වකුගඩු රෝගය උග්‍ර වූ විට පානීය ජලය බලපාන අන්දම

මාර්තු 25, 2022

 

වකුගඩු මඟින් දේහ තරල / ජලය පිටවීම පාලනය කරයි. වකුගඩු රෝග උග්‍රවීමත් සමඟම දේහ තරල සමායෝජනය අඩපණ වී යයි. එනම් වකුගඩු රෝග උත්සන්න වීමත් සමඟ වැඩිපුර දේහ තරලය හෝ ජලය සිරුරෙන් පිට කිරීමට නොහැකි වෙයි. අප බීමට ගන්නා ජලය හා ආහාරයේ ඇති ජලය සිරුරට ඇතුළු වූ විට ප්‍රයෝජනයට ගැනීමෙන් පසු සිරුරට වැඩි අනවශ්‍ය ජලය වැඩි ප්‍රමාණයක් ඉවත් කරනුයේ මූත්‍ර ලෙසිනි. ඉතා සුළු ප්‍රමාණයක් දහදිය හා වාෂ්ප ලෙස පිටවේ. දිනකට මූත්‍ර ලීටර 1 1/2 ක් පමණ නිපද වේ. වකුගඩු අක්‍රීය වූ විට කාලයත් සමඟම මූත්‍ර නිපදවීම ක්‍රමයෙන් අඩු වී යයි.

 

මූත්‍ර නිපදවීම ඇනහිටීම

වකුගඩු රෝග හඳුනාගෙන යම් කාලයක් ගත වූ පසු මූත්‍ර නිපදවීම සම්පූර්ණයෙන් නතර වනු ඇත. මෙම කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. ඒවා සිරුරේ එක් රැස් වීමෙන් එම රෝගීන්ට විවිධ අපහසුතා ඇති වේ. ශරීරය ඉදිමීම, ශ්වසන හෙවත් හුස්ම ගැනීමේ අපහසුව ප්‍රධාන වශයෙන්ම ඇති වන අතරම, මෙම තත්ත්වය ජීවිත හානිය දක්වා උග්‍ර තත්ත්වයට පත්වීමට ද ඉඩ ඇත. එම නිසා වකුගඩු රෝගය ඇති අය ජලය පානය කිරීම සීමාකළ යුතු බවට වෛද්‍ය උපදෙස් විශේෂයෙන් ලැබේ. අද සමාජය වැඩිපුර ජලය පානය කිරීමට උනන්දු වී ඇති අතර, එමඟින් වකුගඩුවල සෞඛ්‍ය ආරක්ෂා වන බවට මතයක් පවතී. “ දිනකට වතුර වීදුරු 08 ක් පානය කරන්න. ” (නීරෝගී පුද්ගලයෙකු හට) මෙය

“ 8 ඔ 8 ” නීතිය ලෙස නම් කරයි. එනම් දිනකට වතුර අවුන්ස 8 ක් ඇති වතුර වීදුරු 8 ක් පානය කළ යුතුය යන්නයි. මෙම වැකිය තහවුරු කිරීමට අදට පවතින දත්ත ප්‍රමාණවත් නොවුණත් නීරෝගී පුද්ගලයින් ප්‍රමාණවත්

අයුරින් වතුර පානය කිරීමෙන් වකුගඩු රෝග 50 % කින් පමණ අඩු වී ඇති බව වාර්තා වෙයි. මෙය කෙසේ වෙතත් වකුගඩු දුර්වල වූ පුද්ගලයෙකු අධික ප්‍රමාණවලින් වතුර පානය කළහොත්

ජලය සිරුරේ එකතු වී ඉදිමීම ඇති වේ. (Water Inftoxication)  වකුගඩු රෝගවල මුල් අවධිවලදී දිනකට ගත යුතු දියර ප්‍රමාණය ලීටර 2 - 2.5 ක ප්‍රමාණයක් වේ.

මුත්‍ර රෝගවල පසු අවධිවලදී දිනකට පානය කළ යුතු ජල ප්‍රමාණය වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබන අතර, මෙය සාමාන්‍යයෙන් පෙර දිනදී පිටවන මුත්‍රා ප්‍රමාණයට 500 ථත එකතු කිරීමෙන් තීරණය කරනු ලබයි.

මුත්‍ර සම්පූර්ණයෙන් නැවතුණ ඩයලයිසිස් ප්‍රතිකර්මය ලබන අවසාන අවධියේ පසු වන රෝගීන් දිනකට පානය කළ යුතු ජලය 350 ථත - 400 ථත අතර ප්‍රමාණයකට සීමා කළ යුතුය.

 

ජලය පානය සීමාවීම

අප බීමට ගන්නා ජලය ආහාර මාර්ගයේදී රුධිර නාළවලට උරාගනී. එම ජලය සිරුරේ ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රයෝජනයට ගනී. වැඩිපුර ඇති ජලය මුත්‍රා ලෙස පිට කරයි. නමුත් වකුගඩු රෝගය උත්සන්න වූ විට මූත්‍රා පිට නොවේ. ඒ නිසා පානීය ජලය සිරුරේ එක්රැස් වේ.

මෙහිදී මුලින්ම රුධිර වාහිනී තුළට අවශෝෂණය වූ ජලය රුධිර ප්ලාස්මයේ සහ සෛල තුළ ඇති තරලය සමඟ සමතුලිතයක පවතී. තවදුරටත් ජලය වැඩිපුර පානය කළ හොත් ජල අතිරික්තයක් ඇති වී රුධිර ප්ලාස්මයේ සිට හා සෛල බිත්ති හරහා පිටතට ජලය ගමන් කරයි. එනම් අන්තර් සෛලීය අවකාශයේ තරලය පිරී යයි. එවිට සිරුරේ ඉදිමීම දක්නට ලැබේ. මෙම ක්‍රියාවලිය තවදුරටත් සිදුවීමේදී එනම් තවදුරටත් ජලය එක්රැස්වීමේදී එම ජලය ශරීර අභ්‍යන්තරයේ පිහිටි කුහරවලට කාන්දු වේ.

උදා :- පෙණහලු වටා ඇති ප්ලූරා කුහරය, පර්තානීය කුහරය

මෙයින් වඩාත්ම භයානක වනුයේ ප්ලූරා කුහරය තුළ ඇති තරලය එක්රැස් වීමයි.

නාස් මාර්ගය හරහා අප ශරීරය තුළට ගන්නා ශ්වසන වාතයේ ඇති ඔක්සිජන් වායුව අවශෝෂණය කර ගැනීමට මෙම ප්ලූරා කුහරයෙහි පිරී පවතින තරලය බාධාවක් වෙයි. එවිට මෙම රෝගීන්ට අධික ශ්වසන අපහසුවක් දැනෙන අතර, රුධිරගත ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වී මොළය, හෘදය වැනි ඉතා වැදගත් ඉන්ද්‍රියයන්ට ඔක්සිජන් සැපයීම අඩපණ වී යයි. මෙහිදී රෝගියා අසාධ්‍ය තත්ත්වයකට පත්වනු ඇත.

පරිතාන කුහරය යනු අපගේ උදර කුහරය තුළ ආමාශය, බඩවැල් ආදී අන්තරංග අවයව ගිලී ඇති මල්ලක් වැනි ව්‍යුහයකි. එය සුළු වශයෙන් තරලීය බවකින් යුක්තය. අන්තරංග අවයවවල ආරක්ෂාව හා පීඩන අවශෝෂණය කර ගැනීම සඳහා එය ස්වභාවික තරලයෙන් පිරී ඇත. රුධිර ප්ලාස්මයේ අධික ලෙස තරලය වැඩිවීමත් සමඟ එම තරලය පරිතාන කුහරයට කාන්දු වෙයි. එවිට උදර කුහරය මෙම තරලයෙන් පිරී විශාල වෙයි. එය “ ජලෝදරය ” නමින් හඳුන්වයි.

ඊට අමතරව මෙම අතිරික්ත තරලය හේතුවෙන් හෘදයේ ක්‍රියාකාරීත්වයට බාධා පැමිණේ. එනම් හෘදය හා රුධිර නාළ තුළ අධික ලෙස තරලය පිරී තිබීම නිසා රුධිර පීඩනය ද ඉහළ යයි. මෙවිට හෘදයේ බිත්ති ඇදීමකට ලක් වී කාලයත් සමඟම හෘදය විශාල වේ. මෙය ඛ්ඒඅච්ධ්ර්‍ණර්ඡ්ට්ඒඹ්ක ලෙස හඳුන්වයි. තවදුරටත් මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීමේදී හෘද බිත්තියේ රෝග තත්ත්ව වල හෘද කපාටවල ඇතිවන රෝග තත්ත්ව හා සම්පූර්ණ රුධිර වාහිනී පද්ධති තුළ ද රෝගී තත්ත්ව හටගනී.

මේ අනුව වකුගඩු රෝගය සහිත පුද්ගලයකු අධික ලෙස ජලය හෝ තරල (දියරමය ආහාර) පානය කිරීම නුසුදුසුය. මුත්‍රා පිටවීම සම්පූර්ණයෙන්ම නතර වී හෝ ඉතාම අඩු ප්‍රමාණයකින් පිට වේ නම් දිනකට ගන්නා තරලය සීමා කළ යුතු වේ.

දැනටමත් රුධිර කාන්දු පෙරණ හෙවත් ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන රෝගියෙකුගේ දේහ තරලය සෑම ඩයලයිසිස් වාරයකම සුදුසු ප්‍රමාණයක් ඉවත් කරනු ලැබේ. නමුත් එම ඉවත් කරන තරල ප්‍රමාණය සීමාසහිත ප්‍රමාණයක් වන අතර, එය රුධිර පීඩනය මත රඳා පවතී. එනම් රුධිර පීඩනය අඩු අවස්ථාවලදී මෙම රුධිර කාන්දු පෙරණය සීමාසහිත වේ.

මෙසේ ඉවත් කළ හැකි තරල පරිමාව ද සීමා වෙයි. එමනිසා මෙම වකුගඩු රෝගීන් ජලය පානය කිරීම වෛද්‍ය උපදෙස් අනුව සීමා කළ යුතුය.

වකුගඩු රෝගියෙකු ජලය පානය කළ යුතු ක්‍රමවේද

පානය කළ යුත්තේ තිබහට පමණි. පුරුද්දක් ලෙස හෝ නිකරුණේ ජලය හෝ වෙනත් බීම වර්ග පානය නොකළ යුතුය.

මනා ඉවසීමක් හා ස්වයං පාලනයක් ඇති කර ගත යුතුය. සිරුරේ ජලය එක්රැස් වීම වැඩි වන වාරයක් පාසාම ජීවිතය අවදානම් පැත්තට ගමන් කරන බව සිතමින් මනා හික්මීමකින් යුතුව ජලය පානය කිරීම සීමා කළ යුතුය.

විටින් විට වතුරෙන් කට සෝදා දැමීම හොඳය.

ගන්නා ආහාරවල ලුණු, තුනපහ අවම කිරීම යහපත්ය.

පෙඟවූ රෙදි හෝ අයිස් කැටවලින් වියළි තොල් පිස දැමීම.

දියවැඩියාව ඇති රෝගියෙකු නම් සීනි මට්ටම පාලනය කර ගැනීම මඟින් පිපාසය මඟහරවා ගත හැක.

දිනකට දත් මැදීම තුන් හතර වරක් සිදු කිරීමෙන් මුඛය වියළීමෙන් වළකාගත හැකිය.

ඖෂධ පානය කිරීමේදී වතුර අවම වශයෙන් භාවිතා කිරීමට පුරුදු වීම.

දිනකට පානය කළ යුතු ජල පරිමාව දවස ආරම්භයේදීම බෝතලයක දමා තබා එම ප්‍රමාණය පමණක් පානය කිරීමට වග බලා ගත යුතුය.

තේ, කිරි තේ වැනි දෑ පානය කරයි නම් එම ප්‍රමාණය ද දියර සේ සැලකිය යුතුය. එසේම එම තේ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් දිනකට ගත යුතු තරල පරිමාවෙන් අඩු කළ යුතුය.

දිනකට පානය කළ යුතු තරල ප්‍රමාණය පිළිබඳව වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය. මුත්‍රා සම්පූර්ණයෙන් පිට නොවන අයකු නම් දිනකට 350 ථත - 450 ථත ක ප්‍රමාණයකට සීමා කළ යුතුය.

 

 

 

මෙසේ ඉවත් කළ හැකි තරල පරිමාව ද සීමා වෙයි. එමනිසා මෙම වකුගඩු රෝගීන් ජලය පානය කිරීම වෛද්‍ය උපදෙස් අනුව සීමා කළ යුතුය.

වකුගඩු රෝගියකු ජලය පානය කළ යුතු ක්‍රමවේද

පානය කළ යුත්තේ තිබහට පමණි. පුරුද්දක් ලෙස හෝ නිකරුණේ ජලය හෝ වෙනත් බීම වර්ග පානය නොකළ යුතුය.

මනා ඉවසීමක් හා ස්වයං පාලනයක් ඇති කර ගත යුතුය. සිරුරේ ජලය එක්රැස් වීම වැඩි වන වාරයක් පාසාම ජීවිතය අවදානම් පැත්තට ගමන් කරන බව සිතමින් මනා හික්මීමකින් යුතුව ජලය පානය කිරීම සීමා කළ යුතුය.

විටින් විට වතුරෙන් කට සෝදා දැමීම හොඳය.

ගන්නා ආහාරවල ලුණු, තුනපහ අවම කිරීම යහපත්ය.

පෙඟවූ රෙදි හෝ අයිස් කැටවලින් වියළි තොල් පිස දැමීම.

දියවැඩියාව ඇති රෝගියකු නම් සීනි මට්ටම පාලනය කර ගැනීම මඟින් පිපාසය මඟහරවා ගත හැක.

දිනකට දත් මැදීම තුන් හතර වරක් සිදු කිරීමෙන් මුඛය වියළීමෙන් වළකාගත හැකිය.

ඖෂධ පානය කිරීමේදී වතුර අවම වශයෙන් භාවිතා කිරීමට පුරුදු වීම.

දිනකට පානය කළ යුතු ජල පරිමාව දවස ආරම්භයේදීම බෝතලයක දමා තබා එම ප්‍රමාණය පමණක් පානය කිරීමට වග බලා ගත යුතුය.

තේ, කිරි තේ වැනි දෑ පානය කරයි නම් එම ප්‍රමාණය ද දියර සේ සැලකිය යුතුය. එසේම එම තේ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් දිනකට ගත යුතු තරල පරිමාවෙන් අඩු කළ යුතුය.

දිනකට පානය කළ යුතු තරල ප්‍රමාණය පිළිබඳව වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය. මූත්‍ර සම්පූර්ණයෙන් පිට නොවන අයකු නම් දිනකට 350 ථත - 450 ථත ක ප්‍රමාණයකට සීමා කළ යුතුය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.