සිරුර අක්‍රීය කොට සදාකාලික රෝගියකු කරවන සීනි කෑම

ජූලි 15, 2022

අධික සීනි සහ පැණි රස කෑම නිසා ප්‍රබල රෝගයක් වන දියවැඩියාව වැළදේ. බෝ නොවන රෝග අතරින් දියවැඩියාවට හිමිවන්නේ ප්‍රමුඛතාවයකි. අනෙකුත් රෝග මෙන් නොව ඔබේ සිරුරෙහි ප්‍රධානතම ඉන්ද්‍රියයන් සියල්ලම හානි කිරීමේ ශක්තියක් දියවැඩියාවට ඇත.

ඒ අනුව දියවැඩියාව නිසා ඇස්, මොළය ස්නායු පද්ධතිය, වකුගඩු හා දෙපා විශේෂයෙන් අක්‍රීය වෙයි. වෙනත් රෝග මෙන් නොව කල්තියා වේදනාවක් උණක් හෝ වෙනයම් රෝගී තත්ත්වයක් හෝ දියවැඩියාවෙන් නොපෙන්වන නිසා තමාට දියවැඩියාව වැළඳී ඇත්දැයි කිසිවකුත් නොදනී. කෙසේ වෙතත් බොහෝ දෙනකු තමාට දියවැඩියාව ඇතැයි දැනගනු ලබන්නේ වෙනත් රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයෙකු වෙත ගොස් වෛද්‍ය සමීක්ෂණයක් කිරීමෙන් පසුවය. දියවැඩියාවට හේතුවන්නේ අධික සීනි සහ පැණි රස කදිමයි. එදිනෙදා ගන්නා ආහාර මඟින් ස්වභාවික සීනි හා අමතරව එකතු කරනු ලබන සීනි යන දෙවර්ගයම සිරුරට ලැබේ. සීනි ඉක්මනින්ම සිරුරට උරා ගන්නා අතර ශක්තිය ද ලබා දෙයි.

අද සමාජයේ වැඩිහිටියෝ මෙන්ම දරුවෝද සීනි කෑමට බෙහෙවින් ලොල් වී සිටිති. අපි එදිනෙදා ගනු ලබන ආහාර පානාදියෙන් ලැබෙන සීනි සිරුරට ප්‍රමාණවත්ය. මේ නිසා අමතරව සීනි ලබා දීම අවශ්‍යම නොවේ. ආහාර ගැනීමේදී සිරුරට ලැබෙන සීනි ගැනත් අවබෝධයෙන් සිටිය යුතුය. බොහෝ වෙළඳසැල්වල අලෙවි කරනු ලබන පැණී බීම බෝතල්වල අඩංගු සීනි ප්‍රමාණයක් සඳහන් කර ඇත. සීනි මිශ්‍ර කෑම හා සීනි පැණි මිශ්‍ර බීම මඟින් සිරුරේ තරබාරුකම නැතහොත් ස්ථුලතාවය දියවැඩියාව හා හෘද රෝග ඇතිවීමේ අවධානය පවතී. සිරුරට අවශ්‍ය වන ප්‍රෝටීන, මේද, විටමින් ඛනිජ හා තන්තු අප එදිනෙදා ගන්නා ආහාර මඟින් ලැබේ. මේ නිසා පිටතින් සීනිවල අවශ්‍යතාවයක් ඇති නොවේ. කොතරම් සීනි ප්‍රමාණයක් ගත යුතුද යන්න සංඛ්‍යාලේඛන මඟින් පෙන්වා දී ඇත. එහෙත් සමහර ගෘහිණියන්ට ඒ ගැන නිසි අවබෝධයක් නොමැත. රාජකාරි වැඩ නිමවා නිවෙස්වල යන සමහර මවුපියන් හා වැඩිහිටියන් දරුවන්ට ක්ෂණික බීම පැණි බීම හෝ සීනි කෑම, චොකලට් , ඩෝනඩ්, පැණි සීනි එක් කළ චොක්ලට් පලතුරුත් වැනිලා පලතුරු කේක්, පැණි ආප්ප , ආස්මි , කැවිලි වර්ග, පැණි වළලු, යෝගට් ආදී සීනි මිශ්‍රැති කෑම රැගෙන යයි. මේවායින් වන හානිය නොදන්නා අය පොඩි දරුවා පටන් වැඩිහිටියාට පවා කෑමට දෙයි.

රස කැවිලි හැදීමේදී පැණිවල ඝනත්වය වැඩි කර ගැනීම සඳහා සීනිත් මිශ්‍ර කර උණු කරයි. එසේ උණු කරගත් පැණි මුරුක්කු, පැණි වළලු, දෙල් පෙති, මඤ්ඤොාක්කා පෙති අල පෙති ආදියට ද එක් කර ගනිමින් රස කැවිලිත් සකස් කරයි. සමහර වෙළඳසැල්වල බත් පිසින විට බතට සීනි ස්වල්පයක් එක් කරයි. ඇබරැල්ලා වැනි එළවළුවලටත් සීනි මිශ්‍ර කරයි. කිරි බත් අනුභව කරන විට සීනි සමඟ අනුභව කරයි. රොටි අනුභව කරන විටත් සීනි එක් කරගනී. පාන් පෙතිවලට බටර් ගා ඒ මත සීනි දමා ආහාරයට ගනියි. උද් වරුවට බත් කන විට බත් පිඟානට ලුණු ඉස සීනි මිශ්‍ර කර පැණි රස වැඩි කර ගනිමින් බත් ඇනුභව කරයි. ඊට අමතරව සීනි සම්බෝල සකස් කිරීමේදී අධික ලෙස සීනි මිශ්‍ර කරයි. බේකරි කෑම බොහොමයකටම සීනි එකතු කර ඇත. සීනි බනිස්, කිබුලා බනිස්, වියන්රෝල් ඩබල් බනිස් පැණි ආප්පවලටද සීනි වැඩියෙන් යොදයි. රෝස් පාන් ආහාරයට ගන්නා විටත් පොල් සමඟ සීනි කලවම් කර රෝස් පාන් කන අයත් සිටියි.

අප නිතර ගන්නා ආහාර පාන කීහිපයක අඩංගු සීනි ප්‍රමාණය දක්වා ඇති අන්දමට මෙසේය. මෙහි අගය දක්වා ඇත්තේ තේ හැඳිවලිනි. ආසන්න වශයෙන් දක්වා ඇති එහි චොක්ලට් ග්‍රෑම් සියයක චොක්ලට් එකකට ග්‍රෑම් සියයක සීනි තේ හැඳි 14 ද වැනිලා අයිස් ක්‍රීම් ග්‍රෑම් සියයක සීනි තේ හැඳි 4 1/2ද පලතුරු කේක් ගෙඩියකට ග්රෑම් සියයක සීනි තේ හැඳි 6 3/4 ද යෝගට් ග්රෑම් සියකට සීනි තේ හැඳි 1 1/4 ද මිශ්‍ර කෙරේ. ආහාරයට ගන්නා ආහාරවල සීනි ප්‍රමාණය මේද බවට පත් වී සිරුරේ විවිධ තැන්වල තැන්පත් වී තරබාරුව ඇති කරයි. එමඟින් දියවැඩියාව හෘදයාබාධ අංශබාගය ආදී රෝග වැළඳීමේ අවධානම වැඩි කරයි. සීනි වැඩි වීමේ හේතුවෙන් රුධිර නාළවලට ද හානි වේ. ස්නායු ඇස් හා වකුගඩු ද දුර්වල වේ. පාදවල සුව නොවන තුවාල ඇති වීමෙන් කොටස් පවා ඉවත් කිරීමට සිදුවේ. දත් දිරායාම දත් වැටීම හා විදුරුමස් රෝගද හට ගනී. හෘදයාබාධ, වකුගඩු අක්‍රිය වීම අන්ධභාවය හා ආඝාතය වැනි රෝගවලට ද බලපෑම් ඇති කෙරේ. ඒ සියලු තත්ත්වයන්ටද හේතු වන්නේ අධික සීනි භාවිතයයි.

අප රටේ ජනගහනයෙන් සියයට පහළොවක් විස්සක් පමණ අය දියවැඩියා රෝගයට ගොදුරුව සිටිති. එම නිසා මෙම රෝග අප රටේ බෝ නොවන රෝග අතර ප්‍රධාන තැනට පත්ව ඇත. කෑමෙන් බීමෙන් නොසැලකිලිමත් භාවයෙන් නිතර සීනි ආහාරයට ගන්නා විට රුධිරගත සීනි තත්ත්වය ඉහළ යයි. මේ නිසා ශරීරයෙන් නිපදවන ඉන්සියුලින්වලින් රුධිරගත සීනි ඉවත් කර සෛලවලට යොමු කිරීමේ ක්‍රියාවලියේ කාර්යක්ෂමභාවය අඩු වේ. මේ නිසා එවැනි තත්ත්වයට පත්වන අය දෙවන ගණයේ දියවැඩියාවට ගොදුරු වේ. අපගේ දෛනික ජීවිතයේ වැදගත් සංඝටකයක් ලෙසට සීනි සඳහන් කළ හැකිය. සීනි වෙනුවට එදා අපේ පැරැන්නන් භාවිතා කරේ මී පැණිය. මී පැණි රස පමණක් නොව ආහාරවල රසය මෙන්ම ආහාර කල්තබා ගැනීමටත් පාවිච්චි කළහ. පොල් පැණි කිතුල් පැණි වැනි පැණි වර්ග ද ආහාරයට ගැනීමට අප පුරුදුව ඇත. එම පැණිවල අන්තර්ගතව ඇත්තේ සුක්රෝක්ස්ය. එමෙන්ම පැණිවල පවතින ආහාරමය තන්තු නිසා ග්ලයිසමික් බෙහෙවින් අඩුව පවතී. මේ නිසා පිරිසුදු කිතුල් පැණි හෝ ඒ ආශි‍්‍රත නිෂ්පාදන එතරම් අගුණ නොමැත.

මොණරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන

එස්.එස්.එස්. ප්‍රනාන්දු

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.