දියවැඩියා රෝගියකුට වුවත් අලිගැටපේර ‍ෙහාඳ පලතුරක්

ජනවාරි 14, 2022

අලිගැටපේර කිවූ පමණින් එහි රසය ගැන ඔබේ මතකයට නැගෙනු වැළකිය නොහැකියි. “ කීයක් දීලා හරි කන්න වටින පලතුරක් ” වන අලිගැටපේර වල පෝෂණය සමහරු හරිහැටි නොදන්නාකමින් එය සමහරු ප්‍රතික්ෂේප කරන පලතුරක් වෙන්නත් පුළුවන්.වාර්ෂික බෝගයක් (හැමදාම ඵල දරණ) නොවූණත් ලැබෙන විටෙක අත නොහැර කන්න තරම් වටින ඉස්තරම් පෝෂණ ගුණ සහිත අලිගැටපේර ගැනයි මේ තොරතුරු.

 

මූලික පෝෂණ ගුණ

බහුල වශයෙන් මේදය අඩංගු වන නමුත් එම මේදය අතරින් අලිගැටපේර වල බහුලවම ඇත්තේ “ අසංතෘප්ත මේදය ” වන අතර එහි කොලෙස්ටරෝල් සහ අහිතකර මේද වර්ගයක් වන ට්‍රාන්ස් ෆැට් (ඊපචදඵ ජ්චබ) අඩංගු නොවේ.මෙහි අඩංගු කාබෝහයිඩ්රේට් වල බහුලවම සෞඛ්‍යයට හිතකර කෙඳී වර්ග වලින් යුක්ත වීම හා අවම සීනි ප්‍රමාණයක් අඩංගු වීම විශේෂිතය.

එමෙන්ම වෙනත් විටමින් සහ ඛනිජලවණ වලින් පොහොසත් පලතුරක් ලෙස අලිගැටපේර දැක්විය හැකිය.පලතුරු අතරින් වැඩිම ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් සහිත පලතුරක් වන අලිගැටපේර වල ෆිනොලික්ස් සහ ෆයිටෝස්ටේරෝල් (ර්‍ථඩඥදධතඪජඵ චදඤ ර්‍ථඩරබධඵබඥපධතඵ) බහුලව දැකිය හැකි වීම මෙහි පෝෂණ ගුණය තවත් ඉහළ නංවයි.එමෙන්ම පොටෑසියම්, මැග්නීසියම්, විටමින් ඒ, බී, සී, ඊ, කේ (ඍඪබ ඒ, ඕ, ඛ්, ඡ්, ම්) සහ ෆොලේට් (ජ්ධතචබඥ) සුලබ ප්‍රභවයක් ලෙස අලිගැටපේර සැලකිය හැකිය.

 

හිතකර මේදයෙන් පරිපූර්ණයි

අසංතෘප්ත මේදය අඩංගු බැවින් තරබාරු බව අඩුකිරීම සඳහා භාවිතා කරන කෑම වට්ටෝරුවලදී අහිතකර මේදය සහිත කෑම වෙනුවට අලිගැටපේර යොදා ගත හැකිය.නිරෝගී වැඩිහිටියෙකුගේ දිනකට අවශ්‍ය මේද ප්‍රමාණයෙන් අඩක් පමණ සපුරා ගැනීමට දිනකට අලිගැටපේර ගෙඩියක් කෑමට ගැනීම සෑහෙන අතර එය රසවත් කිරීම සඳහා අමතරව සීනි එක් නොකිරීමට වගබලා ගත යුතුය.

එහි අඩංගු හිතකර මේද වර්ග මගින් උදර ප්‍රදේශයේ මේද තැන්පත් වීම අඩු කිරීමට ඇති හැකියාව විශේෂ කොට සැලකිය හැකිය.එබැවින් වර්ථමානයේ සමහරුන්ට බහුලව දැකිය හැකි අධික රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව ආදී රෝගී තත්ත්වයන්ට හේතුවන තරබාරුකම සහ ස්ථූලතාවය පාලනය කිරීමට මෙම පලතුර මනා සේ පිටිවහලක් වනු ඇත.

අප වයසට යාම තීරණය වනුයේ සෛල වල ඇති ඩී එන් ඒ (ච්ව්ඒ) වල පැවැත්ම මතය.එහිදී සිරුරේ සෑදෙන ඔක්සිකාරක මගින් ඩී එන් ඒ (ච්ව්ඒ) වලට හානි පමුණුවයි.මෙය වැළැක්විය හැකි ප්‍රතිඔක්සිකාරක බෙහෙවින් අඩංගු අලිගැටපේර පරිභෝජනයට ගැනීම දිගු ආයු කාලයක් ලබා ගැනීමට උදව් වන බව හඳුනාගෙන ඇත.

 

හන්දිවල කාටිලේජ් ශක්තිමත් කරයි

විශේෂයෙන් කාන්තාවන්ට වයස්ගත වන විට වැළඳෙන ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට හේතුවන්නේ සන්ධිවල කාටිලේජ දිරායාම හෝ කැඩීයාමය.අලිගැටපේර වල අඩංගු ලූටන් හා සැන්තින් ඹ්භබඥඪද සහ ඛඥචයචදබඩඪද මගින් කාටිලේජ ශක්තිමත් කර මෙම රෝගී තත්ත්වය මග හරවයි.එමෙන්ම මෙම ඹ්භබඥඪද සහ ඛඥචයචදබඩඪද මගින් ඇසේ සෛල ආරක්ෂා කරන අතර හිතකර මේද සමග එක්වී වයසට යන විට වැළඳෙන අක්ෂි රෝගද මෙමගින් මැඩපවත්වයි.

අනෙකුත් පලතුරු හා එළවළු වල අඩංගු ඇසේ පෙනීමට අවශ්‍ය කැරොටිනොයිඩ (ඛ්චපධබඥදධඪඤ) අවශෝෂණයට ද මෙය මනා පිටිවහලක් සපයයි.සමට අහිතකර අල්ට්‍රා වයලට් කිරණ සහ විකිරණ මගින් සම ආරක්ෂා කොට අවපැහැවීම සහ සමේ පිළිකා තත්ත්ව වැළැක්වීමටද අලිගැටපේර වල අඩංගු ඉහත කී සංඝටක උපකාරී වේ.

 

පිළිකා තත්ත්ව මැඩලයි

අලිගැටපේරවල පිළිකා නාශක සංඝටක අඩංගුයි.ඛ්චපධබඥදධඪඤඵ, ඊඥපනඥදධඪඤඵ, ච් - ථචදදධඩඥනබභතධඵඥ, ර්‍ථඥපඵඥදධදඥ ඒ චදඤ ඕ, ර්‍ථඩඥදධතඵ සහ ට්තභබචබඩඪධදඥ ආදී කොටස් මෙම පිළිකා නාශක ගුණයට බෙහෙවින් හේතුවේ.දැනට ලංකාවේ පිළිකාවල වර්ධනයක් පෙන්නුම් කරන පසුබිමක මෙවන් ආහාරයක් එදිනෙදා කෑම වේලට පසු අතුරුපසක් ලෙස මෙන්ම ඉදිණු අලිගැටපේර සලාදයක් ලෙසද එක්කර ගැනීම ඉතාම යහපත්ය.

 

සටහන

කීර්ති එස්.කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.