වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
දිවා ආහාරය සදහා දේශන නතර කිරීමෙන් පසු ආහාර ගනිමින් සිටි ආයුර්වේද වෛද්‍ය සිසුන් දෙදෙනකු වූ අසේල සහ සාලිය කතා කරමින් “අදත් පොල් සම්බෝල තියෙනවා. හැමදාම...
2023-09-14 18:30:00
ප්‍රදේශයේ සිටින දක්ෂ කැඩුම් බිදුම් වෙද මහතකු වන සිරිසේන මහතා තම බෙහෙත් ශාලාවේ සිටින විට එම ප්‍රදේශයේම සිටින ගුරුමහතකු වන පියල් තම පුතා සමඟ එහි...
2023-09-07 18:30:00
ඇල්පිටිය ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන ආයුර්වේද වෛද්‍යවරයකු වන සමන්ත වෙත උදෑසනම රෝගියකු පැමිණ “මහත්තයෝ මම බේත් ටිකක් ගන්න ආවේ .” යැයි...
2023-08-31 18:30:00
පිටිසර ගම් පළාතක සිට ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට පැමිණ ආයුර්වේදය හදාරන අවසන් වසරේ සිසුවියක වන තමාලි, මෙවර නිවාඩුවට ගමේ ගියේ තම හොඳම යෙහෙළිය වන අනුරාධා...
2023-08-24 18:30:00
ෂානි - අපි තුන්දෙනා යමුද වෙද මහත්තය හම්බවෙන්න. කියා ඇසුවේ මල්ලිකාය. ශ්‍රීමා එයට පිළිතුරු දෙමින් කීවේ අන්න හරි යමු ගිහිල්ල අහමු කුළු බඩුවල ඖෂධීය ගුණය...
2023-08-17 18:30:00
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරී රේනුක තම කාර්යාලයේ සිටින විට එහි කාර්යාල කාර්ය සහායකයෙකු වන ලාල් කුඩා ජෑම් බෝතලයක් ගෙන රේනුක ඉදිරියට පැමිණ සිට...
2023-08-17 18:30:00
සහන් ආයුර්වේද වෛද්‍ය උපාධිය ලබා වසරක් වත් නැත.රජයේ රැකියා ලැබෙන තෙක් ඔහු උපන් ගමෙන් ඈත ප්‍රදේශයක පෞද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කර ටික දිනකි. දිනක්...
2023-08-10 18:30:00
තරුණ ආයුර්වේද වෛද්‍යවරයකු වූ අනිල් තම යහළුවෙකු වන නලින් සමඟ සංචාරයක් සඳහා දුම්රියෙන් යාපනය බලා ගියේ නිවාඩු දින තුනක් එකට යෙදී තිබීම හේතුවෙනි. සවස් වන...
2023-08-03 18:30:00
අම්මා - දුවේ සුමනා, තාත්තා පොළට යනව නම් කියන්න වැටකොළු, පතෝල, අළුපුහුල්, පිපිඤ්ඤා, රාබු, අළුකෙසෙල් වගේ එළවළුත්, මුරුංගා කොළ, කතුරුමුරුංගා, නිවිති...
2023-08-03 18:30:00
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරියෙකු වූ ජගත් මහතා තම රාජකාරි ප්‍රදේශයේ මවුවරුන් සඳහා පණුරෝග පිළිබඳව දේශනයක් සංවිධානය කළේය. ඒම දේශනය සඳහා මව්වරු 60ක්...
2023-07-27 18:30:00
වෙද මහතා සුපුරුදු ලෙස බෙහෙත් ශාලාවේ සිටින විට කුඩා දියණියක් සමග මවක් එහි පැමිණියාය.ඇයි මොකද දරුවනේ බෙහෙත් ගන්නද? කවුද ලෙඩා යනුවෙන් වෙදමහතා විමසන විට...
2023-07-20 18:30:00
උදෑසන නින්දෙන් පිබිදුණු සුගත්ට යටි බඩේ කැක්කුම නැවත ටිකෙන් ටික වැඩිවෙනවාක් මෙන් දැනිණි. පෞද්ගලික ඉදිකිරීම් සමාගමක තරුණ සිවිල් ඉංජිනේරුවෙකු ලෙස...
2023-07-13 18:30:00
තරුණ වෛද්‍ය සිසුවෙකු වන රසික ද්‍රව්‍ය ගුණ විෂය කරුණු පාඩම් කරමින් සිටින විට ගොඩකදුරු ඖෂධීය ගුණ පිරි ශාකයක් බවත්, බොහෝ රෝග වලට ගුණ ගෙන දෙන බවත් සදහන්...
2023-07-06 18:30:00
ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්රිත රෝග සඳහා අළුකෙසෙල් අල, අත්තික්කා පොතු, මාදං පොතු, තැඹිලි පොල්මල් කෂාය මී පැණි දමා දීම ඉතා ගුණයි.කාන්තාවන්ගේ ගර්භාෂගත...
2023-06-29 18:30:00
උදෑසනම බෙහෙත් ශාලාව ඇරීමෙන් පසුව වෙද මහතා බුදුන් වදින විට කිසිවකු පැමිණ වෙද මහතා සිටින්නේ දැයි විමසනු ඇසිණි. බුදුන් වැදීමෙන් පසු ඉදිරිපසට පැමිණි වෙද...
2023-06-22 18:30:00
අම්මේ අපේ බළල් පැටියා අසනීපෙන් වගේ ඉඳල කුප්පමේනිය පැලයක් කාලා වමනෙ කළා.ඊට පස්සෙ දැන් හොඳට දඟලලා සෙල්ලම් කරනවා. දැන් කිසිම ලෙඩක් නැහැ.කුප්පමේනිය එතරම්...
2023-06-15 18:30:00