වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
වෙද මහතා උදෑසන නැගිට තේ බීම පිණිස මුළුතැන් ගෙය දෙසට ගියේය. එහෙත් හාමිනේ තවම අවදි වී නොමැති බව දැක “හාමිනේ” “හාමිනේ” යැයි අඬගැසුවේය. “ඇයි මහත්තයා.දැන්...
2023-06-08 18:30:00
සුබසෙත ඔසු උයනේ ඔසු පැළවලට සාත්තු කරමින් සිටි වෙද මහතා හමුවීමට හන්දියේ කඩේ මුදලිලා පැමිණ ඇති බව සිසුවෙකු පැමිණ දැනුම් දුන්නේය. හනික සායනය වෙත...
2023-06-01 18:30:00
ඉස්කෝලෙ මහත්තයා - ආයුබෝවන් වෙද මහත්තයා මම ඔබතුමා මුන ගැහෙන්නමයි හිටියේ. වෙද මහතා - ඇයි? ඉස්කෝලෙ මහත්තයා මොකද? උවමනාවක්ද?ඉස්කෝලෙ මහත්තයා -...
2023-05-18 18:30:00
ආ මොකද මේ පැත්තෙ? වෙද මහත්තයෝ මගේ ඔළුව තද වෙනවා සැරින් සැරේ, රිදෙනවා, සෙම ගතියත් ටිකක් තියෙනවා. ඒකට බෙහෙත් ටිකක් ගන්න ආවෙ. හිස තද වෙන්න...
2023-05-11 18:30:00
රෝගබාධ රාශියකට ගුණ දෙන ඖෂධ යෝග රාශියක් සඳහා උපයෝගී කර ගනු ලබන ද්‍රව්‍යයක් වශයෙන් තීත්ත ලබු හැඳීන්විය හැකිය. ලබු විශේෂ කිහිපයක් වන අතර, ඒ අතුරින්...
2023-04-20 18:30:00
මෙවර අවුරුදු උදාවේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදුකිරීමේදී පයට පෑගීම සඳහා යොදා ගැනීමට නියමිතව ඇත්තේ නුග පත්‍රයි. ආයුර්වේද ද්‍රව්‍ය වර්ගීකරණයට අනුව...
2023-04-13 18:30:00
සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශි ගතවන අවස්ථාවේ ආරම්භ වන අලුත් අවුරුද්දේ සියලු වැඩ කටයුතු සුබ මොහොතින් ඇරැඹීම අනාදිමත් කාලයක සිට සිදුවන්නකි. ඒ...
2023-04-06 18:30:00
ඖෂධීය මෙන්ම ආහාරමය වශයෙන්ද අගනා වටිනා ප්‍රයෝජන ගෙන දෙන ඉතා පහසුවෙන් සපයා ගත හැකි ශාකයක් ලෙස මී ගස හැඳින්විය හැක. මී ගස වැවෙන ප්රදේශවිදේශීය...
2023-03-30 18:30:00
අප ජීවත් වන මේ සුන්දර පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා විශාල ප්‍රමාණයක් ඖෂධීය වශයෙන් වැදගත් ශාකයෝ වෙති. මේ අතර ඖෂධීය සහ ආහාරමය වශයෙන්...
2023-03-23 18:30:00
මිනිසාගේ ආහාරය යම් පමණකට වැදගත්වේද පෝෂණයද ඔහුට ඒ තරමටම වැදගත් වේ. ආයුර්වේදයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්රමයේද පෝෂණය පිළිබඳව බොහෝ සෙයින් අවධානය යොමු කර...
2023-03-16 18:30:00
ශාක සමූහයා අතුරින් ඖෂධීය වශයෙන් විශිෂ්ට වූ ප්‍රතිඵල ලබාදෙන ශාකයක් වශයෙන් බෝඹු ශාකය හැඳින්වීමට පුළුවන. දේශීය වෛද්‍ය ක්‍රමයේදී විශේෂයෙන් කැඩුම් බිදුම්...
2023-03-09 18:30:00
නිරෝගී පුද්ගලයාගේ නීරෝගි බව ආරක්ෂා කර ගැනීමටත් රෝගී පුද්ගලයාගේ රෝගී භාවය සමනය කර ගැනීමටත්, බොහෝ සෙයින් උපකාරී වන වෛද්‍ය ක්‍රමය ලෙස ආයුර්වේද...
2023-03-02 18:30:00
අද සමාජයේ බහුල ලෙස රෝගවල වර්ධනයක් පෙන්නුම් කරන්නේ ආසාදන නිසා නොව ආහාර රටාවේ පවතින වෙනස්කම් හේතුවෙනි. ආහාර ගැනීමේ නිසි ක්‍රමවේදයකින් තොරව හා ආහාරවලට...
2023-03-02 18:30:00
ලොකු කුඩා සෑම දෙනාම පාහේ හොඳින් දන්නා ගසක් ලෙස සියඹලා ගස හැඳින්විය හැක. ඉතා විශාල ප්‍රමාණයේ ගසක් ලෙස වැඩෙන මෙම ගස ගම්බදව ඉතා බහුල ලෙස දක්නට ලැබේ....
2023-02-23 18:30:00
දේශීය වෛද්‍ය ක්රමයේ අප්රකටව භාවිතා වන ඖෂධ ද්‍රව්‍යයක් වන ඉල්ල බොහෝ දෙනා හොඳින් හඳුනන ශාකයක් නොවේ. මෙයටම ඊල්ල යන නාමය ද, හතුරු විල්ල යන නාමයද...
2023-02-16 18:30:00
ඖෂධීය සහ ආහාරමය වටිනාකමකින් යුතු වැදගත් පැළෑටියක් ලෙස කොක්මොට නම් ශාකය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වශයෙන් හඳුන්වනු ලබන කොක්මොට...
2023-02-09 18:30:00