ළදරු රෝග නසන දරුඵල ඉක්මන් කරන රත්මල්

ඔක්තෝබර් 20, 2023

ප්‍රදේශයේ ප්‍රවීණ වෛද්‍යවරියක වූ සුමනා මහත්මිය බෙහෙත් ශාලාව පවත්වාගෙන ගියේ තම නිවෙසේ ඉදිරිපස වූ කාමරයේ ය.

ළමයින්ගේ රෝග සදහා ප්‍රසිද්ධ වෛද්‍යවරියක් වූ ඇය වෙත වැඩිපුරම පැමිණියේද දරුවන් රැගත් මවුපියන්මය.

දිනක් උදෑසන ඇය වෙත කුඩා ළමයකු සමඟ මවක ආවේ ඒ ළමයාට වැලඳී තිබූ සමේ රෝගයකට ප්‍රතිකාර ගැනීමටයි. අසල්වැසි තරුණ මවක වූ සීතා දුටු වෛද්‍යතුමිය “මොකද සීතා පුතාට“ යනුවෙන් ඇසීය.

“අනේ වෙද හාමිනේ..දරුවගෙ ඇඟේ තැනින් තැන කසල බිබිලි දානවා.” යනුවෙන් සීතා

පිළිතුරු දුන්නාය.

දැන් පුතාට වයස කීයදැයි විමසූ වෛද්‍යතුමියට “දැන් අවුරුදු 3 ක් වෙනවා “ යනුවෙන් සීතා පිළිතුරු දුනි.

පුතාට මුලදි රත කල්කය දුන්න නේද? යනුවෙන් සීතාගෙන් විමසූ විට “ඔව්. වෙද හාමිනේම තමයි දුන්නෙ. යැයි ඇය පිළිතුරු දුන්නාය.

“ඔව් මට මතකයි රත කල්කය දුන්නු විත්තිය. ඒ වුණාට මේ ළමයගේ ලේ උෂ්ණය තියෙනව. ඒකට රත්මල් කැකුළු තියෙන කෂාය අනෙක් බේතුත් එක්ක සති 2ක් විතර බිව්වම අඩුවෙලා යාවි. ඔය බිබිලිවලත් තෙලක් ගෑවම වේලිලා යාවි.”

යනුවෙන් වෛද්‍යතුමිය පිළිතුරු දුන්නාය.

“අනේ පින්සිද්ධ වෙනවා වෙද හාමිනේට ඔබ තුමිය කියන විදියට කරන්නම් “ යනුවෙන් කියූ සීතා, “එතකොට රත්මල් කියන්නෙ හොද බේතක්ද?” යැයි ඇසීය

“ඔව් සිතා රත්මල් කියන්නෙ ඉතා හොද ඖෂධයක්. විශේෂයෙන් පොඩි ළමයින්ගෙ ලේ පිරිසුදු වෙන්න දෙන හොඳ බේතක්.” යනුවෙන් වෛද්‍යතුමිය කීය.

“එතකොට රත්මල් ලංකාවෙ විතරද හැදෙන්නෙ” යැයි සීතා නැවත ඇසීය.

“රත්මල්, ඉන්දියාව, බංගලිදේශය, ශ්‍රී ලංකාව ජන්ම භූමිය කරගත්තු පඳුරු සහිත පැළෑටියක්. ඉන්දියාවෙ සියලුම ප්‍රදේශ වල දකින්න පුළුවන්. ශ්‍රී ලංකාවෙත් සියලුම ප්‍රදේශවල විශේෂයෙන් ජලාශ්‍රිත බිම්වල හොඳින් වැවෙන ශාකයක්” යනුවෙන් වෛද්‍යතුමිය විස්තර කළේය.

එතකොට වෙදහාමිනේ. නියම රත්මල් පඳුරු අඳුනගන්නෙ කොහොමද. මල්වලට හදන අලුත් ප්‍රහේදත් ගොඩක් තියෙනවානේ” යනුවෙන් සීතා නැවත ප්‍රශ්න කළේය.

රත්මල් පඳුරක් ආකාරයේ ස්වරූපය ඇති කුඩා බහුවාර්ෂික ශාකයක්. මේ ශාකයේ සෙ.මි. 10.ක් පමණ දිග සරල පත්‍ර සම්මුඛව පිහිටනවා. මේවායේ මෝරපු පත්‍ර තද කොළ පාටයි. පොකුරු විදියට හටගන්න පෙති 4ක් සහිත රතු පාට ඉතා අලංකාරයි. මේ ශාකයේ හටගන්න ගෙඩි කොළ පාටයි. ඉදුණාම කළුපාටට හුරු තද රතු පාටක් ගනු ලබනවා. ගෙඩි පළතුරක් විදියට කෑමට ගන්නවා. අද වෙනකොට විසිතුරු මල් පැළෑටි විදියට නවීකරණය කළ රත්මල් ප්‍රභේදත් රාශියක් තියෙනවා.

ඒ නිසා ඖෂධ සඳහා ගන්න නිවරැදි රත්මල් ශාකය අඳුනගන්නත් ටිකක් දුෂ්්කරයි” යනුවෙන් හොඳ විස්තරයක් වෛද්‍යතුමිය ඉදිරිපත් කළාය.

“එතකොට වෙද හාමිනේ. රත්මල්වලට කියන වෙනත් නම් එහෙම තියෙනවද” යැයි තවත් ප්‍රශ්නයක් සීතා ඇසීය

ඔව්. රත්මල්වලට අමතරව රතඹලා කියලත් කියනවා.

ඒ වගේම සංස්කෘත භාෂාවෙන් රක්ත.. බන්ධුක.. පාතාලී... රක්තක.... ඊශ්වර. බින්ධුක කියන නම් රත්මල්වලට කියනවා

හිංදි භාෂාවෙන් රංගන රජන නම් යෙදෙනවා. දෙමළ භාෂාවෙන් වෙඩ්ඩි විච්චි කියන නම් යෙදෙනවා යනුවෙන් පැවසූ වෛද්‍යතුමිය. ඉංග්‍රීසි භාෂාවෙන් බ්භඨතඥ ට්ඥපචදඪභථ යනුවෙන් හඳුන්වන බවද කීය. නැවත විස්තර කල වෛද්‍යතුමිය රත්මල්වල උද්භීදවිද්‍යාත්මක නාමය ධ්යධපච ඛ්ධජජඪදඥචඥ යැයිද කුලය අඋඕධ්ඒඛ්ඡ්ඒඡ් හෙවත් මංජිෂ්ඨා කුලය යැයිද කීය. මේ අසා සිටි සීතා කීවෙ අපි නොදන්න කරුණු ගොඩක් රත්මල් ගැන වෛද්‍යතුමියගෙන් ඉගෙනගත් බවයි

රත්මල් ගැන තවත් කරුණු රාශියක් කියන්න පුළුවන්.” යනුවෙන් පැවසූ වෛද්‍යතුමිය රත්මල් ප්‍රභේද 4ක් වන බව කීය.

වෙද හාමිනේ මොනවද රත්මල් ප්‍රභේද “ යනුවෙන් සීතා ඇසූවිට

1රතු 2සුදු 3කහ 4මහ රතඹලා වශයෙන් ප්‍රභේද කරල තියෙනවා “ යැයි වෛද්‍යතුමිය කීය.

ඒ වගේම රත්මල් වල පංචාංගයම ඖෂධවලට ගනු ලබනවා”.යනුවෙන් ද වෛද්‍ය තුමිය පැවසීය.

එතකොට වෙදහාමිනේ රත්මල්වල ගුණාගුණ මොනවද.කියල දැනගන්න පුළුවන්ද

රත්මල් කියන්නෙ ඉතාමත් ගුණදායක ඖෂධයක්. සමේ රෝග ළදරුවන්ගේ රතගාය, රතකුෂ්ඨ..අක්ෂිරෝග.. සමේ ඇතිවන දිලීර ආසාදන..ආහාර අරුචිය..උගුර වණවීම. කැස්ස.වගේ රෝගවලට ප්‍රතිකාර කරන්න රත්මල් ශාකයේ මල් .කොල.පොතු. ඇතුළු. පංචාංගයම යොදාගන්නවා යනුවෙන් වෛද්‍යතුමිය පැවසුවාය. මේවා යොදන ආකාරයත් මම කියන්නම්” යැයි පැවසූ වෛද්‍යතුමිය

රතගායට

1. රත්මල් කොළ සහ පොතු තම්බාගත් වතුරට සීනි දමා බීමට දිම

2. රත්මල් ක්වාථය බීමට දීම.

3. වදමල් කැකුළු..රත්මල්..රත් හදුන්.වැල්මී..තම්බාගත් වතුර සීනි..මී පැණි. දමා බීමට දීම.

4. රත්මල්. කොහොඹ කොල. රත් හදුන්. අමුකහ තම්බාගත් වතුරින් සේදීම..

5. රත්මල්..පොකුරු වද මල්..සියඹලා කොළ..අමුකහ..තම්බා ගත් වතුරින් සෙදීම . ආදිය කරනු ලබනවා

ඒ වගේම

රතකුෂ්ඨවල ගෑමට

1 රත් මල් කැකුළු. එළකිරෙන් තම්බා අඹරා ගෑම.

2 වදමල්.. රත්මල්. පොල්කොළ යුෂයෙන් අඹරා ගෑම

3 රත්මල් කොළ.. උදුපියලිය.. කැකුළු හාල් ස්වල්පයක් සමඟ වතුරින් අඹරා ගෑම.

4 මල් අඹ කොළ..රත්මල් කැකුළු. අඹරා තලතෙලින් අනා ගෑම.

5 රත්මල් කැකුළු පමණක් අඹරා ගෑම ආදිය යෝග්‍යවේ යනුවෙන් පැවසීය.

එසේම ළදරුවන්ට ඇතිවන උල්ලෝගම්‍ රෝගයට

අරළු වැල්මි ලුණුවිල රත්මල් කැකුළු කලං එකහමාර බැගින් අරගෙන වතුර කෝප්ප 2ක් දමා නටන තෙක් තම්බා බීමට දෙන්න.

ඒ වගේම

පෙකණිය පැසවීම ඇතිවිට .

වැල්මී ලුණුවිල රත්මල් මොට්ටු කලං 1 බැගින් ගෙන තලා නටන වතුර මේස හැදි 3ක් දමා නිවා පෙරා ටිකටික පෙවීම් හොඳයි

ඒ වගේම

හික්කා රෝගයට

රත්මල් මුල් පාණ්ඨය යොදනු ලබනවා

රත්මල් මුල් ක්වාථයත් හොඳයි.

ඒ ව්ගේම ශ්වේත ප්‍රදර සහ පූයා මේහයට රත්මල් මෝදකය යෙදිය හැකියි.

එසේම කාන්තාරෝග. දරුඵල ප්‍රමාදය.. වගේ රෝගවලදි රත්මල් පානය ඉතමත් ගුණදායකයි

ඉතිං ඔය විදියට රත්මල් කියන්නෙ ඉතා හොද ඖෂදයක් ඒ වගේම රෝග රාශියකට ගුණදෙන අගනා ඔසුවක්යැයි වෛද්‍යතුමිය කීය.

ඔබතුමිය රත්මල් ගැන කියපු කරුණු අනුව පෙනීයන්නෙ බිලිඳාගෙ ඉඳල මහල්ලා දක්වාම ඇතිවන රෝග රැසකටම රත්මල් හොඳ බවයි” යනුවෙන් සීතා පැවසීය.

ඔව්. සීතා රත්මල් කියන්නෙ ඒ තරමටම ගුණ දෙන් ඖෂධයක්.

ඔව්.සීතා රත්මල් කියන්නෙ ඉතාම ගුණදායක ඔසුවක්. ඔය දරුවගෙ අසනීපෙත් රත්මල් වලින්ම හොද වේවි. පුතාගෙ බේත් ටික හරියට කරන්න. යනුවෙන් සීතාට වෛද්‍යතුමිය කීය.

හොඳයි. වෙද හාමිනේ. බෙහෙත් ටික හරියට කරන්නම්. ඒවගේම රත්මල් ගැන කියල දුන්නටත් ගොඩක් පිං” යැයි පවසා තම පුතා සමග සීතා ගෙදර බලා පිටත් විය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.