වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සුදු කබර සුව කරන කඳුළැස්ස
පියල් ගුරුවරයෙකි. තම ගමෙන් පිට දුෂ්කර ප්‍රදේශයක කලක පටන් සේවය කරන ඔහු ගමට පැමිණෙන්නේ මසකට වරක් ය.
අවිවාහකයෙකු වූ පියල් ජීවත්වූයේ තම මව සමඟයි. එසේ පැමිණි අවස්ථාවක මව දූටුවේ ඔහුගේ මුහුණේ සුදු ලප කිහිපයක් ඇති බවයි. මෙය දැක මව පියල්ගෙන් මෙසේ ඇසීය.
පුතේ ඔයාගෙ මූණෙ සුදු පාට ලප වගයක් තියෙනවා නේද. සුදු කබර ද දන්නේ නැහැ පියසේන වෙද මහත්තයට පෙන්නල බලමු.
ඔව් අම්මෙ මමත් හිතුවෙ ගිහිල්ලා පෙන්නන්න. මටත් යාළුවො කීපදෙනෙක්ම මේ ලප දැකල කිව්වා සුදු කබර ද සැකයි කියල. අද හවසම ගිහින් පෙන්නන්න හිතුවෙ .” යනුවෙන් පියල් මවට පිළිතුරු දුන්නේය .
ඒ අනුව එදිනම සවස පියල් පියසේන වෙද මහතා හමුවීය පියල් දුටු පියසේන වෙද මහතා
“පියල් මහත්තය මොකද මේපැත්තේ “ “බලන්න වෙද මහත්තයෝ මගේ මූණෙ සුදු ලප කීපයක් තියෙනවා .ඒ ගැන කියල බෙහෙත් ටිකක් ගන්න ආවේ .”
කෝ බලන්න මහත්තයෝ ”යැයි පැවසූ වෙද මහතා
ඔව් මේ ලප බොහෝ විට සුදු කබරවල මුල් අවස්ථාවේ වාගෙයි පේන්නෙ. බයවෙන්න එපා අපි බේත් කරමු. අපේ බෙහෙත්වලින් ඕක හොඳ කරන්න පුළුවන් .”යනුවෙන් පියල් ට කීය.
ඒ අනුව පියල්ගෙන් රෝගයට අදාළ තොරතුරු විස්තර කර අසා දැනගත් වෙද මහතා පියල්ට සුදු කබර රෝගයට අදාළප්‍රතිකාර ලබා දුන්නේය.
පියල් මහත්තයෝ එහෙනම් මේ බෙහෙත් හරි විදියට බොන්න. ආයෙත් ගෙදර එන්නේ මාසයකින් කිව්ව නිසා මෙතැන මාසයකටම බේත් තියෙනවා. ගාන බේතුත් මෙතන තියෙනවා යනුවෙන් වෙද මහතා පියල් ට කීය .
ඒ වගේම පියල් මහත්තයෝ කඳුළැස්ස කියන පැළෑටිය හොයාගන්න පුළුවන් ද. ඒක හොයාගත්තොත් ඉක්මනටම ලෙඩේ හොඳ කරගන්න පුළුවන් “යනුවෙන් නැවතත් පියල්ට කීය.
හොඳයි වෙද මහත්තයෝ මම කඳුළැස්ස හොයන්නම්. කඳුළැස්ස මේ ලෙඩේට ගොඩක් හොඳයි ද? “ යනුවෙන් පියල් වෙද මහතාගෙන් නැවත ඇසීය.
ඔව් කඳුළැස්ස කියන්නේ හොඳම බේතක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වගේම දේශීය වෙදකමෙත් ඒ වගේම හෝමියෝපති වෙදකමෙත් කඳුලැස්ස විශේෂ ඖෂධයක් විදියට භාවිත කරනවා .”යැයි පියසේන වෙද මහතා පියල් මහතාට කීය.
වෙද මහත්තය දන්නවද කඳුළැස්ස මම අහල තියෙන විදියට මාංශ භක්ෂක පැළෑටියක් නේද යැයි පියල් මහතා වෙද මහතා ගෙන් විමසීය.
ඔව් පියල් මහත්තය අපේ ඇතැම් ශාක වර්ග සොබා දහමින් උරුම වෙලා තියෙන විශේෂ උපක්‍රම භාවිත කරල තම පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කර ගන්න සතුන් ගොදුරු කර ගන්නවා. ඒ වගේ ශාක තමයි මාංශ භක්ෂක ශාක කියන්නේ .
බාදුරා..කඳුළැස්ස..වටැස්ස..අඩසඳැස්ස සහ නිල්මොණරැස්ස කියන ශාක මේ වගේ ශාකයි. මේවා අතුරින් කඳුළැස්ස විශේෂයි .”
“කඳුළු හෙළන ඇසක් බදු “ කියන අර්ථයෙන් කඳුළැස්ස කියනවා”යැයි වෙද මහතා තවත් කරුණු පෙන්වා දුන්නේය .
එතකොට වෙද මහත්තයෝ කඳුළැස්ස වැවෙන්නෙ කොයි පළාත්වල වගේද” යනුවෙන් පියල් මහතා නැවත ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකාවේ නම් මහනුවර, නුවරඑළිය සහ බදුල්ල ආදී දිස්ත්‍රික්ක ආශ්‍රිත ප්‍රදේශවල බහුල වශයෙන් තෙතමනය සහිත දියපාරවල් අසල කඳු බෑවුම් සහ දෙනි සහිත බිම්වල හොඳින් වැවෙන ශාකයක්.
ඒ වගේම විදේශීය වශයෙන් ගත්තම ඕස්ට්‍රේලියාව ඇතුළු ආසියානු සහ අප්‍රිකානු රටවල නිවර්තන දේශගුණික කලාපයන්ට ආවේණික ශාකයක් ලෙස සලකනු ලබනවා
ඒඅනුව ඉන්දියාව, චීනය, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, නිව්ගිනියාව, මැලේසියාව, නැමීබියාව ආදී බොහෝ රටවල කඳුළැස්ස දැකිය හැකියි.
ඒ වගේම තමයි කඳුළැස්ස සමහර රටවල තර්ජනාත්මක සහ හිංසාකාරී පැළෑටියක් වශයෙනුත් නම් කර ඇති ශාකයක්
ඒ වුනාට ජර්මනිය, ඕස්ට්‍රේලියාව, පින්ලන්තය, ප්‍රංශය සහ බල්ගේරියාව වැනි සමහර රටවල මේ ශාකයේ ආරක්ෂාව නීතියෙන් ම තහවුරු කර තියෙනවා යනුවෙන් වෙද මහතා කඳුළැස්ස ගැන හොද විස්තරයක් පියල් මහතා වෙත ඉදිරිපත් කළේය .
වෙද මහත්තයෝ කඳුළැස්ස කියන්නේ එතකොට විශේෂිතම ශාකයක් නේ.
සිංහල භාෂාවෙන් කඳුළැස්ස කියන කොට
ඉංග්‍රීසි භාෂාවෙන් Sundew කියනවා.
කඳුළැස්සවල උද්භීද විද්‍යාත්මක නාමය වන්නේ Drosera indica L යි.
කුලය DROSERACEAE කුලය කියලයි පොත් පත්වල දක්වල තියෙන්නෙ යනුවෙන් පැවසූ පියල් මහතා මම කියූ විස්තර හරි නේද වෙද මහත්තයෝ යනුවෙන් පැවසීය .
ඔව් පියල් මහත්තයෝ ඒ විස්තරය හරි ඒ වගේම කඳුලැස්ස කියන්නෙ සෙ.මි. 8 - 40 දක්වා උසට වැවෙන මාංශ භක්ෂක කුඩා පැළෑටියක්. තම පෝෂණීය අවශ්‍යතා සඳහා කෘමීන් ගොදුරු කර ගනු ලබන නිසා මාංශ භක්ෂක පැළෑටියක්. මෙය සිසිල් දේශ ගුණයෙන් යුක්ත ප්‍රදේශවල හොඳින් වැවෙනවා. මෙහි කොළ වැනි කොටස් සිහින් දිග රැහැන් වගේ පෙනෙනවා. පැහැදිලි වශයෙන් කඳෙන් විහිදී වැඩෙන අතු ඉතා අල්පයි. ඉහළට වැඩෙන ළපටි කදන්වලට අමතරව බිම දිගේ වැවෙන මෝරපු කදන්ද තියෙනවා.මෙහි රැහැන් සමාන කොළයේ කුඩා ගැට තියෙනවා .ගැට සහිත මේ කොළ හැම පැත්තටම විහිදිලා යනවා. මේ ගස්වල තියෙන ගැටවල එක්තරා ආම්ලික ශ්‍රාවයක් තියෙනවා. ඒවා ඉර එළියට බබළනවා. ඒ හින්දා කුඩා සතුන් එය කරා ඇදී එනවා. යම් විටෙක කුඩා සතෙක් මේ ගැටිති මත එහි ඇති ආම්ලික මැලියම් නිසා ඉගිලෙන්න බැහැ. එතකොට මේ පැළෑටියේ සියලුම කොළ සතා වසාගෙන නැමිලා ගුලිවෙනවා. එතකොට සතා කොළ අතර හිළයනුවෙන් වෙද මහතා කඳුළැස්ස ගැන හොඳ විස්තරයක් පියල් මහතා වෙත ඉදිරිපත් කළේය .
ඒ වගේම තමයි පියල් මහත්තයෝ. මේ ශාකයේ මල් හටගන්නෙ දිග ශාක කඳන් අතරයි.මල් සුදු පාටයි. දම් සහ රෝස පාට මුසුවූ ශාකත් තියෙනවා. එසේම කඳුළැස්ස ශාකයේ හටගන්නා ගෙඩිවල බීජ රාශියක් තියෙනවා. ඒවා ගෝලාකාරයි. ඒ වගේම කලු පාටයි “ යනුවෙන් වෙද මහතා කඳුළැස්ස ගැන තවත් විස්තර ඉදිරිපත් කළේය .
බලාගෙන ගියාම කඳුළැස්ස කියන්නේ මහ පුදුම පැළෑටියක් නේ “ යනුවෙන් කියූ පියල් මහතා වෙද මහතාගෙන් නැවත ප්‍රශ්නයක් ඇසීය.එතකොට වෙද මහත්තයෝ කඳුළැස්සවල ඖෂධීය ගුණ කොහොමද කියන්නකෝ. ඒක තමයි ගොඩක් ම වැදගත් යනුවෙන් පියල් මහතා නැවත ඇසීය.
මෙහෙමයි පියල් මහත්තයෝ සුදු කබර රෝගයට තමයි කඳුළැස්ස වඩාත් හොඳ .
සුදු කබර රෝගයේ දී
කඳුළැස්ස පැළෑටිය සහමුලින් අඹරා සුදු ලප ඇති තැන්වල ආලේපයෙන් එම ලප මැකී හමේ ස්වභාවික වර්ණය ඇති කරලීමට උපකාරීවෙනවා.
ඒ වගේම මේ පැළෑටිය සහමුලින් ගෙන ගෙඩි පැසවීමට, වණ, තුවාලවල සාරය ඉවත් කිරීමට සහ වණ පිරිසිදු වීමට ඔසුවක් ලෙස යොදාගනු ලබනවා .
එසේම ඇස් වෙදකමට, සර්ප විෂට, ගෙඩි වණ ආදියට පිළිකා, ඉන්නන් ආදියට යොදනු ලබන ඖෂධ යෝග සඳහා මේ පැළෑටිය පමණක් හෝ අනෙකුත් ඖෂධ ශාක ද්‍රව්‍ය මිශ්‍ර කර හෝ යොදනු ලබනවා .
මේ අතර හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේදී ශ්වසන පද්ධතිය තුළ හොදින් ක්‍රියා කරන ඔසුවක් වශයෙන් හඳුන්වනු ලබනවා .එනම් දිගින් දිගට පවතින කැස්ස, උගුරේ වේදනාව, කක්කල් කැස්ස, පීනස, ඇදුම, ඉක්කාව ආදී රෝග තත්ත්වයන්හිදී කඳුළැස්ස විශිෂ්ඨ ගුණ ගෙන දෙනවා .
එසේම දේශීය වෛද්‍ය ක්‍රමයේ පිළිකා රෝග සදහා ඇති වට්ටෝරු සමහරක කඳුළැස්ස අඩංගුයි. යනුවෙන් වෙද මහතා එහි ඖෂධීය වටිනාකම ගැන පියල් මහතාට පහදා දුන්නේය.
එතකොට වෙද මහත්තයෝ කඳුළැස්ස වලින් ඖෂධීය තේ පානයක් (Sundew tea)නිපදවන්න පුළුවන් කියල අන්තර්ජාලයෙ මම දැක්කා. ඒ ගැන මොකක්ද කියන්න පුළුවන් “ යනුවෙන් පියල් මහතා වෙද මහතා ගෙන් ඇසීය.
ඔව් පියල් මහත්තයෝ. ඒ කතාව ඇත්ත.දැනටමත් ඒවා හදනවා. වියළි කැස්ස, කක්කල් කැස්ස, ඇදුම වගේ ශ්වසන ව්‍යුහගත රෝග වලට මේ තේ ගොඩක් ගුණ බව දක්වා තියෙනවා” යනුවෙන් වෙද මහතා පිළිතුරු දුන්නේය.
ඒ වගේම පියල් මහත්තයෝ කඳුළැස්ස ඖෂධීය වශයෙන් වැදගත් වගේම තවත් ප්‍රයෝජන රාශියක් තියෙනවා.