වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
පිත නසන මලබද්ධය සමනය කරන කිතුල්
කිතුල් යනු තාල වර්ගයට අයත් ගසකි. පොල් හා තල් මෙන්ම කිතුල් ගස ද සාමාන්‍ය වශයෙන් සලකන කල අපට පෙනී යන්නේ මෙම තාල වර්ගයේ ගස්වලින් ඖෂධීය වශයෙන් එතරම් ප්‍රයෝජනයක් නොලැබෙන බවයි. එහෙත් ඒ පිළිබඳ මැනවින් පරීක්‍ෂණ කර බලන විට පොල්, තල් මෙන්ම කිතුල්වල ද ඖෂධීය වශයෙන් ඉතා වටිනා ප්‍රයෝජන රාශියක් ලබා දෙන බවයි. මේ පිළිබඳ බොහෝ දෙනා තුළ අවබෝධයක් නොමැති වුවද බොහෝ වෛද්‍යවරු කිතුල් ගසෙන් ලබාගන්නා දේවල්වල ඇති වටිනාකම හොඳීන් වටහා ගෙන සිටිති.
ගස වැවෙන ප්‍රදේශ
විදේශීය වශයෙන් ගත් කළ අඩි 5000 දක්වා උස් වූ හිමාල ප්‍රදේශය, නේපාලය, හා ඇසෑමය ආදී ඉන්දියානු ප්‍රදේශවල හොඳීන් වැවෙන ගසකි. දේශීය වශයෙන් ගත් කළ ලංකාවේ උෂ්ණ තෙත් දේශගුණයක් හෝ උෂ්ණ වියළි දේශගුණයක් හෝ ඇති තෙතමනය සහිත ප්‍රදේශවල වැවෙන බව පෙනී යයි.
ගසේ ස්වරූපය
හොඳීන් වැඩුණු විට අඩි 50-75 පමණ උස් වන ගසක් වන අතර වැවීම සඳහා ඉතා දිගු කාලයක් ගත වෙයි. එසේ මෙම ගස පොල් හෝ තල් ගස් මෙන්ම වටකුරු ඉතා දික් කඳක් සහිත ගසකි. කඳ අග විශාල අතු යෙදුණු කොළවලින් යුක්ත වෙයි. එසේම මෙම ගස තාල වර්ගයට අයත් ගසක් නිසා අතු නොබෙදෙන අතර තනි කඳක් ලෙස පවතින අතර එම කඳේ කෙළවරින් අතු පිහිටනු ලබයි. මෙවන් ලක්‍ෂණවලින් යුක්ත කිතුල් ගස ආරක්‍ෂිත වගාවක් ලෙස ද කරනු ලබයි.
විවිධ භාෂාවන් ගෙන් කිතුල් ගස සඳහා යෙදෙන නාම
සංස්කෘත භාෂාවෙන්-හීන්තාල, ස්ථුලතාල, චිත්‍රල, කෘෂ්ණ කන්තු, වෘක්ත නාල, කරිප්‍රිය, සහ යක්ෂම ආදී නාමයන් වෙයි. මෙයින් කළු කෙඳ සහිත නිසා කෘශ්ණකන්තු යයි ද පිතිවටකුරුව පවතින නිසා වෘක්ත නාල යයි ද කිතුල් කඳේ බඩය ඇතුන්ට ප්‍රිය වීම නිසා කරිප්‍රිය යයි ද, මේරූ මල් කෙඳ නිසා යක්‍ෂකඩ යයි ද ව්‍යවහාර කරනු ලබයි.
හින්දි භාෂාවෙන් හීන්තාල යයි ද, වංග භාෂාවෙන් හේංතාල යයි ද, හඳුන්වනු ලබයි. දෙමළ භාෂාවෙන් තිප්පිලිපන් සහ කොන්ඩපන් යනුවෙන් හඳුන්වනු ලබන අතර ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ, බධඡඡර නචතථ සහ ණඪඨඨඥපර නචතථ යන නම් වලිනි.
කිතුල් ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය ඛ්චපරධබච භපඥදඵ තඪදද වන අතර කුලය වනුයේ නචතථචජඥචඥ හෙවත් නාරිකේල කුලයයි. මෙසේ විවිධ නාමයන්ගෙන් හඳුන්වන කිතුල්වල ආහාරමය වශයෙන් මෙන්ම ඖෂධීය වශයෙන් ද විශාල ප්‍රයෝජනයක් ඇති අතර එයට අමතරව වෙනත් ප්‍රයෝජන රාශියක් ද වෙයි.
ආහාරමය වශයෙන් ගත් කල කිතුල් ගසින් ලබා ගන්නා මල් යුෂයෙන් සකස් කළ කිතුල් පැණි හකුරු සහ පිටි ආදිය වඩාත් වැදගත් වේ. මේවා සාමාන්‍ය වශයෙන් රස කැවිලි සඳහා කැඳ ආදිය සඳහා, යොදා ගන්නා අතර මුස්ලිම් ජාතිකයන්ගේ ප්‍රකට ආහාරයක් වන වටලප්පන් සකස් කිරීමේ දී යොදා ගනු ලබයි. එසේම කිතුල් පිටි යොදා සකස් කළ කැඳ ශරීරයේ උෂ්ණත්වය පාලනය කර ගැනීමට සහ ශරීරයේ පවතින පිත පාලනය කර ගැනීමට ද උපකාරී වේ. එසේම කිතුල් පිටි යොදා සකස් කරන ලද දොදොල් ද ඉතා රසවත් ආහාරයක් වෙයි.
මෙසේ ආහාරමය වශයෙන් ඉතා ප්‍රයෝජනවත් වන කිතුල් වල ඖෂධීය වටිනාකම ද ඉතා ඉහළ මට්ටමක පවතී. මෙහි ඖෂධ සඳහා ගනු ලබන කොටස් වනුයේ මුල් පොත් මලෙන් ලැබෙන යුෂ (මීරා) පැසුණු රා, පැණි හකුරු සහ පිටි ආදියයි.
මේවායේ අඩංගු රසායනික උපාධාන වනුයේ මල් යුෂ හෙවත් මී රාවලින් ර්‍ථතචථ ඵභඨඥප පදාර්ථයයි. මෙම පදාර්ථය බහුල ලෙස පවතියි. ඖෂධීය වශයෙන් ගත් කළ මෙය ආහාර රුචිය ඇති කරවන ද්‍රව්‍යයක් වන අතර එයින් කිතුල් රා රක්ත පත්ත, අර්ශස්, වාතරක්ත පාලනය සඳහා ඉතා සුදුසු වේ. එයින් මලබද්ධය සමනය වී අපහසුතාවක් නොමැතිව මල පිට කිරීමේ හැකියාවක් පවතී. මෙයින් ආහාර ජීර්ණ ශක්තිය වර්ධනය වන අතර අග්නි වර්ධනය ද හොඳීන් සිදු වේ. මෙහි දී පැසුණු රා මල් යුෂ, මුල්, පොතු පැණි හකුරු පිටි ආදිය ද විවිධ කටයුතු සඳහා ඖෂධීය වශයෙන් අවස්ථානුකූලව යොදා ගනු ලබයි. එසේම කිතුල් පිටිවලින් සකස් කළ කැඳ රක්ත අර්ශස් රෝගීන් සඳහා මෙන්ම පිත වැඩි අය සඳහා ද ඉතා ගුණදායක ය.
එසේම දේශීය වෛද්‍ය ක්‍රමයේ දී ශරීරයේ ලේ වතුර වීම රෝග තත්ත්වය සුව කිරීම සඳහා යොදනු ලබන ඖෂධ යෝගවල එක් ද්‍රව්‍යයක් වනුයේ ද කිතුල් පිටිය. තවද පොළොං විසේ දී අළු කෙසෙල් අල, කරවිල, කොහිල අල, හබරල අල, කිතුල් කොළ, යුෂයෙන් හා නර මුත්‍රයෙන් අඹරා හිස ගැල්වීමෙන් පොළොං විෂ පහවෙයි. එසේම භූමිතෙල් පෙවීමෙන් ඇතිවන විෂ තත්ත්වය පාලනය කිරීමට කිතුල් බඩ කැඳ සහ කිතුල් පිටි කැඳ ඉතා යෝග්‍ය වේ. එසේම කිතුල්වල පිට පොත්ත තලා යුෂය කනට වත්කිරීමෙන් කන් කැක්කුම සුවවෙයි.
මේ ආදී ඖෂධ ප්‍රයෝගයන් රාශියක් සඳහා කිතුල්වල උපාදාන යොදනු ලබන අතර විශේෂයෙන් පිත් සමනය සඳහා බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙයි. මෙසේ ආහාරමය සහ ඖෂධීය වශයෙන් ලැබෙන ප්‍රයෝජනයට අමතර ව වෙනත් අවශ්‍යතා රාශියක් සඳහා ද කිතුල් වැදගත් වේ. එනම්,
කිතුල් ගස් පැරණි වන්නට එම ගස් ශක්තිමත් වන නිසා බෙර වංගෙඩි, මෝල් ගස් ආදිය කිතුල් ලී මඟින් වඩාත් ශක්තිමත් ලෙස සාදා ගනු ලබයි. එසේම කිතුල් ගසේ අතු අලි ඇතුන්ගේ ප්‍රියතම ආහාරයක් වෙයි. මෙයට අමතරව කිතුල් ගසේ කඳෙන් ලබා ගත් ලී වලින් නිවෙස්වල වහලවල් සඳහා පරාල, රීප්ප ආදිය ද සමහර අය විසින් යොදා ගන්නා අතර තවත් සමහරුන් දොරවල්, උළුවහු, ජනෙල් සඳහා ද යොදා ගනු ලබයි. බොහෝ ග්‍රාමීය නිවාසවල මෑත කාලය දක්වා ම ජනෙල් සකස් කිරීමේ දී යොදන යකඩ කූරු වෙනුවට කිතුල් ලීවලින් සකස් කළ කූරු යොදා තිබූ බව පෙනී යයි.
මේ ලෙස සලකා බලන කල කිතුල් ගසේ උපාංග සහ එයින් සකස් කර ගත් විවිධ යෝගයන් ආහාරමය සහ ඖෂධීය වශයෙන් පමණක් නොව එදිනෙදා ජීවිතයේ දී අවශ්‍ය වන වැදගත් වන බොහෝ දේවල් සඳහා අතිශයින් ප්‍රයෝජනවත් බව පෙනී යයි.
මධ්‍යම පළාතේ ගම්පොල ආශ්‍රිත ප්‍රදේශ, දකුණු පළාතේ දෙනියාය, නෙළුව, මොරවක ආදී ප්‍රදේශවල බහුල වශයෙන් මෙම කිතුල් ගස් ආශ්‍රිත කර්මාන්ත ක්‍රියාත්මක වන බවත් එයින් හොඳ ආර්ථික ලාභයක් ලබා ගන්නා බවත් පෙනී යයි. විශේෂයෙන් මේ ප්‍රදේශවල කිතුල් පැණි සහ හකුරු කර්මාන්තය ඉතා උසස් මට්ටමක පවතින බවත් එය දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොලවල් කරා යොමු වන බවත් පෙනී යයි.
මේ නිසා ඖෂධීය වශයෙන් සහ ආහාරමය වශයෙන් ඉතා වැදගත් වන එසේම ආර්ථික වශයෙන් සහ වෙනත් හේතු මත වැදගත් වන මෙම කිතුල් ගස දැනට වඳ වීමේ තර්ජනයට මුහුණ පා ඇති නිසා ඒ පිළිබඳ සැලකිලිමත්ව ජනතාව දැනුවත් කර ආරක්ෂිත වගාවන් වශයෙන් පවත්වා ගෙන යෑම කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් ඉතා වැදගත් වේ.
වෛද්‍ය
මධුර පරණවිතාන