වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
යුවාන පීඩකා හෙවත් කුරුලෑ
ආයුර්වේදයේ සුශ්‍රැත සංහිතාව කුරුලෑව සම්බන්ධව පහත ලෙස සඳහන් කරයි. වාතය සෙම හා රක්තය දූෂිතව තරුණ වයසේ පසුවන්නියන්ගේ මුහුණුවල ඉඹුල් කටු සේ හටගන්නා පීඩා විශේෂය මේ ලෙස හඳුන්වයි. මේ හා සමානවම මාධව නිදානය මෙන්ම චරයෝගසාරය හා අනිකුත් ග්‍රන්ථ කුරුලෑව හඳුන්වයි.
බටහිර මතය අනුව කුරුලෑ හටගැනීමට හේතු
1. ජානමය හේතු -Genetic History පාරම්පරිකව සමහර විට පවුලේ කීපදෙනෙකුටම මෙසේ කුරුලෑ ඇතිවිය හැක.
2. හෝමෝනවල බලපෑම - Hormonal activity
කුරුලෑ සහ මාසික ඔසප්වීම අතර පවතින සම්බන්ධතාවයක් පවතී. එම කාලය තුළ කුරුලෑ වැඩිවීම දක්නට ලැබීම විශේෂයකි.
3. ස්නේහග්‍රන්ථි අස්ථිවල අධි ක්‍රියාකාරීත්වය - Hyper activity of the sebaceous glands මෙයද හෝමෝනවල බලපෑම නිසා සිදු වේ.
4. මානසික ආතතිය - Stress මෙහිදී නිවැරැදි වෛද්‍ය විද්‍යාත්මක භාවය ඔප්පු වී නොමැති වුවද, රෝග විමසීමේ දී එම කාලවල කුරුලෑ වැඩිවන බව පැහැදිලිව දක්නට ඇත.
5. ආසාධන තත්ත්ව - inflammation මුහුණේ සම යම් යම් ආසාධන තත්ත්වයන්ට ලක්වීම නිසා ඇතිවේ.
විශේෂයෙන් කුරුලෑ ඇතිකරවනු ලබන බැක්ටීරියාව වනුයේ ප්‍රොපිනිබැක්ටීරියම් ඇක්නිස්ය. Propionabacterium acnes සහ නිර්වායු බැක්ටීරියාව කුරුලෑවලට හේතු වේ.
ඇතැම් ඖෂධ වර්ග දීර්ඝකාලීනව ගැනීම.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
වෛද්‍ය
නිරූපා සංජීවනී රත්නායක