වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
මොනවද මේ පූර්ව කර්ම?
පසුගිය ලිපියෙන් පංචකර්ම පිළිබඳ යම් අදහසක් හෝ ලබාගත් ඔබට ‘මොනවද මේ පූර්ව කර්ම’ යන ප්‍රශ්නය පැන නඟින්නට ඇති.
පූර්ව කර්ම යනු පංචකර්ම කිරීමට තෝරාගත් පුද්ගලයාව ඒ සඳහා සූදානම් කර ගැනීමේ ක්‍රියාවලියයි. පූර්ව කර්ම ප්‍රධාන ආකාර දෙකයි. එනම් ස්නේහනය හා ස්වේදනයයි.
“ස්නෙහමග්‍රෙ ප්‍රයුඤ්ජිතතතඞ ස්වේද මනන්තරම්
ස්නේහ ස්වේදොප පන්නස්‍ය සංශොධන මථෙතරේත්” (ච.සු. අ. 13 )
ත්‍රිදෝෂය අතරින් වාත දෝෂයම ප්‍රධාන වෙයි. එහෙයින් පළමුව වාත දෝෂයම ශමනය කළ යුතු වෙයි. ඒ සඳහා පළමුව ස්නේහ විධි යොදා දෙවනුව ස්වේදනය කොට පංච කර්ම හෙවත් ශෝධන කර්මයන් සිදුකළ යුතු යි.
මිනිස් සිරුරේ ප්‍රාණය රඳා සිටින උපාදාන අතරින් ස්නේහ පදාර්ථයට වැදගත් ස්ථානයක් හිමි වේ. පණ රැකදෙන්නේ ස්නේහ පදාර්ථයන්ගෙන්මය. ප්‍රධාන ස්නේහ වර්ග හතරකි. ඒවා සෘත, තෛල, වසා, මජ්ජා ලෙස වේ. මෙම ස්නේහ උප්පත්ති ස්ථාන වශයෙන් ප්‍රධාන ආකාර දෙකකි. වනස්පති, වෘක්ෂ, විරූධ, ඖෂධවලින් ලබාගන්නා ස්නේහ පදාර්ථ ‘ස්ථාවර’ වශයෙන්ද, ජරායුජ අණ්ඩජ, උද්භිජ්ජ මාර්ගයෙන් ලබාගන්නා පදාර්ථ ජංගම වශයෙන්ද හඳුන්වයි. ජංගම ස්නේහ අතරින් එළඟිතෙල් ප්‍රධාන වෙයි. ස්ථාවර ස්නේහ අතරින් තලතෙල් ප්‍රධාන වෙයි.
ගිතෙල පිළිබඳ වැඩිදුර සඳහනක් කරන්නේ නම් ගිතෙලෙහි සංස්කාරනුවර්තන ගුණය පවතී. එනම් ගිතෙල යම් දෙයක් සමඟ සකස් කළ විට ද ඒ සංස්කරණය කරනු ලැබූ ද්‍රව්‍යයන්ගේ ගුණ එලෙසින්ම රැක ගැනීමේ ගුණය පවතී. වසා, මජ්ජා, තෛල සංස්කරණය කරනු ලැබූ ද්‍රව්‍යයන්ගේ ගුණ ගන්නා අතර නිජ ගුණ අත්හරියි. එබැවින් අනෙනකුªත් සියලු ස්නේහයන්ට වසා ගිතෙල ශ්‍රේෂ්ඨම බව පැවසේ.
ස්නේහ යොදන ආකාරය අනුව ශරීර බාහිර ස්නේහනය හා ශරීර අභ්‍යන්තර ස්නේහනය ලෙස දෙයාකාරයකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
වෛද්‍ය
එන්.එම්.යු. මධුභාෂිණි.
(දමින්නගහවත්ත, නවනගරය, මාදම්පේ)
සැකසුම ධම්මිකා රාජපක්ෂ