේ...
2024-10-10 18:30:00
සමාජයේ ජීවත් වන අප සැමටම එකම ආකාරයේ රැකියාවක් කිරීමට පුළුවන්කමක් නැත. ගොවියන්, කම්කරුවන්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, නීතිවේදීන් වැනි සෑම කෙනකුගේම සේවය...
2024-10-10 18:30:00
ශක වර්ෂ 1946ක් වූ කන්‍යා රවි 25 භාග වප් පුර අටවක තිථීය ලත් කිවිදින සිට තුලා රවි 01 භාග වප් පුර පසළොස්වක ලත් ගුරුදින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - කන්...
2024-10-10 18:30:00
රජයේ ඉහළම මූල්‍ය ආයතනයක උසස් තනතුරක් දැරූ ‘මකර’ ලග්නය හිමියකුගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කිරීමට මා හට අවස්ථාව ලැබුණි.එම කේන්ද්‍ර සටහනෙහි 4 වැනි භාවය තුළ...
2024-10-10 18:30:00
ඡ්‍යොතිෂයේදී ඍෂි මතානුකූලව ඉතා ප්‍රබල යෝග දහස් ගණනක් දක්වා ඇත. මෙහිදී යෝග යනුවෙන් අදහස් කරනුයේ කේන්දරයේ ග්‍රහ පිහිටීම්වලට අදාළව ඒ ඒ ග්‍රහයන් නිසා ඇති...
2024-10-03 18:30:00
ඍෂි මත බොහෝයි. ඒවායින් නියත දැනුමක් ලබා ගන්නේ කී දෙනෙක්ද? දැනුවත් වී කටයුතු කර ගැනීමෙන් යහපතක් මිස අයහපතක් ඇති නොවේ. දෙලොවටම යහපතකි.එදා ඍෂිවරු ඒ මත...
2024-10-03 18:30:00
ඡ්‍යොතිෂය පිළිබඳ විවිධ අර්ථකථන තිබෙනවා. විටෙක එය අනාගතය, වර්තමානය මෙන්ම අතීතයට අදාළ සිදුවීම් හා පුද්ගලයන් පිළිබඳ විස්තර කෙරෙන විද්‍යාත්මක කලාවක්...
2024-10-03 18:30:00
පරිසරයේ විවිධ ඍතුන්වලදී පැහැය වෙනස් වේ. ඉර පායන විට, වැස්ස වහින විට අහසේ පැහැය මෙන්ම අවට ලෝකයම පැහැය වෙනස්ව පෙනෙන බව අපි දනිමු. ඒ මේ ලෝකය තැනී ඇති...
2024-10-03 18:30:00
නිවැරැදි ක්‍රමවේදය අනුගමන කළහොත් විශ්ව ශක්තියේ වැඩිම උපකාරය ලබා ගත හැක්කේ කෙනෙකුගේ දේශපාලන ගමන් මග උදෙසාය. මක් නිසා ද යත්, පුද්ගල කේන්ද්‍රීය හේතු මත...
2024-10-03 18:30:00
ඔක්තෝබර් මස 20 වැනිදා කටක රාශියට පැමිණෙන කුජ මාස 5 සිට 7 අතර කාලයක් වක්‍ර ගමනක යෙදෙයි.කුජ ග්‍රහයාගේ වක්‍රවීම සිදු වන්නේ අවුරුදු 2කට වරක්ය. කුජ ග්...
2024-10-03 18:30:00
ඉහත මාතෘකාව යටතේ මේ ලිපිය සුබසෙත පුවත්පතට ලිවීමට මා හට අදහසක් පහළ වූයේ 2024/09/06 වැනිදා සිකුරාදා පාරින්ද්‍ර සුගතදාස මහතා විසින් සුබසෙත පුවත්පතට...
2024-09-26 18:30:00