වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
රසවත් පලතුරක් ඔසු ගුණ පිරි පානයක් කිරල
පලතුරු පිළිබඳව කතා කිරීමේදී පලතුරු ලෝකයේ රජු ලෙස හඳුන්වනු ලබන්නේ කිරලයි. එනම් ඔටුනු හිසමත දරා සිටින පලතුර කිරල බව ජන සාහිත්‍යයේ සඳහන් වෙයි. කිරල යනු කඩොලාන පරිසරයේ දැකිය හැකි වැදගත් ශාක අතුරින් එකකි.
මෙම වගුරු බිම්වල වැවෙන කිරල ශාකය පලතුරක් ලෙස ඉතා රසවත් මිහිරි පෝෂණයෙන් යුතු එකකි. අමුවෙන්ද ආහාරයට ගත හැකි මෙම කිරල පලතුර රසවත් ආකාරයට සකස් කර ගත් විට රසවත් පානයකි. මෙම රසවත් ගුණදායක පෝෂ්‍යදායී කිරල විවිධ රෝග සඳහා ඔසුවක් ලෙසද ප්‍රයෝජන ගෙන දෙයි.
මුහුදට ආසන්න ගංගා ඉවුරු, ගංමෝය, කලපු ආශ්‍රිත මිරිදිය සහ කරදිය මිශ්‍ර කිවුල් දිය පරිසරයන් තුළ වැඩෙන මෙම ශාක තරබඩපචජඥචඥ ඉංග්‍රීසි බසින් ථචදඨපධමඥ චනනතඥ හෝ ජපචඡ චනනතඥ ථචදඨපධමඥ ලෙස හඳුන්වනු ලබයි. ශ්‍රීලංකාව,ඉන්දියාව, ස්ට්‍රේලියාව, අප්‍රිකාව ආදී රටවල තිබෙන අතර සෑම කඩොලාන පද්ධතියකම දැකිය හැකිය. ශ්‍රීලංකාවේ තෙත් කලාපයේ සුලබයි. දිගුකාලීනව මිරිදියට යටවීම මෙම ශාකවල වර්ධනයට හිතකාරි නොවන අතර කඳෙන් පොතු කැබලි ගැලවී ඉවත්වීම සිදුවනු දැකිය හැකිය. මේවායේ මුල් මගින් පොළොවෙන් උඩට කේතු හැඩයට වැඩෙන වායුධර මුල් ඇතිවේ. කිරල ඇබ හදන්නේ මේ මුල් වලින්.
කිරල කොළ රවුම් හැඩයේ ඉදලා වලාකාර හැඩයට විවිධාකාරයි. මල් ප්‍රමාණයෙන් විශාලයි. මේවා කෘත්‍රිම හෝ පොකුරක් විදියට තියෙනවා. පොකුරක මල් 2-4 පමණ තිබෙනවා. මෙම මල් සවසට පිපෙන අතර උදේට පරවෙලා යනවා. කිරල ගෙඩි අමු කාලයේදි කොළ පාටයි. තද ගතියෙන් යුක්තයි. ඉදුණාම ලා කොළ පාටයි.
මොලොක් ගතියෙන් යුක්තයි. මේවා ඉදුණාම ගසෙන් වැටෙනවා. මේ ගෙඩ් ඉදුණාම දවසකට වඩා එළිමහනේ තබා ගැනීම අපහසුයි. එනිසා ඉක්මණින්ම ආහාරයට ගත යුතු වෙනවා. මෙහිදී අමුකිරල ගෙඩි එළවළුවක් ලෙස යොදා ගන්න පුළුවන්. ඉදුණු ගෙඩි පලතුරක් ලෙස යොදා ගත හැකිය. මෙහි ඇඹුල් රස සමඟ අමුතුම මිහිරි රසයක්
තියෙනවා. අපේ රටේ වඩාත් ප්‍රචලිත ක්‍රමය කිරල බීම වූවත් ඉදුණු ගෙඩි පලතුරු ලෙස ආහාරයට ගනු ලබනවා. කිරල දළු පළාවක් ලෙස ගනු ලබන අතර කිරල කොළ කොළකැඳ සඳහාත් යොදා ගන්නවා. ඒවාගේම කිරල පොතු, කොළ සහ ගෙඩි ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ ඖෂධ සඳහා යොදා ගනු ලබනවා.
කිරල ගෙඩි වලින් බීම සාදන විට මුලින්ම ගෙඩියේ පිට පොත්ත ඉවත් කර මදය සූරා ගෙන එයට පොල්කිරි කෝප්පයක්, ලුණු, සීනි පදමට දමලා බ්ලෙන්ඩර් කරල බීමක් ලෙස සකස් කර ගන්නවා.
බොහෝ විට අම්බලන්ගොඩ,හික්කඩුව, ගාල්ල, මාතර වගේ ප්‍රදේශ වල යන විට පාරවල් අයිනේ කිරල බීම සකස් කර තිබෙනවා දකින්න පුළුවන්.
කිරල රසවත් පලතුරක් වුණත් තරමක් උෂ්ණ ගතියෙන් යුක්තයි. දිවුල් කිරිවල රසයට සමාන රසයක් මෙහි තියෙනවා. කිරල උෂ්ණ නිසා තමයි කිරල බීම හදද්දි පොල්කිරි මිශ්‍ර කරන්නේ. ඒ වාගේම කිරල හරිම ගුණදායක පලතුරක්. විටමින් කේ වැඩිපුර තිබෙන පලතුරක්. අපේ සම පැහැපත්ව නිරෝගීව ලස්සනට තබා ගන්න කිරල ගුණදායකයි. ඒ වාගේම හිසකෙස් වල නිරෝගී බවටත් කිරල උපකාරී වෙනව. වකුගඩු රෝග වලටත් කිරල ගුණයි. ඒ වාගේම කිරල මුල් වේලා මුල්වලින් කිරල ඇබ නිපදවනවා. කිරල වල ඖෂධීය වටිනාකම ගැන සලකන විට :
පැසුණු කිරල ගෙඩිවල යුෂ තුවාලවල ලේ ගැලීම නතර කරන්න යොදා ගනු ලබනවා. මදක් ඉදුණු ගෙඩි කැස්සට ඔසුවක් වශයෙන් යොදාගනු ලබනවා.
ඒ වගේම මුත්‍ර රෝග වලට සහ මුත්‍ර සමඟ ලේ පිටවීම සුව කිරීමට කිරල මල් උපයෝගී කරගනු ලබනවා.
ඒ වාගේම අතීසාරය, සමේ රෝග සහ සන්ධි රෝග සඳහාත් කිරල ගුණදායකයි. එසේම කිරල වල ප්‍රතික්ෂද්‍ර ජීවී සහ ප්‍රතිඔක්සිකාරක ගුණ පවතින බව දැක්වෙනවා.
මෙම කිරල ශාකය පැතිරී යන්නේ කිරල ගෙඩි ඉදීමෙන් පසු ඒවා බිමට වැටී එහි බීජ මඩ තට්ටු මත පැළවීමෙනි. මෙම බීජ පැළවීමෙන් පසු මුල් වේගයෙන් වැඩී ස්ථාවර බවට පත්වෙනවා. එසේ වුවත් මෙම පැළ ජලයෙන් දිගටම යටවෙලා තිබුණොත් හරි මඩවලින් වැසී තිබුණොත් මෙම පැළ මැරී යනවා. ඒ වාගේම මෙම කඩොලාන පරිසරය විනාශ කිරීම් තුළින්ද කිරල වගාවන් විනාශ වී යාමේ තර්ජනයට මුහුණදී තිබෙනවා. එසේම ඉස්සන් කොටු ඉදිකිරීම, සංචාරක හෝටල් සහ වෙනත් ගොඩනැගිලි ඉදිකිරීම, නාගරික කරණය ආදියද කිරල ගස් විනාශ වීමේ තත්ත්වයට මූලික හේතු වෙනවා.
මෙම වගුරු බිම් ආශ්‍රිතව ජීවත්වන මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේද මෙම කිරලගෙඩි කඩා විකිණීමයි. මෙනිසා ඉතා විශාල ලෙස වඳ වෙමින් යන මෙම අගනා පෝෂණීය ගුණැති කිරල ශාක ආරක්ෂාකර ගැනීමටත් නැවත කිරල ගස් රෝපණයක් කිරීම ඉතාමත් වැදගත් වේ.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන