වැසි සමයේ උදරාබාධ වැඩියි

ජුනි 21, 2019

සම්බාහනයෙන් සිරුරේ විසහරණය කිරීමට සුදුසුම වැසි සමයයි. උණු උණුවේ ආහාර ගැනීමට මේ කාලයේ කවුරුත් කැමැතිය. ඒ මනාපය මේ කාලයටම ගැළපෙන්නකි.

වියළි කාලගුණයෙන් වෙහෙසට පත් ශ්‍රී ලාංකිකයන්ට උදා වු වැසි සමය මල් වැස්සක් වාගේ ආශීර්වාදයකි. එහෙත් දිගින් දිගටම පවතින වැස්ස ද ගැටලුවක් වීමට වැඩි කලක් ගත වන්නේ නැත. උදා වී ඇත්තේ එවන් කාලයකි.

වසරේ ඕනෑම කාලයක ඇතිවන දේශගුණ පෙරළියට විසඳුම් ආයුර්වේදයේ තිබේ. වැසි සමයේදී වාතය කුපිතවීමේ වැඩි අවදානමක් පවතී. එමෙන්ම පිත ද වැඩි වන කාලයකි. වාතය පිත සමබලව තබා ගැනීමට ජීවන රටාවේ සහ ගන්නා ආහාර පානවල වෙනසක් කිරීමට සිදුවෙයි.

වාතය වා පිත් සෙම් ත්‍රිදෝෂයේ ප්‍රමුඛයාය. සිත කය ආශ්‍රිත බොහෝ ක්‍රියාවන් සිදුවන්නේ වාතය මූලිකවය. රුධිර සංසරණය, අපද්‍රව්‍ය බැහැර කිරීම, හුස්ම ගැනීම වැනි වැදගත් කාර්යයන් වගේම සිතිවිලි ක්‍රියාකාරිත්වයට ද වාතය බලපායි. වැසි සමයේ වාතයට බලපෑම් ඇති වී,

* ජීර්ණ ශක්තිය දුබල වෙයි.
* ප්‍රතිශක්තිය දුර්වල වෙයි.
* ශරීර ශක්තිය අඩු වෙයි.

පිත යම් තරමකට වැඩිවීමේ හේතුවෙන් ආමාශ දාහය (ගැස්ට්‍රයිටීස්), උගුරට අම්ල ඒ්ම, උදර තුවාල හට ගැනීම, සිරුරට වැඩි උෂ්ණත්වයක් දැනීම වැනි ලක්ෂණ ඇති විය හැකියි.

මේ කාලයේදී පලා වර්ග කෑමෙන් වළකින්න. පලාවල පණුවන් සිටීමට ද පුළුවන. තුනපහ, තෙල් අධික ආහාර අජීර්ණයට මඟ පාදයි. ඇඹුල් සහ ආම්ලික ආහාර ද වැසි කාලයේ සීමා කළ යුතුය.

වාෂ්පයෙන් තැම්බූ සහ හොඳින් පිසූ ආහාර වැසි සමයට කදිමට ගැළපෙයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ඉන්දීය ආයුර්වේද උපදෙස් ඇසුරිනි
-චම්පිකා දීපානි රණසිංහ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.