වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
තාන්යා විනෝද ගමන් නොගිය රහස
තාන්යා, සුරේෂ් සමඟ විවාහ වෙලා මාස දෙකයි. සුරේෂ්ගේ අයියා නිතරම පැවසුවේ ඉක්මනින්ම දුම්රියෙන් විනෝද ගමනක් යමුයි කියායි. එහෙත් මතක ඇති කාලයක සිට තාන්යා දුම්රියෙන් යාමට මහත් බියක් දක්වන්නීය. දුම්රිය ගමනක් ගැන සිතන විටත් ඇයගේ සිරුර සීතල වී ගල් ගැසෙයි. ක්ෂණිකවම මුත්‍රා පිට වෙයි.
‘අයියලාගේ බදුලු ගමනට ඔයා එන්නම ඕන’ සුරේෂ් අවධාරණයෙන්ම කියා සිටියි. දුම්රියට තියෙන බය සුරේෂ්ට පවසන්නත් තාන්යාට නොහැකිය. ගමන මඟ හැරීමට ක්‍රමයක් නැත. අවසානයේදී මරන්න ගෙනයන මුවැත්තියක වාගේ තාන්යා සුරේෂ් සමඟ දුම්රිය ගමනට එකතු වූවාය. එහෙත් පළමුවැනි නැවතුම්පළට ළඟාවීමටත් පෙරම ඇයට මුත්‍රා පිට විණි. පැම්පර්ස්වල පිහිටෙන් ඇයට තමන්ට වූ අකරතැබ්බය සඟවා ගැනීමට හැකි විය.
එහෙත් ඇය ආපසු එන ගමන බසයෙන්ම පැමිණිය යුතු බව කියා සිටියාය. ඉතා කාරුණික තැනැත්තියක වූ අයියාගේ බිරිය කාටත් හොර රහසේ දුම්රියෙන් යාමට මෙතරම් බිය වන්නේ ඇයිදැයි තාන්යාගෙන් විමසුවාය. මුත්‍රා පිටවීමට අමතරව ඇයට ක්ලාන්තය, හුස්ම ගැනීමට අසීරු වීම වැනි අපහසුතා රැසකට මුහුණදීමට සිදු විය.
ඇය සියල්ල හෙළි කළ පසු තාන්යාගේ දුම්රිය භීතිකාව ගැන සොයුරාගේ බිරිය, සුරේෂ්ට පැවසුවාය. හෙදියක වූ ඇය තාන්යාට තිබුණු දුම්රිය භීතිකාව නැති කිරීමට එදිනම ඇය වෛද්‍යවරයකුට මුණ ගැස්සෙව්වාය.
පුද්ගලයාගෙන් පුද්ගලයාට පවතින්නේ විවිධ භීතිකාවන්ය. අනතුරුවලින් වළකින්න, ආරක්ෂාවන්න සිතෙහි ඇතිවන ‘බිය’ ප්‍රයෝජනවත් වෙයි. මෙය පරිණාමයෙන්ම මිනිසාට උරුම වූ පලදායක හැඟීමකි. එහෙත් අනතුරකට ඇති වන බියට වඩා වැඩි බියක් ඇති වීම අස්වාභාවිකය. මෙබඳු අස්වාභාවික බියක් ඇති වෙන්නේ මොළයේ බිය පාලනය කරන තැන්වල ඇති වන විද්‍යුත් රසායනික වෙනස්කම් නිසාය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
උපදෙස් :–
වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති
පී.එන්.විද්‍යාකුලපති
සටහන චම්පිකා දීපානි රණසිංහ