වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
අපේ රටේ වෙදකම
මිහිතලය මත ජීවින්ගේ වාසය ආරම්භ වීමත් සමඟ ඔවුන් තමන්ට වැලඳෙන රෝගාබාධ සඳහා තම වටපිටාවේ තිබෙන සම්පත් උපයෝගී කර ගැනීමට හුරු පුරුදු විය. මෙම ජීවින් අතරින් විශේෂයෙන්ම මිනිසා රෝග වළක්වා ගැනීමටත් වැලැඳුණු රෝග සුවකර ගැනීමටත් හුරු පුරුදු විය.
විවිධ වෛද්‍ය ක්‍රම වශයෙන් අද ලොව තුළ දක්නට ලැබෙන්නේ මෙම ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලයි. එසේ බිහිවූ වෛද්‍ය ක්‍රම කිහිපයක් අද අපේ රටේ දක්නට ලැබේ.
ඒවා නම්
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය, දේශීය වෛද්‍ය ක්‍රමය, සිද්ධ වෛද්‍ය ක්‍රමය, යුනානි වෛද්‍ය ක්‍රමය, බටහිර වෛද්‍ය ක්‍රමය
ආයුර්වේදයේ මූලික පරමාර්ථ දෙකකි
1.ස්වස්ථ සංරක්ෂණය හෙවත් නිරෝගී පුද්ගලයාගේ සුවතාව ආරක්ෂා කිරීම
2.ආතුර රෝග ප්‍රශමනය හෙවත් රෝගවලට ප්‍රතිකාර කිරීම
ඉන්දියාවේ බිහි වූ සෑම ශාස්ත්‍රයකම බලපෑම අපේ රටට සුවිශේෂී දෙයකි. මේ අනුව ආයුර්වේදයද අපට හිමි විය.
ආයුර්වේදය ජීවියා දකින්නේ කෙසේද?
මිනිසා යනු හුදෙක් භෞතික සිරුරක් පමණක් නොව ශාරිරික හා මානසික යන කොටස් දෙකෙහිම එකතුවක් බව සඳහන් වන අතර එසේම මිනිසා යනු ස්වභාව ධර්මයේම අංගයක් විනා ස්වභාව ධර්මයෙන් වෙන් කර ගත් කොටසක් නොවන බව ආයුර්වේද මතය වේ.
මේ අනුව ආයුර්වේදය ස්වභාවධර්මයට සමීප වූ විද්‍යාවකි. ස්වභාව ධර්මයේ සිදු වන්නා වූ සෑම දෙයක්ම සෑම ක්‍රියාවක්ම ජීවියා තුළත් සිදු වේ. හිරු හා වාතය යන ස්වභාවික බලවේග මගින් ස්වභාවධර්මය පාලනය වන්නා සේ වා, පිත්,සෙම් යන තුන් දොස් මගින් ජෛවී සිරුරේ රිද්මය පාලනය වන බව ආයුර්වේදයේ සඳහන් වේ.
මේ අනුව ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තම වට පිටාවේ පවතින සම්පත් උපයෝගී කර ගනිමින් ස්වභාව ධර්මයාට අනුරූපව බිහි වූ දිගු කලක් නිරෝගීමත්ව ජීවත් වීමට මග පෙන්වන විද්‍යාවක් ලෙස හඳුන්වා දිය හැකිය.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
උපදෙස් වෛද්‍ය
ඩී.සමරකෝන්
දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ
ජාතික ආයතනය
ජයන්ති කුරේ