පෙරදිග ලෝකයේ ප්‍රථම ප්‍රතිශක්තිකරණ එන්නත රස වෛද්‍ය ක්‍රමයෙන්

දෙසැම්බර් 11, 2020

මාතර, බෙලිදෙණිය රස වෙද පරපුරේ රස ඖෂධ මගින් කොවිඩ් -19 වයිරසය පැය 72 ක් තුළ අක්‍රිය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය 2020 ඔක්තෝබර් 5 හා 6 වන දින පැවැත්වූ විශේෂ සභාවාරයේදී දැනුම්වත් කළෙමි.

කොවිඩ් -19 වයිරසය මගින් ඇතිවන නියුමෝනියා, හෘදයාබාධ . අක්මා ආබාධ, එන්සෙපලයිටිස් ඇතුළු සියලුම සංකූලතා ජය ගත හැකි බවද ප්‍රකාශ කළෙමි.

මෙම රස ඖෂධ එන්නතක් දක්වා නිර්මාණය කොට ඇත. මෙය වයිරස් වර්ග රාශියකට ප්‍රතිශක්තිකරණයක් වීම සුවිශේෂී කරුණකි. රුධිරයට ඍජුවම එකතු කළ හැකි වනුයේ රස ඖෂධ පමණි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රස වෛද්‍යවරයා වන එම්.ඒ.පී. වෛද්‍යසේන වෙද මුහන්දිරම් තුමා 1950 දී මේ බව සනාථ කරන ලදී.

රස ඖෂධ ප්‍රතිශක්තිකරණ එන්නත මුඛයෙන් දෙනු ලබන එන්නතක් වශයෙන් (පෝලියෝ එන්නත මෙන්) හා ඍජුවම රුධිරයට දෙනු ලබන එන්නතක් වශයෙන් ද පර්යේෂණ කර අවසන්ය.

නැනෝ තාක්ෂණය මඟින් නැනෝ ඖෂධ වශයෙන් මෙය කළ හැකිය.

රත්තරන්, රිදී , තඹ ආදී ලෝහ” නැනෝ පාටිකල් (සියුම් අංශූන්) ලෙස ශරීර ගත කළ හැකි බව දක්වනුයේ අභිමානයෙනි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාද දැනුම්වත් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටිමි. සායනික පර්යේෂණ ආරම්භ කළ හැකි වනුයේ ඔවුන්ගේ අනුමැතිය ලද හොත් පමණි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.