වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා අධික පැළෑටි ප්‍රමාණයක් විවිධ රෝග සඳහා ප්‍රයෝග කරනු ලබන බව හොඳින් දන්නා නමුත් තවත් සමහර පැළෑටි...
2023-02-02 18:30:00
මිනිසාට වැළඳෙන විවිධ වූ රෝගාබාධයන් ගැන සලකා බලන කල අපට පෙනී යන්නේ මේ රෝග සියල්ලම පාහේ ඇති වීමට බලපාන ප්‍රධානතම හේතුව වා පිත් සෙම් යන තුන්දොස්වල වෙනස්...
2023-01-26 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්රමයේ බොහෝ සෙයින් ඖෂධ සඳහා යොදාගනු ලැබුවේ තුරුලතාවලින් ලබා ගත් විවිධ කොටස්ය. වර්තමානය වන විට අධික...
2023-01-19 18:30:00
වත්මන් සමාජය තුළ බහුල වශයෙන් දක්නට ලැබෙන රෝග තත්ත්වයන් අතුරින් ලිංගික දුබලතා නිසා ඇතිවන්නා වූ විවිධ රෝගාබාධ රාශියක් වේ. මෙම රෝග තත්ත්වයන් නිසා ඇතිවන...
2023-01-12 18:30:00
මිනිසාට වැළදෙන රෝගාබාධ අතුරින් බහුල වශයෙන් දැකිය හැකි රෝගයක් වශයෙන් අර්ශස් රෝගය හැඳින්විය හැකිය. ගේ කුරුල්ලාට හැර අනෙක් සියලුම සත්ත්වයන්ට අර්ශස්...
2023-01-05 18:30:00
ශී‍්‍ර ලංකාව ගැන සලකන විට අපට පෙනී යන්නේ පලතුරු අතරින් ස්වයංපෝෂිත රටක් බවයි. ලෝකයේ වෙනත් රටවල් සමඟ සසඳා බැලීමේදී පලතුරු ප්රභේදයන් අතින් ඉහළම ස්ථානයක...
2022-12-29 18:30:00
දේශීය වෛද්‍ය ක්රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්රමයේ ද ඖෂධ සඳහා ගනු ලබන සියලුම දේ ශාක, සත්ත්ව සහ පාර්ථිව යන කොටස් 3 ට අයත් ය.මේවායින් බොහොමයක් සාමාන්‍ය...
2022-12-22 18:30:00
සින්කෝනා ශාකය පිළිබඳව සැලකීමේදී දැකිය හැක්කේ මෙරට වෛද්‍යවරුන් තුළ සින්කෝනාවල ඖෂධීය වටිනාකම පිළිබඳව එතරම් වැටහීමක් නොමැති බවයි. එසේ වුවද...
2022-12-15 18:30:00
බොහෝ දෙනා ඉතා හොඳීන් දන්නා හඳුනන ශාකයක් වශයෙන් සේපාලිකා ශාකය හැඳීනවිය හැකිය. මෙම ශාකය පිළිබඳව බොහෝ දෙනා හඳුනන්නේ එහි ඇති මල් නිසාය. ඉතා සුගන්ධවත් මල්...
2022-12-08 18:30:00
ආයුර්වේදයේ සඳහන් “මහා රෝග“ අට අතුරින් අර්ශස් සහ භගන්දරා යන රෝග දෙක සඳහා යෙදෙන ප්‍රතිකාරවලදී නැතිවම බැරි ද්‍රව්‍යයක් වශයෙන් ,කරල්හැබ, හැඳීන්විය හැකිය...
2022-12-01 18:30:00
අප ජීවත් වන පරිසරය තුළ දැකිය හැකි තුරුලතා අතර බොහෝ ප්‍රමාණයක් ආහාරමය වශයෙන් වැදගත් වන අතර තවත් බොහෝ ප්‍රමාණයක් ඖෂධීය වශයෙන් වැදගත් වේ. එසේම...
2022-11-24 18:30:00
දියවැඩියාවෙන් නොහොත් මධුමේහයෙන් පෙළෙන රෝගියකු ආහාර විහරණ ඖෂධ යන කරුණු අනුව රෝගය පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුය. ආහාර පාලනයේදී සියලුම පැණිරස ආහාර සහ...
2022-11-17 18:30:00
මිනිසා නීරෝගිව තම ජීවිතය පවත්වා ගෙන යාම සඳහා ආහාර පානවලින් ලබා ගන්නේ මහත් වූ සහායකි.එදිනෙදා ගනු ලබන ආහාර අතුරින් බොහෝමයක් නීරෝගි බව රැක ගැනීමට සහ...
2022-11-17 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී රෝගීනට ප්‍රතිකාර කිරීම පමණක් නොව නිරෝගී පුද්ගලයන්ගේ නිරෝගී බව රැක ගැනීමටත් කටයුතු කරයි. එනම් ආයුර්වේදයේ දැක්වෙන මූලික...
2022-11-10 18:30:00
වර්තමාන ලංකාවේ ඇති වී තිබෙන ළමා මන්දපෝෂණයට මුහුණදීම සඳහා සෞඛ්‍ය අංශවලට විශාල කාර්යභාරයක් හා වගකීමක් දැරීමට සිදුවී තිබේ. ආර්ථික අර්බුදයෙන් නිර්මාණය වූ...
2022-11-03 18:30:00
වාතය, පිත හා සෙම යන තුන් දොස් කිපීමෙන් මිනිසාට වැලදෙන රෝග සමූහයාට ප්‍රතිකාර කිරීමේදී යොදා ගනු ලබන ශාක,සත්ව හෝ පාර්ථිව යන කාණ්ඩයන් තුන අතුරින් වැඩි...
2022-10-27 18:30:00