වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඔබේ දෑසත් නිරෝගීද?
ලොවක් බලන්නට ස්වභාව ධර්මයාගේ උරුමයෙන් පැමිණි දෙනෙත ආරක්ෂා කර ගැනීමට අප උත්සුක විය යුතු වේ. එමෙන්ම, අව්වෙන්, වැස්සෙන්, ගින්නෙන්, පින්නෙන්, විෂ දූවිලිවලින්, විෂ වාෂ්පයෙන් ඇසට උපද්‍රව පැමිණෙනු ලබයි.
ඒවායෙන් ආරක්ෂාවීමට උත්සහ ගැනීම හොඳම දෙය වේ. අධික අව්රශ්මියෙන් පීඩා විඳ ඇවිත් ශීතල ජලස්නානය කිරීම නිසාත්, තේ වතුවල, කෙත්වතුවල වැනි ප්‍රදේශවල සේවය කරන කම්කරුවන් හට පසුකාලීනයන්හි හිසරදය, ඇසේ සුද බලපාන්නට පුළුවන. එසේම හිරු රශ්මිය තදින් හිස මත පතිතවීමෙන් එය වළක්වාලනු පිණිස ශීතල ජලය ස්නානයෙන් සැන්දෑ කාලයේ තදින් හිසරදය සෑදීමට පුළුවන. එසේ තදබල රුජාවකදී නළලට යොදෙන පැලැස්සරය ඉතා අගනේ ය. එනම් ඊට අඩංගුවිය යුතු ඖෂධ නම්, සුවඳ කොට්ටං කුඩු, සුදුහඳුන් කුඩු, වියළි ඉඟුරු කුඩු සමව ගෙන අඹරා කපු රෙදි කැබැල්ලක තවරා ඔසු නොගෑ පැත්ත නළලට එළා පැය 3ක් හිඳිනු. එවිට හිසරදය සුවවීමට පුළුවන.
අක්ෂි රෝග වැළඳුණ විට හිසරදය සෑදෙන අවස්ථා බොහෝය. අක්ෂි රෝග අවස්ථාවල දී හිසරදය සෑදීමට හේතුවන තවත් කරුණක් නම් රෝගියාගේ පූර්ව (පෙර) අවධියකදී හෝ කුඩා අවධියේ දී හිසට තදබල පහරක් වැදීම හේතුවෙන් පසුකාලයේ දී හිසරදය ඇතිවීමයි.
මීට ප්‍රතිකාර වශයෙන් වෛද්‍යවරයාගේ නිගමනය අනුව සිතෙන් විමසා බලා කටයුතු කිරීම වැදගත් වේ. එමෙන්ම අක්ෂි රෝග වැලඳීමට බලපාන ප්‍රධාන කාරණා වශයෙන් බලන කල අශ්‍රවේග දැරීම, එනම් ඇසට එන කඳුළ දරා සිටීමේදී ද අක්ෂි රෝග වැලඳේ. එමෙන්ම එසේ කඳුළු පිටවන්නට නොදී වළක්වා ගත්තේ නම් ඒවා ස්ඵටික සෑදී අශ්‍රැ ගල් (අශ්මරී) හට ගන්නට පුළුවන.
කඳුළු ඇසට යොමු වීම නිසාවෙන් කළු ඉංගිරියාව එහා මෙහා හැරවීමට අපහසු වේ. ඒ නිසා ඇසේ පෙනීම දුර්වල වනු ඇත. යමෙකුට දියවැඩියාව හටගත්තේ නම් දෑස පෙනීම අඩුවෙනු ඇත. එමෙන්ම ඇස සුද, රත, කාමය, මල්පොල වැනි අවස්ථාවකදී පෙනීම දුබල වේ. අක්ෂි රෝගයන් හට ගැනීම නිසා රෝගියාට සිතේ පවතින ව්‍යාකූල තත්ත්වය බැහැරට හැර නොවේ.
අක්ෂි රෝග වැලඳෙන තවත් කරුණු නම් අධික මෛථුනය (අධික වශයෙන් අඹු සැමි සුහදතා පැවැත්වීම, මෙන්ම දහවල් නිදා ගැනීම, මළ මුත්‍ර වේග දැරීම, කිවිසුම් වේග දැරීම, ඈනුම් වේග දැරීම, අශ්‍රැ (කඳුළු) වේග දැරීම නිසා අශ්‍රැගල් (ස්ථිටික ) ඇතිවේ. මෙකී කරුණුවලින් අක්ෂි රෝග හටගනු ලැබේ.
කළු සුදු රතු නූල් වැනි දෑ පෙනීම
වා, පිත්, සෙම් මාර්ගයෙන් නැගෙන කෝපය හේතුවෙන් ද ප්‍රධාන වශයෙන් අක්ෂි රෝග වැලඳීමට පුළුවන. ඇස් රෝග 320ක් ලෙස හඳුන්වා දුන් පුරාණාචාරීන් කළු ඉංගිරියාවේ පමණක් රෝග 99ක් ලෙසට දක්වා ඇත. එමෙන්ම සුදු ඉංගිරියාවේ රෝග 120ක් බවට හඳුන්වා දී ඇත.
එනමුත් වර්තමාන කාලයේ කොරෝනා වැනි රෝග අවස්ථාවලදී ඇස් රෝග බහුල වශයෙන් පැතිරී ගිය බව ප්‍රකට කරුණක් වේ. මේ ආදී බලන කලට වාතයෙන් එන ඇස් රෝගවලදී කළු මැස්සන් නූල් කෙලනා අදිනා සේ දර්ශනය වේ. පිතෙන් එන අක්ෂි රෝගවලදී රතු මැස්සන් රතු නූල් කෙළනා අඳිනා සේ දසුන් මැවේ. සෙම් අක්ෂි රෝගවලදී සුදු මැස්සන් සුදු නූල් සැරිසරනු පෙනේ. අක්ෂි රෝග ප්‍රභේද වශයෙන් ගත් කල්හි අභිෂ්‍යන්දය, නම් රෝගයේ දී
වාතාභිෂ්‍යන්දය - පිත්තාභිෂ්‍යනන්දය ශ්ලේෂ්මාභිෂ්‍යන්දය - රක්ත්‍යාභිෂ්‍යන්දය යනුවෙන් අභිෂ්‍යන්දය සිව් ආකාර වේ.
වාතාභිෂ්‍යනන්දයේ දී ඇතිවන රෝග ලක්ෂණ ඇස තුළ ඉදිකටුවකින් අනින්නාක් බඳු ලක්ෂණ ඇතිවන අතර ලොමු ඩැහැගැන්වීම (ශරීරයේ මවිල් කෙළින් සිටීම, එනම් ශීතල පරිසරයක් ඇති වීම) මේ තත්ත්වයට මුහුණ දීමට හැකිවෙයි. එමෙන්ම රළු බව, හිසරදය, තදින් ඇතිවීම, වියළි බව, සිහිලැල් කඳුළු වැගිරීම ආදී ලක්ෂණ වාතාභිෂ්‍යනන්දයේදී ඇතිවනු ලබයි.
පිත්ත අභිෂ්‍යන්දයේදී, ඇස් දැවිල්ල කහ පැහැති කබ, කඳුළු නෙතඟ වැගිරේ. ඒ නිසාම පිත්තාභිෂ්‍යන්දිය රෝගියා සිහිළැල් දේට කැමැති වේ. දුම් නැගෙන්නාක් බඳු පෙනීම, කහ පැහැති ඇස් ඇති වීම ආදී ලක්ෂණ පිත්ත අභිෂ්‍යනන්දයේ දී පෙන්නුම් කෙරේ. එමෙන්ම පිත්තජ ඇස් රෝගයන්හිදී ඇතිවන රෝග ලක්ෂණ ද මෙහිදී පහළ වේ.
සෙම් අභිෂ්‍යන්හිදී උෂ්ණයට කැමැතිවීම, ඉදිමුම, ඇසෙහි බර බව, කැසීම, සෙවෙල් බව, සීතල කබ, කඳුළු වැගිරීම ආදී ලක්ෂණ ඇතිවේ. කඵජ අක්ෂි රෝගයන්හිදී ඇතිවන සියලුම රෝග ලක්ෂණ මෙහිදී පහළ වෙනු ඇත.
රක්තජ අභිෂ්‍යනන්දයේදී සියලු පිත්තජ අභිෂ්‍යන්ද ලක්ෂණ ඇති වේ. තඹපාට කබ, කඳුළු වැගිරීම, නේත්‍ර රත් පැහැවීම, රත් ඉරි ඇතිවීම ආදී රක්තජ අභිෂ්‍යනන්දයේ දී ඇතිවන ලක්ෂණ පහළ වේ.
අධිමන්තය
ප්‍රථමයෙන් දක්වන ලද අභිෂ්‍යන්ද සතරට නිසි ප්‍රතිකාරයක් නොලද විට කිපියාවූ දෝෂයන් අධිමන්ත බවට පරිවර්තනය වේ. එනම් අධික වේදනා ඇතිවීම, හිස පැළෙන්නාක් බඳුවීම ආදී පළමු, විස්තර කරන ලද අභිෂ්‍යන්ද සතරම උත්සන්න වීමෙන් ඒ ඒ ලක්ෂණයෙන්ම සිව් ආකාරයෙන්ම අධිමන්තයට පත්වේ.
කඵජ අධිමන්ථය සත් (7) රැයකින් ද රක්තජ අධිමන්තය පස් (5) රැයකින් ද වාතජ අධිමන්ථය සය (6) රැයකින්ද පිත්තජ අධිමන්ථය එකෙනෙහි හෙවත් තිස් පැයකින් ද තුන්රැයකින් ද ඊට පිළියම් නොකළහොත් දෘෂ්ටිය (පෙනීම) නැසෙන්නේයැ පැසවීමට ලක්වේ. මෙසේ සිදුවීමෙන් ළඟ ළඟ ඔසු යොදා දක්ෂ අක්ෂි වෛද්‍යවරුන්ගේ පිහිට පතා රෝගීන් සුවපත්වීමට උත්සාහ ගත යුතු වේ.
පාරම්පරික අක්ෂි රෝග
විශේෂඥ වෛද්‍ය
සුසිලා නාලිනී ගොඩලියද්ද