වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
වදමල් ගසේ පස්පංගුව ගෙන මුත්‍රාශයේ ගල් ඉවත් කළ අයුරු
දකුණු පළාතේ පෝසතුගොඩ, සුද්දාගොඩ පාරම්පරික වෙද මහත්මයකුගේ පුතෙකු වූ ජී.ඇස්. ප්‍රනාන්දු ගැටවරයාට වෛද්‍ය ශාස්ත්‍රය තවත් ඉහළට ඉගැන්විය යුතුය යන තීරණයකට එළැඹී ඔහුගේ පියාවූ වෛද්‍යවරයා දිනෙක ඔහු සමඟ අගනුවර කෙසෙල්වත්තේ සර්නේලිස් ද සිල්වා වෙදමහතා හමුවට පැමිණ තම පුත්‍රයා එතුමා වෙත භාරකරන ලද්දේ තම අදහස මස්තකප්‍රාප්ත කර ගන්නටය.
ප්‍රනාන්දු තරුණයා මහත් උනන්දුවෙන් තම වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙන ගන්නා බව මනාව වටහා ගත් පසුව වෙද මහත්මයා කළේ සතියකට තුන් දවසක් පුරා මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ගොස් මෙහිදී පාලි, සංස්කෘත භාෂා හැදෑරීමට ප්‍රනාන්දු ගෝලයා උනන්දු කරවීමයි. ඔහු එය මනාව උගත්තේ ‘ගුරු සිත නොරිදවා – වේලාව නොවරදවා යන්න සපථ කරවමිනි.
එහෙත් මරදානෙන් මාළිගාකන්දට එක් පාරකින් යන්නට තිබිය දී තරමක් දුර පාරකින් යන්නට, ඔහු ක්‍රියා කළේ පංචිකාවත්ත හරහා විද්‍යෝදය පිරිවෙණට යනවිට “ටවර් ටීටර්” ශාලාවද හමුවන හෙයිනි.එය එළියේ සිට බැලීමෙන්ද ඔහු සතුටු විය. එසේ යන එන ගමන්ම ටවර් ශාලාවේ ඉදිරිපස මිදුලේ තබාගෙන තිර රෙදි අදින චිත්‍ර ශිල්පියෙකු වූ හෙන්රිකස් මාස්ටර් සමඟ කුළුපගවීමේ අවස්ථාවක්ද ප්‍රනාන්දු ගැටවරයා වෙත උදාවූයේය. සිගරැට්ටුවක්,බුලත් විටක් ගෙන්වා ගැනීමට කඩයට යැවීමෙන්ද මේ කුළුපගකම දියුණු වූයේය. මේ ගැටවරයා තුළ චිත්‍ර ශිල්පය පිළිබඳ ආශාවක් තිබෙන බව දුටු හෙන්රිකස් මහතා කළේ රෙද්දක පදාසයක් ගෑම සඳහා ඔහුට දීමය. ඔහු එය නියමෙට කළ විට මාස්ටර් සතුටු වී තවත් සුළු වැඩ කීපයක්ම ගැටවරයා වෙත පැවරුවේ ඔහුගේ විද්‍යෝදය ගමනටද පාඩු නොවන්නටය.
“මාස්ටර් මටත් චිත්‍ර ශිල්පය ඉගෙන ගන්න ආසයි” යනුවෙන් ඔහු දිනෙක හෙන්රිකස් මාස්ටර්ට කීවිට ඔහු කළේ ඊට සිනාසීමය.
මං කොටහේනේ කාමරයක නැවතිලා ඉන්න මිනිහෙක්. මට ගෝලයින්ට උගන්වන්න තැනක් නැහැ. මම මේ ළමයාට සාර්ලිස් මාස්ටර්ව හඳුන්වලා දෙන්නම්” යැයි ඔහු ලිපියක් ලියා දුන්නේය. එවකටද ප්‍රකට චිත්‍රශිල්පයෙකුවු ඇම්. සාර්ලිස් මාස්ටර් වෙතටය. මොහුට චිත්‍ර ශිල්පය උගන්වන්නැ’ යි එහි ලියා තිබුණි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
කස්තුරි ලියයි